IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මධ්‍යම සංස්කෘතික අරමුදල මහාභාණ්ඩාගාරයෙන් මාසිකව කෝටි 13.5 ක් ඉල්ලයි

 

(අජන්ත කුමාර අගලකඩ)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මාසිකව රුපියල් කෝටි 13 1/2 ක (කෝටි දහතුනහමාරක) මුදලක් ලබා දෙන්නැයි මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.

කෝවිඩ් 19 වයිරසයත් සමග සංචාරක ව්‍යාපාරය කඩාවැටීම නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම අහිමි වී ඇති බැවින් මහා භාණ්ඩාගාරයෙන් මෙම මුදල ඉල්ලා ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දෛනික ප්‍රෙව්ශපත් ආදායම රුපියල් 130,000ක් පමණ දක්වා අඩුවී ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

අරමුදලේ සේවක වැටුප් ගෙවීමට වසරකට රුපියල් කෝටි 11ක පමණ මුදලක්ද, අත්‍යාවශ්‍ය වියදම් සඳහා මසකට රුපියල් කෝටි 2  1/2 (කෝටි දෙකහමාරක) පමණ මුදලක්ද අවශ්‍ය වන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට වාර්තා කර ඇත.



අදහස් (6)

මධ්‍යම සංස්කෘතික අරමුදල මහාභාණ්ඩාගාරයෙන් මාසිකව කෝටි 13.5 ක් ඉල්ලයි

කොටි 13 Wednesday, 14 October 2020 04:34 AM

කෝටි 13 කට ආපහු ලැබෙන රිටර්න් එක මොකක්ද?

:       0       4

kamal Wednesday, 14 October 2020 04:55 AM

දැන් ඉන්න රජවරුන්ගේ වැඩවලට වන්දි ගෙවන්න වෙනවා වගේම පුරාණේ අයගේ වැඩවලටත් අපිටම තමයි ගෙවන්න වෙලා තියෙන්නේ.

:       0       7

Sumanathissa Wednesday, 14 October 2020 05:31 AM

සල්ලි වලට කෑදර මිනිස්සුන්ට රට බාරදුන්නාම ඔහොම තමයි. රටට ආදරේ මිනිස්සු නැති රටක්... කොහොම සංවර්ධනය කරන්නද?

:       1       9

සිරි Wednesday, 14 October 2020 11:47 AM

සංචාරක ව්‍යාපාරය හොඳින් තිබුණු වකවානුවේදී මේ අරමුදලේ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එකතුවී තිබුණු බව අසා ඇත. කලින් සිටි බලධාරින් එම මුදල් අයුතු ලෙස පරිභෝජනය කළ නිසා දැන් හිඟමනට පත්වී ඇත. අහෝ ඛේදයකි.

:       0       8

Billa Thursday, 15 October 2020 10:14 AM

අපොයි රැකගන්න සංස්කෘතියක් තියෙනවා නම් කමක් නැහැ.

:       0       4

janaka Saturday, 17 October 2020 04:28 AM

හිටපු ඇමති සහ සමගි ජනබල වේගයේ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් තමයි ඉල්ලගන්න තියෙන්නේ. එයානේ මේ ආයතනයේ සල්ලි ගත්තේ... එයාගේ තාත්තාගේ කාලෙ එස්.ටී.එෆ් එක ආරක්ෂාවට තියාගෙන නිධන් ගොඩගත්තා.

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site