IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැර කරන ව්‍යාජ බැංකුවක් සොයාගනී

(ඉන්දිකා රාමනායක)

මත්කුඩු ජාවාරම්වල නිරත ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන්  උපයන මුදල්  මහපරිමාණ මත්කුඩු  ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැරකරන විශ්‍රාමික බැංකු නිලධාරියකු විසින් රහසිගතව පවත්වාගෙන යන ව්‍යාජ බැංකුවක් වේරහැර ප්‍රදේශයේ දී සොයාගත් බව  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (03) පැවසීය.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්කුඩු ජාවාරමෙන් උපයාගන්නා  මුදල්  මෙම   විශ්‍රාමික බැංකු නිලධාරියාට ලබා දෙන බවත් ඔහු  එම සියලු මුදල් ලබාගෙන ඔහුගේ බැංකු ගිණුමෙන් අදාළ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ  ගිණුම් වලට බැරකරන බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10 දෙනකුගේ ගිණුම් වලට මේ ආකාරයෙන්  මුදල් බැරකර ඇති බවට  තොරතුරු හෙළිවී ඇති බවද  දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම සැකකරු මාසයකට ආසන්න කාලයක් තුළ රුපියල් ලක්ෂ 65 ක මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති බවත්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මොහු මෙම මුදල් බැරකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂයට රුපියල් 9000  බැගින්  කොමිස් මුදල් අයකරන බවත් ලක්ෂ 50 ක් බැර කළහොත් ඊට සාපේක්ෂකව  කොමිස් මුදල් ලබා ගන්නා බවත් තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මොහු   කොපමණ  කාලයක සිට  මෙම මුදල් බැර කිරීම සිදුකළේ ද  කිනම් ගිණුම් වලට මුදල් බැර කළේද  යන්න තොරතුරු හෙළි කර ගැනීම සඳහා  පරීක්ෂණ ආරම්භ කර ඇති බවද තෙන්නකෝන් මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මත්ද්‍රව්‍ය  නාශක අංශය, විශේෂ පොලිස් ඒකක හා පොලිස් ස්ථාන මගින්  වැටලිම් වැඩි කර අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය වැඩි කරන්න    පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ජාවාරමෙන් උපයාගත්  මුදල් කාගේ ගිණුම් වලට බැර කර ඇති ද , ඔවුන් කවුද යන්න හෙළි කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්  පොලිස්පතිවරයාගේ  නියමයෙන් ආරම්භ කර ඇති බවද  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ජාවාරම්කරුවන් හා ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන්   විමර්ශන කිරීමට පොලිස්පතිවරයා උපදෙස් මත විශේෂ ඒකකයක් ඉදිරියේ දී ඉදිකිරීමට බලා පොරොත්තු වන බවත් ජාවාරම්කරුවන්  මෙම ධනයෙන්  මිලදී ගත්  නිවාස, ඉඩකම් , වාහන, ඇතුලු දේපළ  රාජසන්තක කිරීමට මුදල් විශූද්ධීකරණ පනත යටතේ කටයුතු සිදුකරමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයන් රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇති බවත්   මොවුන් බොහොමයක් බන්ධනාගාරවල  සිටින ජාවාරම්කරුවන්  සමඟ සම්බන්ධකම් පවත්වමින් සමාජයෙන් නොයෙක් හොඳ මුහුණු වලින් පෙනී සිටින පුද්ගයන් බවත් හෙතෙම කීය.

ගම්වල චංඩීන් වශයෙන් පෙනී සිටිමින්  පිහි ,කඩු, තියුණු ආයුධ පෙන්වා පුද්ගලයන්  බිය ගන්වන සංවිධානාත්මක කල්ලි අත්අඩංගුවට ගන්නා  ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට  උපදෙස් ලබා දී ඇති බවත්  තෙන්නකෝන් මහතා කියා සිටියේය.

