IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මිරිස්සේ සාදයට දේශපාලනඥයකුත් ඇවිත්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී නෙදර්ලන්ත තරුණියන් දෙදෙනෙකු  අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සිදු වීමට පෙර පැවති සංචාරක හෝටලයේ සාදය සඳහා රජයේ ප්‍රබල දේශපාලනඥයකු සහභාගී වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

 
කෙසේ වෙතත් ඊට අදාල හෝටලයේ සී.සී.ටී.වී.කැමරා දර්ශන පටිගත වී තිබුනද ඒවා මැකී ගොස් තිබෙන බව දැන ගන්නට ඇත. පටිගත වූ එම දර්ශන මකා දැමුවේද එසේත් නොමැති නම් එම දර්ශන ගබඩා වී තිබෙන කාලය ඉකුත් වී ඇත්ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත.
 
අදාල දේශපාලනඥයා සාදයට සහභාගී වී පිටව ගොස් මිනිත්තු තිහකට පමණ පසුව මෙම ආරවුල ඇති වී තිබෙන බව කියති.
 
ඉකුත් 08 වැනිදා මෙම සිද්ධිය සිදු වී තිබූ අතර ඉන් දින පහකට පමණ පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.ඒ හිරිහැරයට පත් වූ විදේශීය   සංචාරකයන් පොලීසියට ඊමේල් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුවය.
 
මීට අමතරව මිරිස්සේ පැවැත්වෙන බීච් පාටි සඳහා දේශපාලඥයින්ට අමතරව කොළඹ ප්‍රධාන පාතාල කල්ලි නායකයින් ද සහභාගි වී තිබෙන බවට තොරතුරු හෙලි වෙමින් තිබේ.
 
නෙදර්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකු  අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අට දෙනෙකු මේ වන විට පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.
 
මේ අතර වැලිගම මිදිගමදී ඊශ්‍රායල් ජාතිකයින් පස් දෙනෙකුට අතින් පයින් හා පොලු වලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (15)

මිරිස්සේ සාදයට දේශපාලනඥයකුත් ඇවිත්

naradha Thursday, 19 April 2018 03:19 PM

රටේ දේශපාලඥයින්ට සහ ප්‍රධාන පාතාල කල්ලි නායකයින් එකට සාද පවත්වදී, රටේ පාතාලය තුරන් කරන්නේ කෙසේද?

:       0       1

වික්‍රමසිංහ Thursday, 19 April 2018 04:19 PM

සංචාරක උපදේශකයෙකු වන මටත් තියෙනවා අමිහිරි අත්දැකීම් මේ වගේ ස්ථාන ගැන. ගාල්ලේදී මහනුවරදී සහ කොළඹදී ජපන් චීන සහ යුරෝපීය ජාතික බෞද්ධ ස්වාමීන්වහන්සේලා හෝටල්වල නතරවී සිටියදී අපේම සිංහල මිනිස්සු එම තැන්වලදී අපහාස කළා "මොකටද මේ තැන්වලට එන්නේ" කියලා. සිංහල දන්නා එක් ප්‍රංශ ජාතික ස්වාමීන්වහන්සේ නමක් මට පසුව පැවසුවා ලංකාවේ සමහර මිනිස්සු වනචාරීන් වගේ කියලා. හෝටල් පරිපාලනයෙන් කිසිම පියවරක් ගත්තේ නෑ මගේ පැමිණිල්ලට. ලංකාවේ ලෝකල් සංචාරකයෝ හිතාගෙන ඉන්නේ හෝටල් තියෙන්නේ කන පැලෙනකම් බොන්නයි සල්ලාලකමටයි කියලා. ඉතින් කොහොමද සංචාරක කර්මාන්තය දියුණු වෙන්නේ වනචාරී නැහැදිච්ච අය ඉන්න රටක??? මිරිස්සේ අපරාධකාරයන්ට ඉරානයේ වගේ දඬුවම් දෙන්න ඕනෑ. පොලිසියට බැරිනම් නීතිය ක්‍රියාත්මක කරන්න සංචාරක හෝටල් නවාතැන්පොළවල් ආදිය ගැන ක්ෂණික පියවර ගැනීමට බලයලත් හමුදා කොමාන්ඩෝ බට පිරිස් ඉන්න ඕනෑ. මම මේ දේ කිව්වේ තරහින් නෙවෙයි හිතේ වේදනාවට.

:       0       0

Jehaan Thursday, 19 April 2018 09:21 PM

මිනිස්සු දරු පවුල් පිටින් පිටරට පදිංචියට යන්නේ යස ඉසුරු සොයන්නම නෙවෙයි. මෙහෙම ගියොත් ළමයින්ව හරියට හදා ගන්න තියා ගෙදර ආච්චිවවත් ආරක්ෂා සහිතව බලා ගන්න බැරි තත්වයක් රටේ තිබෙන නිසා.

