IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිවරණය නිරීක්ෂණට සූදානම් බව පැෆරල් කියයි

(විනීතා එම් ගමගේ)

මහ මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා තම සංවිධානය සූදානම් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක‍්‍රියාකාරිත්වය (පැෆරල් සංවිධානය) කියයි.

සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින් 5000 කට ආසන්න නිරික්ෂකයන් පිරිසක්  නිරික්ෂණ කටයුතු සදහා යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

මැතිවරණ නිරික්ෂකයන් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් ද සැකසූ බව කී හෙට්ටිආරච්චි මහතා නිරික්ෂක කණ්ඩායම් සමඟ සෞඛ්‍ය සේවකයන් ද යෙදවීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.

විදේශිය නිරික්ෂකයන් කිහිප දෙනෙක් ද යොදා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතැයි කී ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අවසර ලබාගෙන ඔවුන් ගෙන්වා ගන්නා බවත් නිරෝධායන නීති වලට අනුකූලව මෙරටදී නිරෝධායනය වීමට ප‍්‍රමාණවත් කාලයක් ඇතිව ඔවුන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවැසීය.

කෙසේ වෙතත් සෞඛ්‍ය හා නිරෝධායන නීතිවලට අනුගතව නිරික්ෂණ කටයුතු සිදුකිරීමට පැෆරල් සංවිධානය තරයේ කටයුතු කරන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.



අදහස් (0)

මැතිවරණය නිරීක්ෂණට සූදානම් බව පැෆරල් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site