IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මුදල් ගිලින රකුසෙක් ගැන පී.බී.කියයි

(යොහාන් භාසුර)

ශ‍්‍රී ලංකාව ඉන්දන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි ලක්‍ෂයක් වැය කරන්නේ යැයි මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්, වර්තමාන ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා පවසයි.

ඉන්දන ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 5000 ක් (රුපියල් බිලියන 1000) වැය කිරීමට සිදුවී ඇති බවත් එම තත්ත්වය ආනයන සහ අපනයන පරතයට වැඩි වීමට වඩාත් බලපෑම් කර ඇති බවත් ජයසුන්දර මහතා කියයි.

ශ්‍රී ලංකාවට විදේශ විනියම ලැබෙන ප‍්‍රධානම අපනයන මාර්ග දෙක වන ඇගළුම් සහ තේ අපනයනයෙන් වසරකට ලැබෙන ශුද්ධ විදේශ ආදායමට වඩා වැඩි මුදලක් ඉන්දන සඳහා වැය වන බවත් එම ඉන්දන බලශක්තිය සහ ප‍්‍රවාහනය සඳහා යොදාගන්නා බවත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

 



අදහස් (18)

මුදල් ගිලින රකුසෙක් ගැන පී.බී.කියයි

Lakmal Friday, 09 April 2021 02:42 AM

ඩීසල් වලින් විදුලිය නිපදවීම සම්පූර්ණයෙන් නවතා තව ගල් අගුරු බලාගාරයක් ඉදි කරන්න. තෙල් නිපදවන රටවල් පවා විදුලිය නිපදවන්නෙ ගල් අගුරු වලින්.

:       5       83

මුදිත Friday, 09 April 2021 02:48 AM

ඔය කියන්නේ ආපහු ගොන් කරත්ත භාවිතා කරන්න කියලනේ. හරි සර් වැඩේ පටන් ගමු. කොහොමත් අපි හැටනව ලක්ෂයේ උදවිය නොවැ

:       31       29

ruwan Friday, 09 April 2021 02:59 AM

ඔය ගමන් ම ණය පොලි කොච්චර ගෙවානවද කිව්වනම් කොහොමද? මට නම් හිතෙන්නේ ලංකාවේ ගැටලුව තියෙන්නේ මුං ඇටවල වත් තෙල්වල වත් වාහන වලවත් නෙවි. අධික විදේශ ණය වල. මේ ණය අරගෙන අපි රට හදන්නේ නැ . අපි පාරවල් කිලෝමිටර ලක්ෂයක් කාපට් කරනවා. ඇති තරම් දේශපලකයන් ට සහ අතරමැදියන් ට වාසි ගන්න. අපි මුං ඇට වලට වලට නොවටිනා මුදලක් ගෙවනවා. දේශීය ගොවියා කියන්නෙත් ව්‍යාපාරිකයෙක් කියල මතක තියාගන්න ඕනේ. ආණ්ඩුව හැම අතින්ම සාමන්‍ය මින්සුන්ව අමාරුවේ දානවා. අපි අපට හිතකර රටක් ඕනේ. කරුමෙට අපි උන්ගේ වහල්ලු වෙලා.

:       3       38

නස්නීන් Friday, 09 April 2021 03:09 AM

ඉන්ධන සලාක ක්‍රමය හඳුන්වා දෙන්න...

:       24       6

Pradeep Friday, 09 April 2021 03:10 AM

විකල්ප බල ශක්ති වලට යොමු නොවීමේ අරුමය තමයි. ලංකාව වැනි රටකට වඩාත් උචිත සූර්ය බල ශක්තිය ගැන ඇයි අවධානය යොමු නොකරන්නේ. කර්මාන්ත වලට, ගෘහස්ත වලට සෝලා පවර් ලබා ගන්න දිරිමත් නොකරන්නේ ඇයි. අපි කැමතියි අපේ ගෙවල් වලටත් ගන්න. නමුත් හොයලා බලනකොට වියදම රු. ලක්ෂ 25 -30 ක් විතර යනවා. ඇයි මේ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා බදු සහනයක් නොදෙන්නේ. එහෙම කලොත් විද්‍යුත් මෝටර් රත ලංකාවේ ජනප්‍රිය කරන්න පුළුවන්. නමුත් අපි තාමත් ඩීසල් බලාගාර, ගල් අගුරු බලාගාර හදන්න තමයි ආස. ලැබෙන කොමිස් මුදල් නිසා වෙන්න ඇති. රට ගැන හිතලා කරනවානම් තව මොන තරම් දේවල් කරන්න පුළුවන්ද මහත්තයෝ..

