IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහනුවර ඇසළ පෙරහරෙහි අවසන් රන්දෝලි පෙරහර අද


 (ඩයනා උදයංගනී)
 

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන අද (3) රාත්‍රියේ වීදි සංචාරය කෙරේ.
 
පෙරහර රාත්‍රී 7.14 ටගමන් ආරම්භ කර දළඳා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියට අවතීර්ණ වී රජවීදියෙන් ගමන් කර යළි මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට ගෙවදීමට නියමිතය.

 මෙවර කොවිඞ් 19 වසංගතය හේතුවෙන් පෙරහර නැරඹීම සඳහා පැමිණීමට ජනතාවට ඉඩ සලසා නොමැති අතර රූපවාහිනී නාලිකා ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ එය සජීවීව නැරඹීමේ පහසුකම් සළසා තිබේ.

 එබැවින් මහනුවරට නොගියත්, නිවසේ සිට රූපවාහිනියෙන් මෙන්ම අන්තර්ජාලයෙන්, සෙන්කඩගල පුර සිරි දළදා පෙරහර නරඹන්නැයි බැතිමතුන්ට ආරාධනා කරන බව මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

 මෙවර සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව සිදුකරන ලෙස කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය ලබාදුන් නිර්දේශ අනුව මෙම පියවර ගෙන තිබිණි.

 මෙවර දළඳා පෙරහර මංගල්‍යය ඉකුත් ජූලි 21 වැනිදා අලුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණු සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රයෙන් අනතුරුව ආරම්භ විය.

 කප් සිටුවීමේ මංගල්‍යය ද පුරාණ චාරිත්‍රානුකූලව හා ආගමික වතාවත්වලට අනුව සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 දළදා පෙරහරේ කුඹල්  පෙරහර අරම්භ වූයේ ඉකුත් 25 වැනිදාය. අවසන් කුඹල් පෙරහැර 29 වැනිදා පැවැත්වුණු අතර 30 වැනිදා රාත්‍රියේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරිණි.

 නරඹන්නන් නොමැති වුවත් සතර මහා දේවාල පෙරහැර ඇතුළුව පෙර වසරවලදී මෙන්ම අලි ඇතුන්, නර්තනාංග රාශියකින් සමන්විතව දළඳා පෙරහැර වීදි සංචාරය කෙරිණි.

 ගැටඹේ මහවැලි තොටේදී හෙට (4) සිදුකෙරෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසු කටුකැලේ ගණදෙවි කෝවිලේදී දේව පූජාවක් පැවැත්වීමෙන් මෙවර පෙරහර මංගල්‍යය නිමාවනු ඇත.

කොවිඞ් 19 වයිරසයේ බලපෑම හේතුවෙන් වෙනදාට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන් මෙවර නොමැති වුවද පෙරහැරේ සියලු කටයුතු මෙවර ද සිදුවූයේ සියලු සාම්ප්‍රදායික චාරිත්‍ර  අනුවය.

 



අදහස් (0)

මහනුවර ඇසළ පෙරහරෙහි අවසන් රන්දෝලි පෙරහර අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site