
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දීර්ඝ කාලයක සිට කොටි සංවිධානය සමඟ සබඳතා පවත්වමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 5 දෙනෙකු රාජගිරිය හන්දියේ දී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
එහිදී වැඩිදුරටත් කළ විමර්ශන වලදී රුපියල් ලක්ෂ 750ක නීත්‍යානුකූල නොවන මුදලක් කොළඹ පෙදෙසට අයත් පෞද්ගලික බැංකුවකින් ලබාගැනීමට පැමිණි බව පොලිසිය පවසයි.
සැකකරුවන් දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd