(ඩී.ජී.සුගතපාල)
මිරිස්ස ධිවර වරාය පාරේදි ඊයේ (30) උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබු සැකකරු පලා ගිය බව කියන ත්‍රි රෝද රථ දෙකක් ඒවායේ රියදුරන්ද සමග ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධති පරික්ෂා කිරිමෙන් පසුව මෙම ත්‍රි රෝද රථ අත් අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබිමෙන් පසු සැකකරු එම අවස්ථාවේ ධීවර වරාය පාරේ යමින් සිටි ත්‍රි රෝද රථයක නැගි මිරිස්ස හන්දියට පැමිණ ඇති අතර එසේ පැමිණි ත්‍රි රෝද රථය සමග එය පැදවු කඹුරුගමුව තල්අරඹ රණවිරු මාවත පදිංචි රියදුරුද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු මිරිස්ස හන්දියේ සිට වැලිගම දක්වා පැමිණ ඇති ත්‍රි රෝද රථයද එය පැදවු වැලිගම පරණකඩේ පදිංචි රියදුරුද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එතැන් සිට කුමන ප්‍රදේශයකට ගොස් තිබේදැයි අනාවරණයවි නොමැති බවද පොලිසිය පවසයි.
මේ අතර වෙඩික්කරු රගෙන පැමිණ ඇති යතුරු පැදිකරුට ප්‍රදේශවාසින් විසින් පහරදිම නිසා බර පතල තුවාල සිදු කර ඇත .තුවාල ලබා ඇති සැකකාර යතුරු පැදිකරු පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලට ඇතුලත් කර ඇත.
වැලිගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මිරිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පළාගිය ත්‍රි රෝද රථ දෙකක් රියදුරන් සමඟ අත්අඩංගුවට
Bamunuarachchi Tuesday, 02 June 2020 01:08 AM
ගහලා ආණ්ඩු කඩන්නයි තිබුනේ.... උසාවියෙන් නිදහස් වුණත් ජනතාවගෙන් දඬුවම ලැබිලා කියා හිත හදාගන්න පුළුවන්.