මද්‍රාසා පාසල්වල උගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
එසේ පැමිණෙන පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල උගැන්වීමට යෙදවීම වගකීම විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ එම පුද්ගලයන්ගේ තොරතුරු සොයාබැලීමට කටයුතු කළ යුතු බවත්, එම පාසල්වල උගන්වන පාඨමාලා, සිසුන් බඳවාගන්නා ආකාරය ඇතුළු කරුණු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අධීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවූ බවත්, යහපාලන රජය එය අඩාල කර දැමූ බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මද්‍රාසා පාසල්වල උගන්වන විදේශිකයන් ගැන මම හොයා බලනවා
Prabha Friday, 20 November 2020 02:00 PM
කලින් කිව්වේ වහලා දානවා කියලා නේද?
sachith Friday, 20 November 2020 02:54 PM
මේ එන්නේ බොහෝදුරට පෙරහරේ කසකාරයෙක්. තව සතියකින්, දෙකකින් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් කියලා තව කට්ටියක් අල්ලලා හිරේ දායි. ඊටපස්සේ කොරෝනාවෙන් මැරෙන මුස්ලිම් ආගමිකයන්ගේ මළසිරුරු භූමදානය කරන්න අවසර දෙයි.
Perera Friday, 20 November 2020 06:33 PM
නහින දෙහින හරියට පෙනෙන්නෙත් නැති කාලේ එක එක දේවල් හොයන්නේ නැතිව ගෙදර ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න මහාචාර්යතුමෝ...
kalana Saturday, 21 November 2020 01:22 AM
තහනම් කරලා දාන්න කොන්ද පන නැහැ... 20 කරලා දුන්නනේ... රට බල්ලට ගියාට මොකද නේද?
BamunuarachchiSunday, 22 November 2020 01:41 AM
බොහොම පටු දර්ශනයක් තිබෙන්නේ නේද? අපේ මිනිස්සු බොහොමයක් රැකියාවල් කරන්නේ මුස්ලිම් රටවල... ඒ මිනිසුන් තමයි වැඩිම විදේශීය විනිමයක් රටට ගෙනෙන්නේ... අපි ඉස්ලාම් ආගමට විරුද්ධව කටයුතු කරනවා කියා ප්‍රචාරය කළාම ඒ රටවලින් අපේ මිනිසුන්ට රැකියාවල අහිමි කළාම මොකද වෙන්නේ...? රජයට නොවෙයි අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. මම ඔවුන්ගේ කඩ වර්ජනය කරනවා. ඔවුන්ට ඉඩම් විකුණන්නේ නැහැ. ගෙවල් කුලියට දෙන්නේ නැහැ.
BamunuarachchiSunday, 22 November 2020 01:44 AM
කතාව නම් ඊයේ ඉපදිලා වගෙයි. හලෝ 20 එන්න කලින් 19 කොරගෙන ගිය ගොයියෝ තමයි රටේ වටිනා අමාත්‍යාංශ 40ස් ගණනක් ඔවුන්ට දීලා තිබුනේ...
sam Saturday, 21 November 2020 01:59 AM
සෑහෙන ලොකු නින්දකින් පස්සේ නැගිටලා වගේ. දැන් පරක්කු වැඩියි.
some malli Saturday, 21 November 2020 10:23 AM
මැරිලා යන තැනකට ගෙනියන්න දෙයක් හොයාගත්තා නම් නරකද ?
Bamunuarachchi Sunday, 22 November 2020 01:32 AM
හොයලා බලලා මදි.. ඔවුන් මේ රටින් පන්නා දමන්න. මේ රටේ ඔය ආගම උගන්වන්න බහුස්‍රැතයින් නැද්ද?
fairoos Sunday, 22 November 2020 07:54 AM
මද්‍රසා පාසල්වල විතරද විදේශිකයන් ඉගැන්නුවෙ... සියලුම පාසල්වල උගන්වන විදේශිකයන් ගැන සොයා බලන්න. අන්තවාදීන් මද්‍රසා පාසල්වල විතරක් නෙමෙයි ඉන්නේ. නීතිය කාටත් පොදුවිය යුතුයි.