IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහැදුරු සෝමදේවගේ කැනීම් වාර්තා පිරික්සන්න පුලුවන් හපනෙක් පුරාවිද්‍යාවේ නැතිලු

(විනීතා එම්  ගමගේ)

පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකරන ලද පුරා විද්‍යා කැණීම් වල වාර්තා පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රමාණවත් දැනුමක් ඇති පුද්ගලයින් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ආචාර්ය ශිරාන් දැරණියගල මහතා වෙත යවන ලද ලිපියක සඳහන් වේ.

එම වාර්තා පරීක්ෂා කිරීම සඳහා දැනුමක් සහිත නිලධාරින් තම දෙපාර්තමේන්තුවේ නොමැති බැවින් ඒ සඳහා සහය වන්නැයි ඉල්ලමින් ආචාර්ය ශිරාන් දැරණියගල සහ ආචාර්ය එච් නිමල් පෙරේරා යන මහත්වරුන් වෙත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යවන ලද ලිපියෙන් මේ බව හෙළි වේ.

දෙපාර්තමේන්තුවේ බලපත‍්‍ර යටතේ කැණීම් කරන ලද එහෙත් අවසන් වාර්තා ලබා නොදුන් පුද්ගලයින්ට නව කැණීම් බලපත‍්‍ර නිකුත් නොකිරීමට දෙපාර්තමේන්තුව ගත් තීරණයේ ප‍්‍රථම පියවර ලෙස මෙසේ රාජ් සෝමදේව මහතාගේ කැණීම් පිළිබඳ වාර්තා පරීක්ෂා කිරීමට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.

එහි පළමු පියවර ලෙස රාජ් සෝමදේව මහතාගේ වාර්තා පරීක්ෂා කිරීමට තීරණය කළ බවත් එහෙත් ඒ සඳහා ප‍්‍රමාණවත් දැනුමක් ඇති නිලධාරින් තම දෙපාර්තමේන්තුවේ නැති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියෙහි සඳහන්ව ඇත.

කෙසේ වෙතත් වැළලී යන හෙළ උරුමය සෝමදේව මහතා විසින් හෙළි කරමින් සිටින බවත් ඔහු මන්නාරම් සමුහ මිනිවල පිළිබඳ කැණීම් කටයුතු සිදුකිරීම නැවැත්වීමට මෙසේ බලපත‍්‍ර දීම අත්හිටුවීමට කටයුතු කරන බවත් පෙනෙන්නේ යැයි ජාතික නිදහස් පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා ලංකාදීපයට පැවැසීය.

 

 



අදහස් (15)

මහැදුරු සෝමදේවගේ කැනීම් වාර්තා පිරික්සන්න පුලුවන් හපනෙක් පුරාවිද්‍යාවේ නැතිලු

Samathasena A . Aluthgamage. Saturday, 13 October 2018 02:59 AM

මේ මහාචාර්ය තුමා ඉතාමත් විශේෂ බුද්ධියකින් හෙබි උගතෙක්. කලක් එතුමා කළුතර සිරිකුරුස විදුහලේ ඉගැන්වුවා. ඒ ලැබෙන මුදල් පවා යෙදෙව්වේ පර්යේෂණ වැඩ වලටයි. ඒ කාලයේ මෙතුමා සිදුකල යටාල වෙහෙර,හොරණ දියගම සිදුකල පර්යේෂණ සඳහා මා විශාල ප්‍රමාණයේ ලිපි පුවත්පත්වල පලකලා. එතුමා වැනි බුද්ධිමතෙකුට යම් පමණකින් හෝ සහයක් දැක්වීමට ලැබීම භාග්‍යක්.

:       0       75

Bamunuarachchi Saturday, 13 October 2018 03:05 AM

ඇත්ත තමයි පුරාවිද්‍යාත්මක කැනීම් නම් කරන්නේ මිනී වලලවල් හාරලා නැති ප්‍රසන ඇතිකර ගන්නේ මොකටද? රටට පෞරාණික වශයෙන් වැදගත් කමක් ඇතිදේ පමණක් මතුකරගන්න.

