IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මුලතිව් - කෝකිලායි පවුල් 300 ක් ආරක්ෂිත ස්ථානවලට

 

(වන්නි රොමේෂ් මධුෂංඛ)

බුරවි සුලි කුණාටුව බලපෑම හේතුවෙන් මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට කටයුතු කල බවට මුලතිව් පොලීසිය පවසයි.

කෝකිලායි ප්‍රදේශයේ මෙන්ම මුහුද ආසන්නයේ පිහිටි නිවාසයන්හි පදිංචි පවුල් 300 කට ආසන්න පිරිසක් මෙලෙස කොක්කුතුඩුවායිහි පාසල් දෙකක් වෙතට රැගෙන යාමට පොලීසිය සහ යුද හමුදාව පියවර ගෙන ඇති අතර ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට ආපදාකලමනාකරන නිලධාරීන් පියවර ගෙන ඇත.

එමෙන්ම කෝකිලායි ගම්මානයේ ජනතාව ඉවත් කිරීම හේතුවෙන් ගම්මානයේ නිවාස ආරක්ෂාව සඳහාද පොලීසිය සහ යුද හමුදාව යොදවා ඇති බවටද මුලතිව් පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් කෝකිලායි ප්‍රදේශයට මේ වන විට වර්ෂාව ඇදහැලෙන අතර සුලි කුණාටුවේ බලපෑම දැඩි ලෙසින් බලපා නොමැති බවටද එහි වැසියන් වැඩි දුරටත් පවසා සිටිති.

මේ අතර මුලතිව් මුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයටද විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා සිදුවූ අතර ආරක්ෂක අංශ වල මැදිහත්වීමෙන් ගස ඉවත් කොට ගමනාගමන කටයුතු යථා තත්වයට පත් කරන ලදි.

කෙසේ වෙතත් මුලතිව්හි බුරවි සුලි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට පත්වන පුද්ගලයින්ට සහන සැලසීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුදහමුදාව සහ ආපදාකලමනාකරන නිලධාරීණ්ද මේ වන විට සීරුවෙන් සිටියි.



අදහස් (0)

මුලතිව් - කෝකිලායි පවුල් 300 ක් ආරක්ෂිත ස්ථානවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site