IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යතුරුපැදිකරු යටකර කපාකොටා මරා දමයි

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයකින් යතුරුපැදි දෙකක් යටකර යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාරවී ඇතැයි නාරම්මල පොලිසිය කියයි.

තම බිරිදගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කළ බව පොලිසියට බාරවූ පුද්ගලයා පොලිසියේදී පාපොච්චාරණය කර ඇත.

කලක සිට තිබූ මෙම ආරවුල හේතුවෙන් ගැටුම ඇතිවී තිබෙන බවට පොලිසිය සදහන් කරයි. කාර් රථයෙන් පැමිණි පුද්ගලයාට සහ යතුරුපැදි වලින් පැමිණි අය හැකිනම් හමුවන ලෙස එකිනෙකාට අභීයෝග කරගෙන ඇති අවස්ථාවක අද සවස 4.30 ට පමණ රඹාවැව නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේ දී එකිනෙකා හමුවී ඇත.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය යටකර දමා තමා සමග ආරවුල ඇති පුද්ගලයාව කපා කොටා මරාදමා ඇත. යතුරු පැදිවල පැමිණි තවත් දෙදෙනෙකු පලාගොස් ඇති බවද පොලිසිය කියයි.

කාර් රථයෙන් පැමිණි පුද්ගලයා පහමුනේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක අයෙකි. මියගිස් ඇත්තේ වයස අවුරුදු 39 ක කිලින්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා ඊයේ සවස ස්ථානය පරීක්ෂා කර බලා මියගිය අයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා යැවීමට පොලිසියට නියෝග කළේය.

මියගිය පුද්ගලයා ගේ සිරුර කටුපොත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.



අදහස් (23)

යතුරුපැදිකරු යටකර කපාකොටා මරා දමයි

Perera Wednesday, 03 March 2021 05:54 PM

නීතියේ ආධිපත්‍යය පිරිහෙනකොට මිනිස්සු නීතිය අතට අරන් තමන්ට යුක්තිය ඉෂ්ඨ කරගැනීම වැළැක්විය නොහැක.

:       2       29

සෙනෙවිරත්න Wednesday, 03 March 2021 07:04 PM

මේවා දුරදිග යන එකට සම්පූර්ණයෙන් වගකීම පොලීසිය බාර ගතයුතුයි.

:       1       28

BamunuarachchiSaturday, 06 March 2021 02:23 AM

මිනිස්සු පටන් ගන්නා කුපාඩි වැඩ ( කුපාඩි වැඩ කියන්නේ නරක වචනයක් නොවෙයි අනංග වැඩ කියන තේරුමයි තිබෙන්නේ. කුපාඩි. හැදෙන්නේ ඉංග්‍රීසියෙන් කුපිඩ් හෙවත් අනංගයා කියන වචනෙන්) වලට පොලිසිය මුල්වෙන්නේ නැහැ. කුපාඩි වැඩ වනකර ගත්තාම පොලිසියට අත දමන්න වෙනවා.

:       0       0

Ruhunu Wednesday, 03 March 2021 08:20 PM

ලංකාවට ගිය කලක්...!!!

:       1       15

රාජුන් Wednesday, 03 March 2021 09:16 PM

රටක නීතියක් නැතිවුණාම, තම තමන් නීතිය අතට ගන්න එක අහන්නත් දෙයක්ද?

:       1       24

Raveendra Thursday, 04 March 2021 01:56 AM

නියඟලා පැළ රෝපණය කර ඖෂධීය බෙලි අස්වැන්නක් බලාපොරොත්තු වන්නේ කෙසේද?

:       0       19

Bamunuarachchi9 Thursday, 04 March 2021 02:11 AM

මට නම් වැඩේ සාධාරණයි.. අනික් අයට කොහොමද දන්නේ නැහැ. මේවා උසාවි ගිහිල්ලා විසඳන්න පුළුවන් ඒවා නොවෙයි. විසඳෙන්නේ මෙහෙමයි.