:       0       0

එම්. ඒ.ජේ Saturday, 13 October 2018 04:49 AM

මහචාර්ය රාජ් සෝමදේවගේ වාර්තා කියවා ඒවායේ කරුණු කියවා තේරුම් ගැනීමට සුදුසු වෙනත් පුරාවිද්‍යා වෘත්තිකයින් රටේ සිටිය නොහැක. එය ඉතා පැහැදිලිය. පුරා විද්‍යාව පිළිබඳ පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක්, ජාතික යාන්ත්‍රණයක්ද, තාක්ෂණ පහසුකම්ද නැති රටේ ඕනැම කෙනෙකුට ඕනැම තැනක වලක් හාරා ගල් කෑල්ලක් සොයාගෙන එය බුදුන්ගේ කාලේ එකක් යැයි කීවිට එය එසේ නොවේ යැයි කීමට කිසිවකු ඉදිරිපත් නොවේ! - මහචාර්ය රාජ් සෝමදේව බොහෝ අත්දැකීම් ඇති වෘත්තිකයෙක් වන අතර ඔහු විසින්ම රටේ ඉතිහාසයක් ගොඩ නැගීමට උත්සාහ කරමින් සිටියි. බුදුන් ලංකාවට වැඩිය බව සනාථ කිරිමට වරක් ඔහු ඇට මාලයක් පෙන්විය. මිථ්‍යාව වැසිමට තවත් මිථ්‍යාවක් ගොඩ නැගීම බරපතල වැරැද්දක් පමණක් නොව පවතින පිළිගත් සත්‍ය විකෘති කිරිමකි. විකෘති කරන ලද ඉතිහාසය බොහෝවිට වර්තමාන ගැටළු ඇති කරති. මන්නාරම් සමූහ මිනීවල පිළිබඳ කැණීම් කටයුතු සිදුකිරීමට මහචාර්ය රාජ් සෝමදේවට කිසිදු සුදුසුකමක් නැත. එය කිරිමට සුදුසු වෘත්තිය කණ්ඩායම වන්නේ වෝහාරික (Forensic Medicine - Medical jurisprudence) වෛද්‍යවරුන්ය. මේ පිලිබඳ අප රටට බොහෝ අත්දැකීම්ඇ ති අතර සුදුසු වෙද්‍යවරුන් ද සිටිති.

:       3351       975

WardSaturday, 13 October 2018 06:30 AM

ඔබගේ දැනගැනීම පිණිස. එතුමා කැණීමට සම්බන්ධ වන්නේ වරලත් පුරාවිද්‍යාඥයා වශයෙන්. එතැන අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුලු සියලුම අංශ සිටිනවා. පුරාවිද්‍යාත්මක කැණීම් හා විශ්ලේෂණය පමණයි මහාචාර්‍යතුමාගේ වගකීම.

:       0       345

SarathSaturday, 13 October 2018 07:42 AM

වැඩේ කියන්නේ පත්තරේ එහෙම කියද්දී කොහේවත් යන අය මහාචාර්යතුමාගේ සොයාගැනීම් විහිලුවකට ගන්න එකනේ... පුරාවිද්‍යාව ගැන මෙලෝක දැනුමක් නැති මෙවැනි අයට සිංහලයාගේ ඉතිහාසය ඇහේ ක‍ටු ඇනෙන්නාක් වැනිය. පාසල් අධ්‍යාපනයෙන් එය අයින් කලේ මෙවැනි බටහිර ගැත්තන් බිහිකරවා ගැනීමටයි. අනුරාධපුරේ තියෙන ගල්කෑලි, ගඩොල්කෑලි ඩෝසර් කර සීගිරිය ගල්කොරියක් කල දාට ඒ අයට සැනසිල්ලේ නිදාගත හැකිය.

:       45       200

GihanSaturday, 13 October 2018 07:43 AM

මන්නාරම් මිනීවලේ කැනීම් වල ඉස්සෙල්ලම කරන්න ඕනේ කාබන් කාල නිර්ණය වාර්ථාව.... කෝ ඒක? ඔය කොයි කාලේ මිනිස්සුද කියල නේද ඉස්සෙල්ලම බලන්න ඕනේ?

:       4       68

wardSaturday, 13 October 2018 09:04 PM

සාමාන්‍ය පියවර නම් පළමුව සාධක අත්පත් කරගෙන අනතුරුව විශ්ලේෂණය සිදු කිරීමයි. සංසිද්ධි අනුපිළිවෙළ වැදගත් වන නිසා. දැනගැනීමට ඇති ආකාරයට එසේ වාර්තාකරණය කල සාධක කිහිපයක් දැනට දාතම කිරීමට යවා තිබෙනවා. වාර්තාවක් ලැබෙන්නට කෙටි කලක් ගත විය හැකියි.

:       0       0

GiganageSaturday, 13 October 2018 07:46 AM

අවුරුදු 50ක ඉතිහාසයක් නැති අයට 2500 ඉතිහාසෙත් දරාගන්න අමාරුයි. ඒක ඊටත් එහා කියල සාක්ෂි ඇතුව කියනකොට නිකන් ගල්කෑලි, ඇටමාල. පව් ඉතින්.

:       44       246

Jaya Nanda Saturday, 13 October 2018 05:22 AM

ඔහුව පුරවිද්‍යා දෙපාර්තමේන්තුවෙහි උසස් තනතුරකට පත්කරන්න සුදුසුකම් ඉතා ඉහළයි.

:       37       982

මහරාජ් සුපිරිවාමදේව Saturday, 13 October 2018 07:27 AM

ඔහුට විදේශ රටක පුරවැසිකම ලබාදී පිටරටකට යැවීම වඩා සුදුසුයි කියල හිතෙන්නේ නැත්ද? හොඳ වඩාත් කරනවා නමුත් කරන විහිළු නිසා අපේ ඉතිහාසය මිනිහ අතින් කුරුවල් වේගෙන යනවනේ. මන්නාරම් මිනීවල නම් හොයන එක නවත්තන්දැයි එ්ක ආණ්ඩුවේ වැඩක් කියලා ඔප්පු කරලා කොටින්ට ඕනෑදේ කරලා දෙන්න මේ ආණ්ඩුව ගොඩක් උත්සහ ගන්නවා තමයි. නමුත් ඒ ත්‍රස්තවාදී වැඩේ නවත්තන්න වෙන පිළියමක් හොයාගන්න ඕනේ. රාජ් සෝමදේව කොතැනද? එතන විහිළුවක්...

