IMG-LOGO

මගියා කළ පැමිණිල්ලෙන් රියැදුරු අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා) 
 
කටුබැද්ද ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මගී ජීවිත අනතුරට ලක්වන ආකාරයට අපරීක්ෂාකාරීව, ධාවනය කිරීම හේතුවෙන් අද(14) බේරුවල නගරයේදී එහි රියැදුරු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
 
බස් රථයේ මගියකු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, බසය නවත්වන ලෙස රථවාහන නිලධාරීන් අණ කර ඇත.  රියදුරාට, රියදුරු බලපත්‍රය රැගෙන එන ලෙස දැන්වීමෙන් පසු ඔහු පැන ගොස් තිබිණි. පැය දෙකකටු පමණ පසු ඔහු පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් රියදුරා ඇඹිලිපිටිය ඇතිමලේ පදිංචිකරුවකු බවත් අවුරුදු හතරක සේවාකාලයක් සහිත අයකු බවත් පොලිසිය කියයි.
 
මේ වන විට රියදුරාට අයිති වලංගු රියදුරු බලපත්‍රය අහංගම පොලිසිය භාරයට ගෙන තිබෙන අතර තාවකාලික රියදුරු බලපත්‍ර දෙකක් පානදුර සහ මාතර පොලිස් ස්ථාන මගින් ලබාදී තිබියදී මෙසේ අන්තරාදායක ලෙස රිය පදවා තිබෙන බව පොලීසිය කියයි.

මේ පිළිබඳව කටුබැද්ද ඩිපෝවේ නිලධාරියකුගෙන් විමසූ විට කියාසිටියේ මෙම රියදුරා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගෙන  වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි.

අත්අඩංගුවට ගත් රියදුරා හෙට(15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

මගියා කළ පැමිණිල්ලෙන් රියැදුරු අත්අඩංගුවට

vipula Monday, 14 October 2019 11:16 AM

බොහොම හොදයි. වෙන රස්සාවක් කරන්න අවස්ථාව දෙන විදිහට කටයුතු කරන්න.

:       1       388

Gamarala Monday, 14 October 2019 01:21 PM

ඔය ලංගම බස් විතරයිනේ... කොළඹ දුවන පුද්ගලික බස් බොහොමයක් ඔහොම තමයි.

:       0       183

Weera Tuesday, 15 October 2019 06:05 AM

ලංගම බස් පමණක් නොවෙයි. පෞද්ගලික බස් රථ ඔයිට වඩා අන්තිමයි. අපි බස්වල යන මිනිස්සු. අපි දන්නවා බස්වල සිටින මගින් කැගහන්නේ නැහැ කවදාවත්ම ඔය තරම් වේගයෙන් යන්න කියල. අපි කැමති නියමිත වේගයෙන් පරිස්සමින් යන්න. අනික අපි ඉස්සර ඉදන් දන්නේ සහ දකින්නේ ලංගම බස් බොහොම විනීත රියදුරන් පදවනවා කියල. බොහොම මෑත කාලයේ සේවයට ගත්ත රියදුරන් තමයි ඔය ලොරි චැසි බස් අපරික්ෂාකරිව ධාවනය කරන්නේ.

:       1       9

PA - RA Wednesday, 16 October 2019 04:19 AM

මෙය සම්පුර්ණ වැරැද්ද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වගකිය යුතුයි. හේතුව ගමනා ගමන මණ්ඩලයට බැදුන බස් රියදුරන් පෞද්ගලික ධාවනයේ යෙදුන රියදුරන්ය.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 504 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site