IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාල වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය 4 ක් අත්අඩංගුවට

(එම් කේ නන්දසේන)

යාල ජාතික වනෝද්‍යානයේ සතුන් මරා විකුණන දඩයක්කරුවන් හතර දෙනෙකු  ජීප් රථයක් සහ දඩයම් කිරීමට යොදාගත් බව කියන බෝර දොළහ වර්ගයේ පතරොම් තුවක්කුවක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි.

යාල ජාතික වනෝද්‍යානයේ ඔන්ඩච්චි සංචාරක නිකේතනයට ඇසුනු වෙඩි ශබ්දයක් අනුව බැඹව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් බන්දුවැව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ඇත.

වනජීවී නිලධාරීන් එම පිරිස පැමිණෙන මාර්ගයේ රැකවල්ලා සිටි බවත් සැකකරුවන් පැමිණි ජීප් රථය වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා පලා යාමට උත්සහ කළ බවත් පසුව වනජීවී නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලකර සැකකරුවන් පලා ගිය බවත් වනජීවී නිලධාරීන් ද එම ජීප් රථයට වෙඩි තබා ඇති බවත් එම නිලධාරීහු පැවැසූහ.

සැකකරුවන් පලා ගිය ජීප් රථය තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇති අතර වනජීවී නිලධාරීන්ට වෙඩි තැබූ බව කියන බෝර 12  වර්ගයේ තුවක්කුව රන්මිණි තැන්න ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව තිස්සමහාරාම පොලිසිය කීය.

මෙම පිරිස දඩයම් කරන ලද වන සතුන්ගේ මස් සොයා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් හා පොලිසිය පරීක්ෂණ අරම්භ කර ඇති බව තිස්සමහාරාම පොලිසිය පැවැසීය.



අදහස් (0)

යාල වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site