IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුහුණු ආවරණ නොමැති 85කට දැඩි අවවාද

(අනීෂා මානගේ)

තංගල්ල නගරයේ සහ නගරය අවට ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මුහුණු ආවරණ නොමැතිව සිටි 85 දෙනකුට දැඩි අවවාද කිරීමට තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරිහු අද (15) ක්‍රියා කළහ.

තංගල්ල නගරය සහ නෙටොල්පිටිය, කුඩාවැල්ල, විතාරන්දෙණිය යන ප්‍රදේශවලට පොලිස් නිලධාරින් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙම පරීක්ෂාව සිදුකෙරිණි.

යතුරුපැදි, පාගමනින් ගමන් කරන පුද්ගලයන්, බස්රථ සහ ත්‍රීරෝද රථවල ගමන් කරන අයවලුන් මෙලෙස පරීක්ෂා කළ අතර මුහුණු ආවරණ නොමැතිව සිටි අය 85 දෙනකු හඳුනාගැනීමට එහිදී හැකිවිය.

පොලිස් නිලධාරින් මෙම පුද්ගලයන්ට දැඩි ලෙස අවවාද කළ අතර මුහුණු ආවරණ පැළද ගැනීමට ඔවුන් දිරිමත් කිරීම සිදුකෙරිණි.



අදහස් (3)

මුහුණු ආවරණ නොමැති 85කට දැඩි අවවාද

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 July 2020 07:19 AM

බොහෝ මිනිසුන්, බෙහෙත් නොමැති ඇසට නොපෙනෙන, මෙය භයානක වෛරසය ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මුහුණු ආවරණය බොහෝවිට දමන්නේ නිකටට හෝ නහයෙන් පහතට සමහරු බෙල්ලටද දමාගෙන යනු පෙනේ.. මේවාට දැඩි පියවර ගත යුතුයි. නැතහොත් වෛරසය තවතවත් ව්‍යාප්ත වීමට පුළුවන්...

:       0       107

Sivam Wednesday, 15 July 2020 08:16 AM

ආදර්ශමත් වියයුතු විනයගරුක විය යුතු ඉහළම නායකත්වයම අමුඅමුවේ නීති කඩනවා නම් සාමාන්‍ය මහජනතාවට විතරක් නීතිරීති බලාත්මක කිරීමෙන් වෙන්නේ විහිළුවක් විතරයි. පොදු ප්‍රවාහනයම අච්චාරුවක් වෙලා. මුඛආවරණ නිකට ආවරණ වෙලා. අත්සේදුම් දියර හා වතුර නැති සින්ක් විතරක් ඉතුරු වෙලා...

:       35       105

චාමර Wednesday, 15 July 2020 09:26 AM

මුහුණු ආවරණ නොමැතිව යා හැක්කේ මැතිවරණ රැස්විම්වලට පමණක් බව මේ මිනිස්සුන්ට කියලා දෙන්න කවුරුත් නැද්ද?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site