( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය.
මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
දින 10 ක් පුරා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්ව වල කරුණු දැක්වීම් ඊයේ (01) අවසන් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට අවසර දෙනවාද නැත්ද යන්න පිළිබඳ තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන් මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.
ජාතික වැදගත්කමින් යුතු පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් මැයි 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම , එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එසේම ජුනි මස 20 වැනිදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.
ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබූ ණි. එහෙත් කෝවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදී.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකිරීම නීතිවිරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.
එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළ ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසද ඉල්ලා තිබිණි.
එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව, නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි , අචාර්ය ගුණදාස අමරසේකර , නීතීඥ ප්‍රේම්නාත් සී.දොළවත්ත , මහාචාර්ය සුදන්ත ලියනගේ , සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු පිරිසක්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොන කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කළ අතර එමගින් මෙම පෙත්සම් කාලාවරෝධී බවත් ඇතැම් පෙත්සම් වල අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහනයන් ප්‍රදානය කිරීම සදහා පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිය මූලික විරෝධතා ඉදිරිපත් කියා සිටියාය.
එසේම පෙත්සම් හි වගඋත්තරකරුවකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත්ය .





(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
අයියෝ දැන් අර 99ට මොකද වෙන්නේ...?
දැන් ඉතින් සමගි ජන බලවේගේ එවුන්ට අපහු මා ළඟට දණගාගෙන එන්න වෙනවා...
ජිනීවා වලින් මොනවා හරි කරගන්න බැරිද දන්නේ නෑ...
රංජන් කළින් නඩු කතා කළා වගේ මේ නඩුවට රංජන්ට මොකුත් කරගන්න බැරි වෙන්න ඇති.. දැන් ඉතින් පුතාණෝ ඇතුළු කණ්ඩායමට කැම්පේන් එක පටන් ගන්න වෙන්නෙම පරාජයකින්... ලොකේ මොන විපක්ෂයද ඡන්දය එපා කියලා උසාවි ගියේ..?
ජයවේවා!
ඔබට සතුටුද දැන් ?
පෙත්සම් විභාගයට අවසර දෙනවාද? නැද්ද? කියලා සලකා බලන්නටම දින 10ක් ගියා නම් විභාගය පවත්වන්නට මාස කීයක් යාවිද? ඇති, ඔයින් බේරුණා..
කොහොමත් වැඩක් නැහැ. මැතිවරණ කොමිසම වේලාසනම උසාවියට කිව්වා ජූනි 20 ඡන්දෙ පවත්තන්නේ නැහැ කියලා. සරල තීන්දුවක් දෙන්න දවස් 10ක් කල් ගත්තේ තීන්දුව ජූනි 2 වෙනිදාම දෙන්න හිතාඋන්නු හින්දා වෙන්න ඇති. අතරමැදි පෙත්සමෙන් ඡන්දෙ තියන්න කියලා ඉල්ලුවට ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ කොමිසමේ තීරණය වෙනස් කරන්න බැරි බවකුත් මෙතනින් පෙන්වනවා. අන්තෝ ජටා බහි ජටා...!!!
"ඉස්සර කාලෙක" අපට ඔය නඩුව නම් අහන්න බැහැ.. " කියලා නඩු විභාගයකින් ඉල්ලා අස් වුණු විනිසුරුවන්ගේ නම් දකින කොට අපිට නම් හිතුනා තීන්දුව මොන වගේ එකක් වෙයිද කියලා" පාරේ යන ගමන් කවුදෝ කියනවා ඇහුණා.
පදනමක් නෑ. එයාලා කවද්ද පදනමක් තියන වැඩ කලේ..? හරිනම් පදනමක් නැති නඩු ගෙනැල්ලා අධිකරණයේ වටිනා කාලය නාස්ති කළාට නඩු දාන්න ඕනෑ...
සුමන්තිරන්ගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්න හිටපු සජිත් පිලට හා ජවිපෙට අපගේ බලවත් ශෝකය....
ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක්... අහෝ පාක්‍යසෝති, අයිවන් වැනි රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයින්ටත්, පාටලී, වෙල්ගම, මද්දුමබණ්ඩාර වැනි දේශපාලකයින්ටත් වෙච්ච දෙයක්...
ඔවුන් හැමෝම දන්නවා ඔය පෙත්සම් විසිවෙන බව. කාලය කළමනාකරණය කර ගැන්මට අවශ්‍ය නිසයි.. ඒවා ඉදිරිපත් කරන්නට ඇත්තේ.. ඒත්, සමගි ජනබලවේගය සහ එජාපය එකතු වුනෙත් නැහැනේ...
ඊයේ මැකෝගේ කතාවෙන් තේරුණා අද මේ වගේ තීන්දුවක් එයි කියලා...
හරි ඔබ හරි සිරි , ඔය තීන්දුව පෙර තීන්දු වලින් නොවනබව මට කඩේ චීනා කිව්වා.
ජුනි 20 ඡන්දය තිබ්බා හෝ නො තිබ්බා එම දිනය නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවීම මගින් මේ රටේ සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසි හා අවාසි මොනවාද?
" මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනුකොට ඇති බවත්, එම පෙත්සම් නීතියට පටහැණිව ගොනුකොට ඇති බවත්" යනුවෙන් සඳහන් විග්‍රහය දෙස බැලීමේදී පෙනී යනුයේ පැමිණිළි පාර්ශවයේ අතපසුවීම් තිබෙනා බවයි. කරුණු කාරණා හා සාක්ෂි නිසි අයුරින් ඔප්පුකර ගැනීමට පැමිණිලි පාර්ශවයට නොහැකි වූ නිසා සමස්ත ප්‍රතිඵලය මෙසේ වූවායැයි උපකල්පනය කළ හැකිය.