:       29       34

LakmalFriday, 09 April 2021 07:17 AM

සූර්ය කෝශ සම්පූර්ණයෙන් නිපදවන්නෙ චීනෙ. එත් චීනෙ තව තව අලුතෙන් ගල් අගුරු බලාගාර ඉදි කරනවා. අපි වගේ දුප්පත් රටකට කොහොමත් සූර්ය බලය මත් යැපෙන්න බෑ. මිල අඩුම බලශක්ති ප්‍රභවය ගල් අගුරු. හැම රටක්ම විදුලිය නිපදවන්නෙ ගල් අගූරු වලින්.

:       7       54

PradeepFriday, 09 April 2021 04:58 PM

ඔබ හරි. චීනයට සෝලා පවර් ගැන හිතන්න දැන්ම අවශ්‍ය නෑ. මොකද ඔවුන්ට අවශ්‍ය ගල් අඟුරු ටික ඔවුන්ගේ රටේම තියන නිසා. නමුත් අපේ රටට අවශ්‍ය ගල් අඟුරු අපි ආනයනය කරන්න ඕනෑ. ඒකට මුදල් ඕනෑ. අනික සිදුවන පරිසර විනාශය.. ඒක මුදලින් තක්සේරු කරන්න පුළුවන් කමක් නෑ. මම කියන්නේ 100% ම සෝලා වලින් ගන්න කියන එක නෙමෙයි. 100%ක්ම බොරතෙල් සහ ගල්අඟුරු මත යැපෙන්නේ නැතිව පරිසර හිතකාමී විකල්පවලට යන්න කියලයි.

:       36       7

RangaSaturday, 10 April 2021 11:28 PM

ගල් අඟුරු තමයි හොඳම විසඳුම, අර බාගෙට කැඩිච්ච නොරෙච්චෝලෙ වෙනුවට හොඳ එක ගල් අඟුරු බලාගාරයක් හැදුවා නම් අද ලංකාවම විදුලියෙන් ස්වයංපෝශිතයි. පුනර්ජනනීය කතාව සුන්දරයි ඒත් පිරිවැය අධිකයි. සූර්ය පැනලයක ආයු කාලය අවුරුදු 25යි. සෝලාර් ක්‍රමේට ගියත් අපේ උපරිම බල ඉල්ලුම තියෙන්නේ සවස 6.00 රාත්‍රී 10.00 අතර ඒ වෙලාවට විදුලිය නිපදවන්න ක්‍රමයක් ඕනේ. ඒක නිසා ඉස්සෙල්ල මිනිස්සු දැනුවත් කරලා තව එක ගල් අඟුරු බලාගාරයක් හදන්න. කැඩෙන ජරාවක් නැතුව හොඳ එකක්.

:       0       0

ng Friday, 09 April 2021 03:13 AM

පොදු ප්‍රවාහනය දියුණු කරන්න.

:       1       34

Aba Friday, 09 April 2021 03:48 AM

ඉන්ධන ගෙන්වීමත් අත්හිටුවයිද දන්නෑ...

