( නිශාන්ත කුමාර)
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ පහරකෑමට ලක්වූ බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
සභාපතිවරයාට පහරදී ඇත්තේද ඒක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරියකි.
පහරදීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර අද (27) දින කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා හා අදාල මන්ත්‍රීවරිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුවී ඇත.
සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්... ලැජ්ජාවේ බැහැ..
පාට, පක්ෂ, ලාංඡනවල අති විශාල වෙනසක් තිබුණත් මේ අම්බරුවන්ගේ, "ගති පැවැතුම්" වල කිසිඳු වෙනසක් නැති බවට මෙයද කදිම උදාහරණයකි...
සෙරෙප්පු පාරක් වත්ද?