(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වූ මහේල ජයවර්ධන මහතා හෙට (03 වැනිදා) කැඳවීමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය තීරණය කර තිබේ.
මහේල 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආසන්නතම හිටපු නායකයා වේ. ්
ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පැවසුවේ හෙට පෙරවරු 9.00 ට සිය ඒකකයට මහේල පැමිණීමට නියමිත බවයි.
COMMENTS
හෙට තමයි මෙයාලා හොඳට අහගන්නේ...
මේ වැඩේ අපේ ක්‍රීඩකයින්ව නිකම් රස්තියාදුවේ දාන්න වැඩ... හරියට යුද්ධය දිනවපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව හිරේ දාපු වගේ. අඩුතරමින් අර මහින්දානන්දගෙන් අහන්න ඕනේ කව්ද මේකට සම්බන්ධ සහ කොහොමද වුනේ කියලා...?
කදිම බැටින් ඕඩර් එකක්නේ.. මේ තේරීම් කමිටුවේ ප්‍රධානියා කවුද කියලා මට දැනගන්න පුළුවන්ද?
ඔව් මහේල, ඔබත් යන්න ඔබ දන්නාදේ කියන්න. සමහර විට පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති කරුණු ඔබත් නොදැන සිටි ඒවා වෙන්න පුළුවනි. ඔවුන් ඔබට චෝදනවා කරනවා නොවෙයි මෙහි ඔබලත් නොදැන යටි සිදුවීමක් සිදුවෙලා තිබෙනවාදැයි කියා අපිටත් දැනගන්න පුළුවන්. මෝඩයින් හිතන්නේ මේ ඔබලාට විරුද්ධව කෙරෙන ක්‍රියාවලියක් කියලා. මහින්දානන්ද ඉදිරිපත් කළ කරුණුවල යම්කිසි බරක් තිබෙන නිසානේ කොමිසමක් පත්කලේ. ගොබ්බයින් ඔය ටික හිතන්නේ නැහැ...