:       1       15

Lam Friday, 09 April 2021 04:02 AM

ස්තුතිය දැනුවත් කළාට... අපි මොකක් හරි කරන්නම්

:       1       32

chathura Friday, 09 April 2021 04:11 AM

ඔබතුමා ගැන මොන තරම් අවලාද නැගුවත්, ඔබතුමා තෝරණ ආර්ථික ක්‍රමෝපායන් නිවැරදි බව පේනවා. කරුණාකර ඉදිරියට ආනයන කරණ වාහන විදුලියෙන් දුවන වාහන පමණක් ගෙන්වීමට ඉඩ දෙන්න. නොර්වේ රට 2030 සියලුම මගී ප්‍රවාහන වාහන විදුලිබලයෙන් ක්‍රියා කිරීමට අරමුණු කරගෙන සිටිනවා. මෙමගින් ඉන්ධන භාවිතා කිරීම අඩුකර විදේශ විනිමය ඉතිරි කරගත හැක. ඒවගේම පරිසර දුෂණය අඩුකරගත හැක. පරිසරය ගැන කතා කරන මේ කාලයේදීම තීරණයක් ගතහොත් කාටවත් විරුද්ද වෙන්ඩ බැ. පරිසරය වෙනුවෙන් රජයේ කැපවීම පෙන්නුම් කිරීමකුත් වෙනවා..

:       17       21

de silva Friday, 09 April 2021 06:29 AM

මුලින්ම ඔබ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් භාවිතා කරන එන්ජින් ධාරිතාවය 2500සීසී වලට වැඩි කාර් සහ ජීප් රථ භාවිතය තාවකාලිකව තහනම් කරමු..

:       2       18

බුවා Friday, 09 April 2021 12:08 PM

එතකොට වෙනරටවල් මෙච්චර වියදම් කරන්නේ නැද්ද අනේ යන්න මහත්තයෝ? ප්‍රකෝටි ගණන් ආදායමක් නොලැබෙන දේවල්වලට රටේ සල්ලි යටකරලා (නෙළුම් කුළුණු, නැව් එන්නැති වරායවල්, යානා එන්නැති ගුවන් තොටුපලවල් හදලා පිස්සුම කෙලලා රටම ණය උගුලක හිරකරලා දැන් බයිලා කියනවා.. මේ රට දියුණු කරන්න මේ කාටවත් වුවමනාවක් නැහැ. තියෙනවා නම් කොළඹ වරායම ඇති මේ රට ගොඩදාන්න.. ඉගෙන ගන්න සිංගප්පූරුවෙන්..

:       1       16

Rohana Friday, 09 April 2021 12:16 PM

ඔය කතා හැමදාම කිය කියා හිටියට වැඩක්නෑ. ඒවා විසඳන්න තමයි ඔබලාගේ රජයක් පත්කර ගත්තේ. රටට ගැලපෙන ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම රජයක වගකීමයි. අද ලෝකයේ ඉතා දිලිදු රටවල් පවා එම රටවලට ආවේනික ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම තුළින් උසස් ආර්ථික දියුණුවක් ලබාගනිමින් පවතිනවා. අපට ඉතිං යටිමඩි ගැසීමේ ක්‍රමෝපායන් කල්පනා කරනවා මිසක් රට දියුණුකිරීමට කිසිම වුවමනාවක් ඇතිබවක් පේනතෙක් මානයකවත් නැත.

:       0       22

ගමේ එකාලා Friday, 09 April 2021 05:39 PM

මුදල් ගිලින රකුසෝ ඉන්නේ ආණ්ඩුව ඇතුලේ කියලයි අපි නම් දන්නේ...

:       6       13

WasudewaSaturday, 10 April 2021 10:30 AM

ඔය කටේ මසුරන් දාන්න ඕන... සීනි හොරකම බිලියන 15 කට වැඩි නේද? මේවා ගැන කතා නොකරන්නේ... මේ ලොක්කන්ගේ කටවල් මට්ටු වෙලාද?

:       0       0

සෙනෙවිරත්න Saturday, 10 April 2021 01:25 AM

රාජපක්ෂවරු කල ඩොලර් ගිලින ව්‍යාපෘති දෙස බලමින් පයින් ගමන් කරමු. ඔබ තුමාට නැව් නැති වරායන්, යානා එන්නැති ගුවන් තොටවල් හදන කොටත් ඔය තනතුරු වල නේද ? එදා මෙම අර්බුද දුටුවෙ නැහැනේද? දුටුවත් නොදැකපු සේ සිටියා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 140 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 67 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1154 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2025 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2281 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1142 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site