
(බන්දුල ඉලේපෙරුම)
සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා බලපිටිය ප්‍රදේශයේ මළ ගෙදරකට පසුගියදා සහභාගීවූ බවත්, සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා හැර ඒ මළ ගෙදර ගිය සියලු දෙනා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (22) පාර් ලිමේන්තුවේ දී කියා සිටියේය. එවන් තත්ත්වයක් යටතේ සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා පමණක් පාර්ලිමේන්තුවට පැමිණ සිටිම සෙසු මන්ත්‍රීවරුන්ට තර්ජනයක් බවද මනුෂ නානායක්කාර මහතා පැවසීය.
මෙම ප්‍රකාශයත් සමගින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මනූෂ නානායක්කාර මහතා බොරු කියන බව කියමින් චෝදනා කළහ. සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා මළගෙදර නොගිය බවත් ඔහු ගිය බව මනූෂ නානයක්කාර මහතා කියන්නේ කෙසේද යන්නත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්න කළහ.
මේ අතරවාරයේදී මෙම ප්‍රශ්නය සෞඛ්‍ය අංශ අවධානයට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.
COMMENTS
මන්ත්‍රී පොකුර... බලන්න ඒ වචනෙ ලස්සන
පාර්ලිමේන්තු පොකුර, මොන තරම් ලස්සන වචනයක්ද.?
තුෂාර මහත්මයා, පව්නේ ඒ ඇත්තන්ට ඒ පොකුරේ නම ගැන ලැජ්ජා හිතෙයිනේ. අපි ඒ පොකුරට 223 පොකුර කියමුද.?
ඇයි දියවන්නා පොකුර.
කිසි දෙයකට බය වෙන්න එපා. ඒකත් මිනුවන්ගොඩ බ්‍රෑන්ඩික්ස් පොකුරම තමා
ලෝක පාලක දෙවියනේ අනේ දැන්වත් අහිංසක රටවැසියා ගැන සිතන්න.
සම්පත් අතුකෝරල , නියමයි. කැස්ස තියෙනවා කියලා පාර්ලිමේන්තු නෑවිත් ඉන්න එපා . 20 සම්මත කරගන්නත් ඕන නේ.
ලස්සනම නම දියවන්නා පොකුර හරිහට ඉසුරන්දි වගේම ලස්සනයි.
මී හරක් පොකුර වඩාත් උචිතයි
20 පොකුර කියලා කිව්වත් කමක් නැහැ. තව කියන්න පුළුවන් රට කන පොකුර කියලා. පගා පොකුර, කොමිස් පොකුර.. අපි නමක් තෝරන තරගයක් තියමුද?හොදම නම යෝජනා කරන එක්කෙනාට සිට්රස් හෝටලේ සති 2ක් නොමිලේ නවාතැන් දෙමු.