:       82       4

wardSaturday, 13 October 2018 09:20 PM

ඉතිහාසය කියන්නේ ගතිකත්වය ස්වභාව කරගත්, සුසමාදර්ශ අනුසාරයෙන් කාලානුරූපව පැහැදිලි කරන සංකල්පයක් . අපිට දැනට එවැනි සුසමාදර්ශ කිහිපයක් තිබෙනවා. විද්වතුන් ශාස්තීය පර්යේෂණ කරන්නේ හා මතවාදීමය ගැටුම්වලින් උත්සහා වඩාත් පිලිගත හැකි පුවතක් ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි අපේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු වැඩි කොටසක් සංවර්ධිත රටවලට පලවා හැරලා ඉවරයි. දැනට මා සිටින්නේ එවැනි පිරිසක් ඇසුරු කරමින්. අපේ රටට බුද්ධිමත් මිනිසුන් කරදරයක් ද? මතවාදයකට මතවාදයකින් පිලිතුරු දියහැකි උගතුන් අනවශ්‍ය ද? දහසක් මත ගැටේවා කියන්න බැරිද? මේ වාදයට පාදක සිද්ධි ගැන ශාස්තීය සංවාදයක් කවදා ඇති වේද?

:       0       205

sam Saturday, 13 October 2018 05:46 AM

අවශ්‍ය දැනුම දෙපාර්තමේන්තුවට නැත්නම් මෙච්චරකල් ඕකේ ඉන්න අය මොනවාද කරන්නේ. සෝමදේව අලුත් තාක්ෂණය සහ දැනුම සමඟ රට වෙනුවෙන් කරනදේ ඔය දෙපාර්තමේන්තුවේ ඉන්න කකුල් දෙකේ ඇවිදින පුරාවිද්‍යා වස්තුවලට අල්ලන්නේ නැද්ද දන්නේ නැහැ.

:       0       4

himal Saturday, 13 October 2018 10:58 AM

උගතෙක් වූ මේ මහැදුරුතුමා තමන්ගේ කැනීම් වලින් ලත් පුරාවස්තු තවමත් භාර නොදී ඇතිබවට ආරංචියකි. තමන්ගේ බලපත්‍රය ලබා ගැනීමට ඊනියා ජාතිවාදයක් හා දේශපාලනයකට මුවා වීම කණග‍ාටුදායකයි. මෙම මහැදුරුවරයාගේ පර්යේෂණ පත්‍රිකා පරීක්ෂා කරන්නේ මහැදුරු දැරණියගල බැවින් මෙම කටයුත්තට ඒ මහතා සුදුසුයි.

:       32       63

චමික Saturday, 13 October 2018 02:46 PM

මේ තීරණය උචිතයි. මෙතුමා තම වාර්තා ඉදිරිපත් නොකිරීම හා පුරාවස්තු භාර නොදීම නිසයි කැණීම් බලපත්‍රය අලුත් නොකර තිබෙන්නේ. එමෙන්ම උඩ කොමෙන්ටුවේ පරිදිම මන්නාරම සමූහ මිනීවල පරීකෂා කිරීමට අවශ්‍ය වෝහාරික වෛද්‍ය විද්‍යා දැනුම එතුමා සතුව නැහැ. එසේවුවත් මේ තීරණයට ජාතිකවාදී දේශපාලනය ගාවා ගනිමින් ඒ මහතා හා ජාතිකවාදී දේශපාලඥයන් හා ෆේස්බුක් අනුචරයන් අමුතුම රංගනයක් ඉදිරිපත් කරනවා.

:       366       62

Lanka Wednesday, 17 October 2018 01:04 AM

ගරු ජනාධිපතිතුමනි, පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරන්න. එතකොට ඔය ප්‍රශ්ණේ ඉවරවෙයිනේ. නැතිනම් එතුමාට ඇමෙරිකාවට එන්න දෙන්න. එතුමා වැනි විශිෂ්ට ගනයේ බුද්ධිමතකුගේ පර්යේෂණ ඇමෙරිකාව මහත් ඉහළින් අගය කරාවි. ඒවා සංරක්ෂණය කරාවි. එතුමාගේ සහයට ඇමෙරිකාවේ උගත් බුද්ධිමත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කණ්ඩායමක් ඒකරාශී වෙමින් ඉන්නවා. එතුමාට තව කරදර කරන්න එපා! මේ විදිහේ කෙණෙහිලි නිසා එතුමා ශ්‍රී ලංකාවට අහිමි වෙන දිනය වැඩි ඈතක නෙවෙයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 114 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 267 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 309 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 240 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 346 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 125 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site