(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නාය යෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය අද (20 වැනිදා) සවස නිකුත් කරනු ලැබ තිබේ.
මධ්‍යම පළාත තුළ අද අළුයම් කාලයේ සිට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටද, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද මෙලෙස නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
ගෙවී ගිය පැය 24 තුළ මෙම ප්‍රදේශයේ වර්ෂාපතනය මිලි මීටර් 75 ඉක්මවා ඇති බැවින් තව දුරටත් වැසි පවතීනම් නාය යෑමේ, බෑවුම් කඩා වැටිමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානමක් පැවතිය හැකි බැවින් ජනතාව වඩාත් අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස හතරකට නායයෑමේ නිවේදන