(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)    

මෙවර පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කල ජගත් ප්‍රියංකර මහතාගේ මනාප ප්‍රථිපලය පිළිනොගන්නා බව පවසමින් ඔහුට සදාරණයක් ඉටුකරදෙන ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් දංකොටුව සිංක්කුලිය අයියනායක දේවාලයේදී අද (08) පොල් ගසා දේවකන්නලව්වක්  පැවැත්වූහ.

ජගත් ප්‍රියංකර මහතා පොදුජන පෙරමුණ පක්ෂයෙන්  පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව මැතිවර්ණ කොට්ඨාශය නියෝජනය කරමින් තරඟ කරකර මෙවර 6වැනි ස්ථානය හිමිවීමෙන් පාර්ලිමේන්තුවටට යාමට වරම් අහිමි වූ අපේක්ෂකයෙක් බවද සඳහන් වේ.