
(ඩයනා උදයංගනී)
ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා වශයෙන් ද කෙටි කළක් කටයුතු කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇති ඒ මහතා දීර්ඝ කාලයක් ජපානයේ අධ්‍යයන කටයුතුවල යෙදී සිට ඇති අතර ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ද ජපානයේ විශ්ව විද්‍යාලයකිනි.
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.
COMMENTS
සති අන්ත පුවත්තකින් මෙතුමාගේ ‘පැණිකැවුම්‘ කියවා රසවින්දෙමි.. එතුමාට නිවන්සැප ලැබේවා..!!!
‘පැණිවළලු‘ පත්තරේට ලිව්වේ මෙතුමා නේද? නිවන් සුව ලැබේවා..
ඉරිදා ලංකාදීප පත්තරයට " පැණි වළලු " කියන තීරු ලිපිය ලියු පුද්ගලයා පිළිබඳව සොයා බලද්දී තමයි මට මෙතුමා ගැන දැනගන්න ලැබුනේ මුල්වරට.. තවත් කලක් සිංහල භාෂාවට, සාහිත්‍යයට, ජන මාධ්‍යයට විශාල සේවයක් කිරීමට ඉඩතිබුණත්.. දෛවය මේ ඉරණම එතුමාගේ ඉරණම් කතාවේ ලියලා තියෙන්න ඇති. ගරු මහාචාර්යතුමනි, ඔබතුමන්ට නිවන් සුව පතමි.