IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බෝම්බකරුවන්ගේ ඩීඑන්ඒ සැසදේ

(ඉන්දිකා රාමනායක)

පාස්කු ඉරිදා  දින දේවස්ථාන තුනකට, තරුපහේ හෝටල් තුනකට හා  තවත් ස්ථාන දෙකකට  බෝම්බ ප‍්‍රහාර එල්ල කළ සියලූ බෝම්බකරුවන්ගේ  ඩී.එන්.ඒ  සැසදෙන බවට රජයේ රස පරීක්ෂකවරයා අද (21) තහවුරු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය.
 

කොළඹ ෂැංගි‍්‍රලා හෝටලයට  බෝම්බ ප‍්‍රහාර දෙකක්  එල්ල වී ඇති අතර ඉන් එක්  බෝම්බයක් පුපුරවාගත් මොහොමඞ්  ඊබ‍්‍රාහිම්  ඉල්හාම් අහමඩ් නැමැත්තා සහ සිනමන් ග‍්‍රෑන්ඞ්  හෝටලයේ බෝම්බය පුපුරවාගත් මොහොමඞ්  ඊබාහිම්  ඉන්ෂාත්  අහමඩ්  නැමැති  සහෝදරයන් දෙදෙනාගෙන්  ඩී. එන් .ඒ  ඔවුන්ගේ පියා වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ‍්‍රාහිම් නැමැත්තාගේ. ඩී.එන්.ඒ සමඟ සැසදෙන බවට  තහවුරු කර ඇති  බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
මීගමුව කටුවපිටිය  දේවස්ථානයට  බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ අච්චිමොහොම්මදු මොහොම්මදු  හස්තුන් නැමැත්තාගේ  ඩී.එන් ඒ ඔහුගේ දෙමාපියන්ගේ ඞී එන් ඒ සමග සැසදෙන බවට තහවුරු වී ඇති  බවද ගුණසේකර මහතා කියා සිටියේය.
 
කොච්චිකඩේ ශන්ත අන්තෝනි දේවස්ථානයට  ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරු වු   අලව්ඩීන් අහමඞ් මුවාත් නැමැත්තාගේ ඩී එන් ඒ ද ඔහුගේ දෙමාපියන්ගේ ඩී එන් ඒ සමග ගැලපෙන බවද හෙතෙම කීය. දෙහිවල  ලැගුම් හලක බෝම්බයක් පුපුරවාගත්  අබ්දුල් ලතීෆ්  ජමිල් මොහොමඩ් නැමැත්තාගේ ඩී එන් ඒ ඔහුගේ  දරුවාගේ ඞී එන් ඒ සමග ගැලපෙන බවද  තහවුරු වී ඇත.
 
මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පුපුරවාගත්  මොහොමඩ් නසාර් මොහොමඞ් අසාද් නැමැත්තාගේ ඩී එන් ඒ ඔහුගේ මවගේ ඩී එන්  ඒ සමග ගැලපෙන බවට තහවුරු වී ඇත.
 
කොළඹ කිංස්බරි හෝටලයේ බෝම්බකරු වන මොහොමඞ් අසාම්  මොහොමඞ්  මුබාරක්  නැමැත්තාගේ ඞී එන් ඒ ඔහුගේ  දරුවාගේ  ඞී එන් ඒ සමග ගැලපෙන බවට තහවුරු වු බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
දෙමටගොඩ මහවිල උද්‍යානගේ නිවසක බෝම්බ පුපුරවාගෙත්  බෝම්බකාරිය වු  මොහොමඞ් ෆාතිමා ජිෆ්රි නැමැත්තිය ෂැංගි‍්‍රලා හෝටලයේ බෝම්බකරු වු  මොහොමඞ්  ඊබ‍්‍රාහිම් ඉල්හාම්  අහමඞ්  නැමැත්තාගේ බිරිද බවත්  බෝම්බ පුපුරවා ගැනීමෙන් දෙමටගොඩ නිවස තුළ මියගොස් සිටි දරුවන් තිදෙනා ඔවුන් දරුවන් බවටත් රජයේ රස පරික්ෂකවරයා  වැඩිදුරටත් තහවුරු කළ බවද රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.



අදහස් (5)

බෝම්බකරුවන්ගේ ඩීඑන්ඒ සැසදේ

jaya Tuesday, 21 May 2019 02:03 PM

අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් නැමැත්තාගේ ඩී.එන්.ඒ ඔහුගේ බිරිඳ? හා දරුවාගේ ඩී.එන්.ඒ සමග ගැලපෙන බවද තහවුරු වී ඇත. ඈ....?

:       0       0

LUCKY Tuesday, 21 May 2019 03:12 PM

බිරිඳගේ ජාන සමග ගැලපුනේ කොහොමද?

:       0       0

සඳුන් Tuesday, 21 May 2019 04:02 PM

බෝම්බ කරුවන්ගේ ඩීඑන්ඒ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ඩීඑන්ඒ සමග ගැලපෙන්නේ කෙසේද ?

:       0       0

Nissanka Tuesday, 21 May 2019 04:09 PM

දෙමව්පියන්ට හා දරුවන්ට ඩීඑන්ඒ ගැලපුණත් බිරිදට ගැලපෙන්න විදිහක් නෑ. ඒක විශ්වාස කරන්න බැරි කතාවක්.

:       0       0

sirimal Wednesday, 22 May 2019 08:18 AM

රුවන් ගුණසේකර මහත්තයා කියපු ආකාරයට කොහොමද දන්නේ නැහැ සහරාන්ගෙයි එයාගේ බිරිඳ ගෙයි ඩී එන් ඒ සැසඳුනේ ? දෙන්න අයිය නගෝ වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site