(සෙනරත් බණ්ඩාර)
මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ.
යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් බෝම්බ රැගෙන විත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර මෙය කවුරුන් විසින් සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.
ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්යි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තේරෙනවා නේද මේවා සැලසුම් සහගත ඇවිසීම් කියලා. දැන්වත් තරාතිරම නොබලා, පක්ෂ පාට නොබලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට මහජනතාව සහ සිවිල් සංවිධාන බල කල යුතුයි. මුස්ලිම් අයත් තේරුම් ගත්තොත් හොඳයි අන් ජාතීන්ව කුලප්පු නොකර සහජීවනයෙන් ඉන්න.