:       3       24

RaveendraThursday, 04 March 2021 04:00 PM

ඇත්තෙන්ම මේ පරයන් එම දඬුවමට අයිතිවාසිකම් ලබපු කාලකන්නි. අපරාදේ අනිත් දෙන්නටත් ඇඩ්‍රස් නැති වෙන්නම දෙන්න තිබුණු අවස්ථාව නැතිවීම...

:       0       6

ලක්ෂිත Thursday, 04 March 2021 02:28 AM

කොරෝනා අස්සේ ගෑනු ප්‍රශ්නත් දාගෙන..

:       1       10

මෝ Thursday, 04 March 2021 02:54 AM

මේකේ වැරැද්දක් පේන්නේ නෑ. ඔය වගේ අය හරියට ඉන්නවා. මේ වගේ දඬුවම් ලැබිලාවත් ඔය විදියේ අසික්කිත වැඩ කරන අය පාඩම් ඉගෙන ගත්තොත් හොඳයි...

:       1       37

janahitha Thursday, 04 March 2021 03:46 AM

උසාවියේදී මෙම ඝාතනය නොකළ බව කියන්න පුළුවන්. මියගිය පුද්ගලයාගේ ක්‍රියාකලාපය ඉතාම පහත්... ඔහු මිය ගියේ එම නිසා විත්තිකරුට නීතියේ සහාය ලබාදිය යුතුය. මේවාට නීතියෙන් පිළිසරණක් නැති බව සිතන නිසා මිනිසුන් මෙවැනි දේට පෙළඹෙනවා.

:       0       29

බණ්ඩා Thursday, 04 March 2021 05:32 AM

මම පැහැදිලිව කියනවා. දිගු කාලීන යුද්ධ, කල කෝලාහල, මිනීමැරුම් සහිත සමාජය විසින් දැන් දැන් ප්‍රතිඵල වශයෙන් මෘගයන් වැනි මිනිසුන් බිහිකරමින් ඉන්නවා. මේ තත්වය වහාම පාලනය නොකළොත් රටම ලේ විලක් වේවි. මානසික ලෙඩ, පී.ටී.එස්.ඩී, අවපාත තත්වයන් මිනීමරුවන්, අපරාධකරුවන් බිහි කරනවා. ජාත්‍යන්තර උදව් ඕනේ වේවි...!!! 

:       5       15

fairoos Thursday, 04 March 2021 08:04 AM

අම්මෝ කියනකොටත් ඇඟ හිරිවැටෙනවා... දැන් මිනිස්සුන්ට ආතතිය වැඩිවෙලාද? නැතිනම් මොලේ අවුල්ද දන්නේ නැහැ...

:       2       10

Srinath Thursday, 04 March 2021 08:41 AM

අරුන්ව මරන්න වටිනවා තමයි. පව් නිකන් මනුස්සයෙක් ජීවිතේ කාලකන්නි කර ගත්තා. ලංකාවේ නීතියෙන් පිළිසරණක් තියෙනවා නම් මිනිස්සු මෙහෙම කරන්නේ නෑ නේ. නීතිය බල්ලට ගියාම මිනිස්සු නීතිය අතට ගන්නවා. අර පැනලා ගිය බල්ලන් දෙන්නාවත් මරලා නොදැම්මොත් තව මිනිස් ජීවිත කාලකන්නි කරාවි...

:       1       38

beau Thursday, 04 March 2021 09:38 AM

කාලකණ්ණි කරන වැඩ... හොඳ පාඩමක්...

:       1       26

පිටිගල මිලානෝ Thursday, 04 March 2021 10:14 AM

චිකාගෝ.... චිකාගෝ....!

:       4       8

kapila Thursday, 04 March 2021 11:48 AM

අපේ සමහර උදවිය ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩගන්නේ හරියට වඳුරට දැලි පිහිය හම්බ වුණා වගේ තමයි.