:       0       0

Sarasi Thursday, 19 April 2018 10:50 PM

රටට බොහොම කීර්තියක් අත් වෙන දෙයක්නේ සමහර පුරවැසියන් කරලා තිබෙන්නේ. බොහොම ලැජ්ජයි.

:       0       0

ලුම්බිණි Friday, 20 April 2018 12:30 AM

මේක තමා සංචාරකයන් පිළිගැනීමේ අලුත්ම පිළිවෙත.

:       0       0

Lal Friday, 20 April 2018 01:12 AM

ලංකාවත් දැන් සෝමාලියාවේ තත්වයට වැටිලා. අපේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අබ සරණයි. මේ වගේ ක්‍රියා කරන අය මර්දනය කිරීමට දැඩි ක්‍රියා මාර්ග ගත යුතුයි...

:       0       0

නයන් Friday, 20 April 2018 01:34 AM

වලාන දුෂණ මර්ධන ඒකකය මෙන් ඉතාම ස්වාධීන සහ කාර්යක්ෂම සංචාරක පොලිස් ඒකක දකුණු පළාත අවට ඇතිකළ යුතුයි. සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලංකාව පිලිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ උනොත් නැවත ගොඩනැගිය නොහැකිය. අප රටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව ඉතාම ඉහලින් ආරක්ෂා කිරීම රජයේත්, සාමාන්‍ය මහජනතාවගේත් වගකීමයි. එ ඔවුන් අපගේ අමුත්තන් වන බැවිනි.

:       0       0

රවින් Friday, 20 April 2018 02:07 AM

මෙරටේ කුමන හෝ අකටයුත්තක් සිදුවෙලානම් එතන දේශපාලුවෝ ඇති. මෙය රටේ සංස්කෘතියට එක්වෙච්ච අලුත්ම අංගයයි.

:       0       0

ashan Friday, 20 April 2018 02:51 AM

අපේ රටේ ඉන්න මෙවැනි අසහනකාරීන් නිසා ලංකාව කවදාවත් සංචාරක රටක් කල නොහැකිය.

:       0       0

අප්පුහාමි Friday, 20 April 2018 03:19 AM

කුණු වැඩක් ඇත්නම් ඉතින් අපේ ගෞරවනීය දේශපාලක මහත්තයෙකුත් ඇති, නැත්නම් ඉතින් අඩුපාඩුවක් නේ.

:       0       0

අිරියපාල හේවගේ Friday, 20 April 2018 04:04 AM

ශ්‍රි ලකාවේ සංචාරක කර්මාන්තයට මෙවැනි සිදුවීම් සෘජුවම ඉතා නරක අන්දමින් බලපාන අතර ලෝකයේ අනෙක් රටවල් ශ්‍රි ලංකාව පිළිබදව වැරදි , නරක සහ අයහපත් ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීම නොවැලැක්විය හැකිය.

:       0       29

ase Friday, 20 April 2018 04:19 AM

"සී.සී.ටී.වී.කැමරා දර්ශන පටිගත වී තිබුනද ඒවා මැකී ගොස් තිබෙන බව දැන ගන්නට ඇත. " ඕව කියපල්ලා කොන්ඩෙ බැදපු චිනට !!

:       0       28

de silva berlin Friday, 20 April 2018 06:48 AM

සාමානයෙන් සාමාන්‍ය මිනිස්සු සංචාරකයන්ට ප්‍රහාරයක් එල්ල කරන්න බියවෙනවා ,නමුත් දේශපාලකයන් සහ ගෝලයන් එවැනි දේවල් කරන්න බියක් දක්වන්නේ නැහැ , ගොඩක් මෝඩ මිනිස්සු හිතන්නේ දේශපාලකයෙක් සමග එකට වැඩිවෙලා එක බෝතලෙන් මත්පැන් බිවම , වෙරි හින්දෙන්න ඉස්සල්ල ඕනෑම දෙයක් කරලා නීතියෙන් බේරෙන්න පුළුවන් කියල ,

:       0       47

කසුන් Friday, 20 April 2018 08:18 AM

බලාගෙන ගියාම ලංකාවේ මිනිස්සු ලෝක වාර්තා තියන්න හරි දක්ෂයිනේ !!

:       0       0

athula Friday, 20 April 2018 11:02 AM

මේවට තමයි කියන්නේ දෙවියෝ පය තියන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා.. අපි වුනත් රටකට යන්න කලින් සොයල බලනවා එම රටේ තත්වය, මේක නම් රටේ තත්වය, සංචාරක ව්‍යාපාරයට දෙවියන්ගේම පිහිටයි... මෙහෙමත් කාලකන්නි සමාජයක්...

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 191 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 72 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1171 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2059 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2312 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1162 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site