පසුගිය සතිය තුළ  එවැනි පුද්ගලයන් 80 දෙනෙක් පමණ   අත්අඩංගුවට ගත් බවත්   මොවුන්  පිහි , මන්නා, කඩු ,ඇතුලු  තියුණු ආයුධ පෙන්වා ගම්වල අනසක පතුරවමින් ඉඩම් ආරවුල්,  ඇතුලු ආරවුල් වලට මැදිහත්  වෙලා තියනවා කියලා තොරතුරු ලැබී ඇති  බවද හෙතෙම කියා සිටියේය.

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව  සිදුකරන මෙහෙයුම් වලට අමතරව විදේශ රටවලට පලාගොස් සිටින සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට  කටයුතු  අවශ්‍ය කටයුතු   සිදුකරමින්  පවතින බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේ  පොලිස් මූලස්ථානයේ අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (4)

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැර කරන ව්‍යාජ බැංකුවක් සොයාගනී

Sachin Friday, 03 July 2020 03:43 PM

මේවට නඩු තීන්දු ඉක්මණට ලැබෙනවා නම් ගොඩක් හොඳයි. ඇදෙනවා කියන්නේ බේරෙනවා කියන එක තමයි වෙන්නේ... ඊට පස්සේ නිකන් බොරු ෂෝ තමයි වෙන්නේ...

:       0       85

මුණසිංහ Saturday, 04 July 2020 02:14 AM

මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා. ව්‍යාජ බැංකුවක්ද? බැංකු ගිණුමක්ද? ව්‍යාජ බැංකුවක් නම් ඒක රහසිගත වෙන්න බෑ. එවැනි බැංකුවකින් කොහොමද වෙනත් බැංකු ගිණුමකට මුදල් යන්නේ? එහෙම කරනවා නම් හැම කෙනෙකුටම බැංකු පවත්වාගෙන යන්න පුළුවන්. මෙවැනි දේකට මහ බැංකුව වග කිවයුතු වෙනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 04 July 2020 07:12 AM

දේශපාලනය කුමක් වුවත් වත්මන් ජනපතිතුමාට මේ කුඩු උවදුර මර්ධනය කරන්නට සැබෑ වුවමනාවක් තිබෙන බව පේනවා. එතුමා නොවන්නට මේ රටට මොනවා වෙයිද වේදැයි සැක සහිතයි. මේ බැංකු ගැන මෙතෙක් පැවැති රජයන් අඩුම තරමේ දැනසිටියේ වත් නැහැ. එවන් පසුබිමක කොරෝනා වසංගතයක් නිමා කර ගැනීම ගැනද සුළුවෙන් සිතිය යුතු නැහැ. කරුමය කියන්නේ මේ තීරයේ තමන්ගේ අදහස උගතෙකුට පැවසීමට බැරි තත්වයක් උදා වෙලා ගියේ එක්තරා ප්‍රවෘත්තියකදී සෑම් නමැත්තෙක් මා හට මෝඩ කතා කියනවා යැයි අවමන් කළා. සෑම් හිතන්නේ ඒ ඒ ගොල්ලන්ගේ ජේවීපි දර්ශනය පමණක් හරි කියා. අපහාස නීතියක් ගැන කිසිඳු දෙයක් දන්නේ නැහැ. ඒත් වෛර සහගත ප්‍රකාශ තමයි කරන්නේ... අප එසේ නොවේ. කවුරුන් හෝ හොඳක් කළහොත් අප එයට හොඳයි කියනවා. නරක කවුරු කළත් නරකයි කියනවා. ජේවීපී එකට විරුද්ධ නම්, යකා නගිනවා... පහත් භාෂාව යොදනවා... හරි, වැරැද්ද සොයන්නේ නැහැ. ජේවීපී එක රටේ හොරමැරකම් සොයනවා. අප එයට කැමතියි. එහෙත් සෑම් වගේ මිනිසුන්ට අප කැමති නැහැ.

:       43       251

සෙනෙවිරත්න Saturday, 04 July 2020 01:54 PM

මහත්තයෝ පොහොට්ටුව කෙනෙකුට විරුද්ධව කතා කරන්න... බලන්න වෙනදේ, ඔබ දේශද්‍රෝහියෙකු වනහැටි බලන්න..

:       9       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15592 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site