මගේත් කේන්දරේ බලවා ගත්තොත් හොඳයි වගේ...
සිටිසන්ශිප් නඩුව වගේ විපක්ෂයේ ඉන්න කීපදෙනෙක් බෝලෙ උස්සලා දෙනවා.. ආණ්ඩුව ඩෑශ් පාරවල් ගහනවා. මේවා ඇතුළෙන්ම දාපු ඩීල් වෙන්න බැරි නෑ. එහෙව් රටක් මේ...
මටත් ඇහුණා කවුද කියනවා... නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි.. ගහපල්ලා බන් පෙත්සම් කියලා.
අපි නීතියට අවනත විය යුතුයි. පාලකයින්ද නීතිගරුක විය යුතුයි.
මෙතන අදහස් ප්‍රකාශ කර ඇති අය මේ දිනවල පැවැත්විය හැකිද? එවිට මෙම වසංගත තත්වය වැඩිවේද යන්න ගැන නොසිතා දේශපාලන වෛරයකින් පමණක් අදහස් පල කර ඇත.
ආණ්ඩුවේ අධිකරණය නඩු ඇහීමකින් තොරවම තීන්දුවක් දීලා තියනවා. අපි ඉතින් දෙකට නැවෙනවා හැර වෙන මොනවා කරන්නද? වැඩිපුර කතා තරම් දෙයක් නැහැ. කතාවට පමණක් සීමා නොවිය හැකි අවස්තාවක්. කොරෝනා දෙවියන්ට ලංකාව බාරයි!! අවශ්‍යම වෙලාවේ කොරෝනා දෙවියන් අපේ ඡන්ද දායකයින්ට හොඳින් සලකාවි!!! මෙවැනි අවස්ථාවක ජනතාව දැනුවත් කළ (නොකළ), දොස්තර සංගමයටත් අපේ මෙව්වා එක පුදකරමි..!!
සිංහල බෞද්ධයින් 75%ක් ඉන්න රටක් නිරාගමික කරන්න යන හැත්තක් බලයට පත් කරන්නේ කවුද?
විශ්‍රාම වැටුප් සිහිනය, පාර්ලිමේන්තුව නැවත රැස් කර දෙවනුව රජය පරාජය කර, ඉන්පසුව චන්දයකින් තොරව එක දිගටම බලයේ සිටීමේ සිහිනය, වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමන නිමා කිරීමේ සිහිනය, එජාපය අල්ලා ගැනීමේ සිහිනය, කොරෝනා වලින් හෝ ගොඩයාමේ සිහිනය ඇතුළු සිහින සියල්ලක්ම නිමාවිය
මෙම නඩු වලට පෙනී සිටි ජනාධිපති නීතිඥයන්ට ප්‍රාදේශීය සභා නීතිඥයන් වශයෙන් උසස්වීම් දිය යුතුයි . මොවුන් මාධ්‍යයෙන් ප්‍රචාරය කල මෝඩ තර්ක ගැන දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ ?
මෙතන සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කාම හිනායනවා.
මේ වැරදි දෙයක් කියන කෙනෙක් ඇත්නම් රටට ජාතියට ආදරයක් නැති කොටසක්. කොහේ හෝ වෙනත් රටක සම්භවයක් ඇති ලංකාවේ ජීවත් වන ජන කොටස් කරුවෙක්.
මේ රටේ විපක්ෂය සමහර පක්ෂ හිතන ඉන්නේ, සියලුම ව්‍යවස්ථා කාරනා දන්නේ සුමන්තිරන් කියලා.
ඇයි මේ ෆොටෝ වල ඉන්න අය දුකෙන් වගේ? පාස්කු ප්‍රහාරය දවසේ වගේ මීඩියා ඉස්සරහා හිනා වෙවී එන්නකෝ..
දුෂිත පාලකයන් සිටින දූෂිත අධිකරණයකින් මීට වැඩිය බලාපොරොත්තු වෙන්නේ මොනවද? පොඩි දැනුමක් හරි තියෙනවා නම් හිතලා බලන්න මෙයාලා රජයට අවාසි කිසිම තීන්දුවක් දෙයිද කියලා... අනිත් එක හදිසියේ, නියම කාලෙටත් කලින් ඡන්ද තියන්නේ අපිට තියෙන ආදරේටද..? සමහර බයියලාට ඉතින් මේවා නියම සංදර්ශන..
ඔය නීති විශාරදයෝ 19 සංශෝධනයේ ඇති වගන්ති වලට අනුව එක එක ප්‍රති විරුද්ධ අදහස් ජන මාධ්‍යයේ ප්‍රකාශ කළා. දැන්වත් ඔය සංශෝධනයේ නිවැරදි කරුණු අපිට දැනගන්න බැරිද? ඒ ලියැවිල්ල නිර්මාණය කළ අයවත් ඕක හරියට කියවලා නැතිද?
සමගි ජන බලවේගේ මුහුණු ටික දැක්කද?
මේ කමෙන්ට්ස් දකින කොට තක්කඩි පාලකයින් කොතරම් සතුටුවෙයිද...? ඔවුන් මේ තරම් අගාධයට රට පත් කරලත් තවම ඒ දෙගොල්ලන් වෙනුවෙන් කොයිතරම් බත් කන හරක් ඉන්නවද?
අම්මෝ අද පත්තරේ ෆුල් කමෙන්ටුවක්.. නිකම් කෝවිඩ් රටින්ම තුරන් වුණා වගේ... දැක්කනේ සමාජ දුරස්ථ භාවය...