(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
කලු ඇදුම් ඇඳ මුහුණු ආවරණය කරගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා, තර්ජන කරනවාට ආණ්ඩුව විරුද්ධ බවත් අද (10) දිනයේදී කණ්ඩායමක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියට ගොස් කළ විරෝධතාව හෙළා දකින බවත් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පුවත්පත්වලින් අසාධාරණයක් වී ඇත්නම් ඒ ගැන පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළ හැකි බවද ඇමතිවරයා කීවේය.
එසේ නොමැතිව ආයතනවලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත නොකරන බවද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ සංවිධාන කිහිපයක් අද දිනයේ මාධ්‍ය ඉදිරියට ගොස් විරෝධතා පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමිනි.
COMMENTS
මෙයාට දුක ඇති... මෙයාවත් පුම්බලා ගත්තනේ...
අර මුහුණු ආවරණය කරපු හෙල්මට් කාරයින්ට තියෙන තහනම මෙයාලට බලපාන්නේ නැතිද?
ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරවා හරිනකොට උසාවියේ පැමිණිල්ලක් විතරක් දාලා ඔයගොල්ලො හිටියේ නෑ නේද? කොළඹ පාරවල් හිර කරගෙන පෙලපාලි, උද්ඝෝශන දාලා මිනිසුන්ට හිරිහැර වෙන විදියේ වැඩ කරන්න ඔහෙලට විතරක් හොඳයිද? අපේ රටේ සාධාරණ මාධ්‍යයක් නැත්නම්, සල්ලි වලට මාධ්‍ය විකිණෙනවා නම්, ඒ ගැන නිහඬ විරෝධයක් දැක්වීමේ වරද කුමක්ද?
කොහේදෝ ඉන්න බඩ ගෝස්තරවාදී නඩේකුයි, ටෙලි නිලියෝ කට්ටියකුයි නිකං නටනවා! හිතාගෙන ඇති ලොකු අය කියලා. මේ කවුරු වෙනුවෙන්ද? ඔන්න ඕක තමයි ප්රශ්නය!
හර්ෂ ලාභ ජනප්‍රියත්වයක් ගන්න වගේ. මාධ්‍යවේදින් ඝාතනය නොකර මාධ්‍ය වැරදි වලට විරුද්ධව වුවත් විරෝධතා දැක්වීමට ප්රජාතන්ත්රවාදි අයිතියක් මහජනයාට තිබේ...
රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන වල හිමිකරුවන් කව්රුද කියා අපි දනිමු. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන අරමුණු ගැනද අපි දනිමු. නමුත් පහත සදහන් සංවිධාන වල ප්‍රධානින් කවුරුද කියා අපි නොදනිමු. ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්රජාතන්ත්රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
මේ වගේ වැඩ කරන්න තිබුණේ මහරජාගේ කාලෙනේ... දැන් කරන්නේ නිදහස ඕනෙවටත් වැඩි හින්දද?
මාධ්‍යයට ස්වාධීන වෙන්න කියන එක වැරදිද? මේක මාර රටක් නේද...?
විරෝධතා කරන්නේ නැතුව කොහොමද තේරුම් කරලා දෙන්නේ? වහල්ලුන්ට කවදාකවත් හොඳ, නරක තේරෙන්නේ නැහැ. සමාජයට වෙන හානිය තේරුම් ගන්න බැහැ. අද කාට හරි කඩේ යන ප්රවෘත්ති බලනවා මිසක් අහන්න ප්‍රවෘත්තියක් නැහැ. ඒකයි ඇත්ත... හිතන්න තියෙන්නේ ඔවුන් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මේ දේවල් කරනවා කියලා. ඒකෙන් පිරිහෙන්නේ මේ දේශයයි...
අනේ නිකන් යන්න