IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


මඩකලපුවේ හර්තාල්

(වසන්ත චන්ද්‍රපාල)

නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා මහතා පත්කිරීමට විරෝධය දක්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයේද අඩුවක් දකින්නට හැකිවිය.

නැගෙනහිර දෙමළ එකමුතුව නමින් වූ සංවිධානයක් මෙම හර්තාල් ව්‍යාපාරය පිළිබඳව අත් පත්‍රිකාවක්ද නගරය පුරා බෙදා හැර තිබේ.හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධූරයට පත්වීම හේතුවෙන් නැගෙනහිර පළාතේ ඉඩම් බෙදීමේදී දෙමළ ජනතාවට අසාධාරණයක් වීම හේතුවෙන් මෙම හර්තාල් ව්‍යාපාරය පවත්වන අතර එයට සහය දෙන ලෙසද එම පත්‍රිකාවේ සඳහන් වී තිබේ.

දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශවල මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක ව අතර මුස්ලිම් ජනතාව ජීවත්වෙන ප්‍රදේශවල මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක නොවීය. මුස්ලිම් ජනතාව වාසය කරන කාත්තන්කුඩි නගරයේ කඩ සාප්පු විවෘත කර තිබෙන අයුරැ දැකීමට හැකිවිය.

මෙම ප්‍රෙද්ශය තුළ යම් සිදුවීමක් වුවහොත් එයට මුහුණ දීම සඳහා පොලිස් කණ්ඩායම් සුදානම් කර තිබූ අතර මෙම හර්තාලය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිසිදු කලහකාරී සිදුවීමක් වාර්තා නොවූ බව මඩකලපුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

 

 



අදහස් (6)

මඩකලපුවේ හර්තාල්

Bamunuarachchi Saturday, 12 January 2019 01:02 AM

දැන් සිංහල අපි "රයිට්" පටන්ගන්න ඕනේ සිංහල රටේ දෙමළුන්ට ඉඩම් දෙනවාට. කඩ වහගන්න බැරිනම් ගිනිතියා ගන්න.. එතරමට අපි කැමතියි.

:       130       214

Rajasinha Saturday, 12 January 2019 03:54 AM

උතුරු නැගෙනහිර සිංහලයන්ට අයිති නැද්ද? රජය පහසුකම් සපයා සිංහල ජනතාව වහාම පදිංචි කිරීමට කටයුතු කළ යුතුයි.

:       36       52

සෙනෙවි Saturday, 12 January 2019 03:14 PM

වාර්ගික සංයුතිය කෘත්‍රිමව වෙනස් කිරීම නව ප්‍රශ්න රැසක අාරම්බයයි.

:       1       1

BamunuarachchiSunday, 13 January 2019 01:08 AM

වාර්ගික සංයුතිය වෙනස්කලේ ප්‍රභාකරන්... එය නැවත වෙනස්කිරීමට හැකි රාජ්‍ය නායකයෙක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. වෙනස් කිරීමේදී ලැබෙන ගැහැට සිංහල ජාතිය වෙනුවෙන් ඉවසමු.

:       0       0

ajith Sunday, 13 January 2019 07:35 AM

හිස්බුල්ලාට නැගෙනහිර දුන්නට අපි නම් විරුද්ධ වෙන්නේ නැහැ. මොකද ඕවා ඉදිරි මැතිවරණයට ප්‍රයෝජනයට ගන්න බලාගෙන දීපු පත්වීම් නිසා. අපි දුක්වෙන්නේ බස්නාහිරට පත් කරන්න තරම් උගත්, බුද්ධිමත් වැදගත් පුද්ගලයෙක් ජනාධිපතිතුමාගේ වටේ ඉන්න සිංහල මහත්වරුන් අතරේ නොසිටීම පිළිබඳවයි.

:       0       0

Bamunuarachchi Sunday, 13 January 2019 06:09 PM

මොනවා උනත් නගරය ඉතා පිරිසිදු බව පෙනෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1244 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site