තුසිත කුමාර ද සිල්වා
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොරෝනා වයිරස ආසාදිතයකු අද (29) රාත්‍රියේ සෞඛ්‍ය අංශ මැදිහත්ව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය .
හඳුනාගත් ආසාදිතයා පදිංචි බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව කියයි.
මෙම ආසාදිතයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියැදුරකු වන අතර එම පුද්ගලයා ස්ථාන 20 ට වැඩි ප්‍රමාණයක සැරිසරා ඇති අතර එම ස්ථාන හා පුද්ගලයන් සොයා නිරෝධායන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව පැවසීය.
අද (29)රාත්‍රියේ හමුවූ ආසාදිතයා සමග බේරුවලින් මේ වන විට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හමු වී ඇති බව වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මුස්ලිම් ජාතිකයන් වැඩි වශයෙන් ජිවත්වන ප්‍රදේශ වල කොරෝන රෝගීන් වැඩි වශයෙන් හමු වෙන බව පෙනේ...
මේ සේරම අය මුස්ලිම් අය නේද..? මෙයාලා හදන්නේ මේ පාරත් ලොකු විනාශයක් කරන්න.. මහ මෝඩ පිරිසක්..