:       2       17

සුමේධ හිමි Thursday, 04 March 2021 01:55 PM

ඔය වගේ අසික්කිත වැඩ කරන්නේ බයියන්. ඔවුන්ට ස්මාර්ට් ෆෝන් එකක්, ඉන්ටර්නෙට් තියෙන පරිගණකයක් අහුවුනොත් මොනවා හරි ජරා වැඩක් කරලා සතුටු වෙනවා. පැනලා ගිය පිස්සන් දෙන්නටත් වැඩක් දිය යුතුයි.

:       4       17

ravinThursday, 04 March 2021 05:59 PM

එහෙමයි අපේ හාමුදුරුවනේ...!!!

:       0       3

RaveendraFriday, 05 March 2021 05:56 AM

අවසරයි අපේ හාමුදුරුවනේ..!!! "බයියන්" ලෙස සඳහන් කලේ කිනම් ජන කොට්ඨාශයක්ද යන්න දැන ගැනුමට කැමැත්තෙමු. මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව ඔබ වහන්සේ ගිහියන් වන අපට වඩා හොඳින් ප්‍රගුණකර ඇතැයි අප තරයේ විශ්වාස කරන්නෙමු. එනමුත් ගිහියන් වන අප යමක් දෙස මධ්‍යස්ථව සිතීමට හොඳින් හැකියාව ඇති බව සඳහන් කරන්නෙමු. ඒ අප කිසිදු කාලකන්ණි පක්ෂයක පක්කලියන් නොවන බැවිනි. අප කිසිවක් දෙස රටේ තිබෙන "කාලකන්නි" රතු, කොළ, නිල් පක්ෂවලට ගැති නොවී අදහස් ප්‍රකාශ කරන්නේ එ නිසාවෙනි. සරලව පවසන්නේ නම් අප ඒ කිසිඳු පක්ෂයකින් යැපෙන්නන් නොවන බැවිනි. චීවරයට අප සිත්තුළ ඇත්තේ ඉමහත් වූ භක්තියකි. ගෞරවයකි. පූජ්‍ය පක්ෂයේ පරම වගකීම මෙන්ම යුතුකව සමාජය යහමගට ගෙනඒමට අනුශාසනා කිරීම, උපදෙස් ලබාදීම ලෙස නූගත් අප තරයේ විශ්වාස කරන්නෙමු. ලෝකයේ පක්ෂග්‍රාහි පුරවැසියන් සිටිනා කිනම් හෝ රටක් දියුණු වී ඇද්ද නැද්ද යන්න සොයා බැලීමේදී ශ්‍රී ලාංකීය අප මොනතරම් මෝඩ තකතීරුවන්ද යන්න අපටම වටහා ගැනුමට අමුතුම ඥාණයක් අවශ්‍ය නැති බව අප විශ්වාස කරන්නෙමු. අපගේ මෙම මෝඩ අදහස්වලින් ඔබ වහන්සේට කිසිඳු අපහසුතාවයක් නොදැනුණා යයි අප විශ්වාස කරන්නෙමු.

:       1       3

BamunuarachchiSaturday, 06 March 2021 02:27 AM

හාමුදුරුවනේ, ඔබේ සිල්වත්කම, සංවරකම කොපමණද කියා අපිට මොනවට පැහැදිලි වෙනවා. දන් වේලක් ලැබුණාම බයියන්ගෙන්ද කියා සොයා බලනවාද?

:       0       0

banda Thursday, 04 March 2021 10:01 PM

මේ අයට හම්බවෙලා තියෙන්නේ නියම දඬුවම. පැනලා ගියපු දෙන්නටත් එහෙම වෙන්නයි ඕනෑ.

:       0       2

pakeer Friday, 05 March 2021 03:56 AM

නියම දඬුවම... ගෑණු නම් මෝඩයි. ආදරෙයි කිව්වාම සේසතම දෙනවා. එහෙම කියලා ඒ අයව මරන්නයි, පින්තූර පෙන්නන එකයි තියෙන්නේ. කැතම කැත වැඩක්. මහ හෙණ ගහන අපරාධ... අත්අඩංගුවට ගත්ත එක්කෙනාව ඉක්මණින් බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 323 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 748 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 592 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1427 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2907 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1877 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site