(එෆ්.අස්ලම්)
නව රජය වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීමෙන් පසු යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් කේන්ද්‍රගතව මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.
නව රජයේ මෙම තීරණයෙන් පසු උතුරේ ප්‍රදේශ ගණනාවක පස් වැලි ගොඩදැමීම් සහ ප්‍රවාහනයන් ජාවාරම් වශයෙන් සිදුවන බවද සිද්ධාර්ථන් මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම්වත් කර ඇති මන්ත්‍රීවරයා දිනකට ලොරි සහ ට්‍රැක්ටර් රථ සිය ගණකින් වැලි ප්‍රවාහනය කරන බවටද එහි සදහන් කර ඇත.
යාපනය කිලිනොච්චිය දිස්ත්‍රීක්කවල පිහිටි මරුදංකේනි,පලෙයි,කරෙයිචි යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ කේන්ද්‍රගතව පස් හා වැලි ගොඩදැමීම් ජාවාරම් ලෙසින් සිදුවන බවද පෙන්වා දී ඇත.
පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලාලි, අල්ලිපලෙයි, පූලෝපලෙයි, ඉයක්කච්චි,මන්දුවිල්,සුන්ඩිකුලම් ආදී ප්‍රදේශවල පෞද්ගලික ඉඩම්වල මෙම ගොඩදැමීම් සීඝ්‍ර වශයෙන් සිදුවන බවත් රජය මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් සිය ලිපියෙන් තවදුරටත් අවධාරණය කර තිබේ.
දිනකට 100 කට වැඩි ට්‍රැක්ටර් හා ලොරි රථ වලින් මෙලෙස පස්,වැලි ප්‍රවාහනය කිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද බලාපොරොත්තු වෙනවා යැයි ද සිද්ධාර්ථන් මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.
COMMENTS
මේක තමයි වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීමෙන් බලාපොරොත්තු වුනේ... මොකටද කලබල වෙන්නේ?
හලෝ වැලි ප්‍රවාහන පමණයි බලපත්‍ර ඉවත් කලේ වැලි ගොඩ දැමීමට බලපත්‍ර ඕනේ... ඒ නිසා කියනවා හැම තැනම බලපත්‍ර රහිතව වැලි ගොඩදානවා කියලා... ප්‍රශ්නය එතැනයි තිබෙන්නේ. මම මහියංගනයේදී දැක්ක පොලිස්කාරයන් හැම හන්දියකදීම පගාව ගන්නවා. ඒවා කිසිකතාවක් නැතුව ලොරිකාරයන් ගෙවනවා. නමුත් ඒවා අයවෙන්නේ පාරිභෝගිකයාගේ බිලෙන්... මේ වැලි ගෙනියන්නේ ගොඩනැගිලි හදන්න මිස වෙන බම්බුවකට නොවෙයි. බලපත්‍ර ඉවත් කිරීම නිසා පාරිභෝගිකයාට අඩුමිලට වැලි ලැබෙනවා. හැබැයි වැලි ප්‍රවාහනයෙන් අධික ලාභ ලැබූ ටික දෙනකුට කෙළවුණා.
වැලි සහ පස් ගොඩදැමීමට බලපත්‍ර ඕනේ... හැමතැනම වැලි පස් ගොඩ දානවා නම් බලපත්‍ර නැතුව එක නීති විරෝධීය. ඒ ගොල්ලන්ට නීතිය අනුව අත්අඩංගුවට ගෙන දඬුවම් කරන්න. ව්‍යාපාරය වසාදමන්න.
බාගෙන කනවල දැන් ඉතින් ඉහගෙන කනවා.
ඡන්දෙදි පරිසර හිතකාමී. ගොන්නු ඇඳිලා පැල හිටවනවා. පවු දෙයියනේ 69 ලක්ෂයෙන් කීදෙනෙක් ජාවාරම් කාරයෝද ජාවාරම් කාරයින්ට නම් ඉක්මන් ප්‍රතිලාබ වරායේ ක්න්ටේනර් ස්කෑන් කිරීම ඉවරයි, වැලි පස් ප්‍රවාහනය බලපත්‍ර නැතිව. වෙනස මාරයි පරිසරය හමාරයි. ඡන්දෙ කාලේ හිටවපු ගස් ටික තියෙනවද. 71 වසරක් ඇදගෙන තවත් 5 වසරක් එලෙසම
ඡන්දෙදි පරිසර හිතකාමී. ගොන්නු ඇඳිලා පැල හිටවනවා. පවු දෙයියනේ 69 ලක්ෂයෙන් කෙදෙනෙක් ජාවාරම් කාරයන්ද ජාවාරම්කාරයින්ට නම් ඉක්මන් ප්‍රතිලාබ වරායේ ක්න්ටේනර් ස්කෑන් කිරීම ඉවරයි, වැලි පස් ප්‍රවාහනය බලපත්‍ර නැතිව. වෙනස මාරයි පරිසරය හමාරයි. ඡන්දෙ කාලේ හිටවපු ගස් ටික තියෙනවද. 71 වසරක් ඇදගෙන තවත් 5 වසරක් එලෙසම
මෙම තීරණය නිසා රටෙි බොහෝ පළාත්වල පරිසර විනාශය උග්‍ර වී තිබෙනවා.