IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බුද්ධ ශාසන ඇමැතිගේ වෙසක් යෝජනාවට ඇමැතිවරුන්ගේ විරෝධය

අජන්ත කුමාර අගලකඩ

වෙසක් පොහොය දින තොරණ ප්‍රදර්ශනය නතර කිරීමට සහ එදින දන්සල් නතර කිරීම සම්බන්ධයෙන් ගෙන යා යෝජනාවකට අද කැබිනට් මණ්ඩලයේදී ඇමැතිවරුන්ගේ විරෝධය එල්ල විය.

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එම යෝජනාව ගෙන එමින් කීවේ මෙය නාහිමිවරුන්ගේ ඉල්ලීමක් බවයි. වෙසක් පොහොය දිනයේ පමණක් වෙසක් තොරණ ප්‍රදර්ශනය නොකිරීමට සහ දන්සල් නැවැත්වීමට යෝජනා කළ ඇමැතිවරයා තොරණ ප්‍රදර්ශනය සහ දන්සල් පසු දින සිට පැවැත්විය හැකි බව ද කීවේය.

වෙසක් පොහොය දින දන්සල් පැවැත්වීම සහ තොරණ ප්‍රදර්ශනය කාලයක් තිස්සේ පැවැත ආ නිසා එය නැවැත්විය නොහැකි බව කියමින් ඇමැතිවරු කිහිප දෙනෙක් ඊට විරෝධය දැක්වූහ. කැමැති අයට එය වෙසක් පොහොය දින කළ හැකි බවත්, කැමති අයට එය වෙසක් පොහොයෙන් පසු සිදු කළ හැකි බවත් ඇමැතිවරු කීහ. 



අදහස් (13)

බුද්ධ ශාසන ඇමැතිගේ වෙසක් යෝජනාවට ඇමැතිවරුන්ගේ විරෝධය

priyantha Tuesday, 24 April 2018 09:40 PM

මහජනතාවගේ චන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් මෙවැනි නූගත් ගොබ්බ තීරණ ගන්න තරම් නූගත් අදමයෝද මේ රට පාලනය කරන්නේ,වෙසක්,පොසොන් කියන පොහොය බහුද්ධයට පමණක් නොව සියලුම ආගම් ජාතින් මේ වෙනුවෙන් සහබාගි වී රටේ එකමුතු කම විහිදා පාන සියලු ජාතීන් පෙළ ගෙසෙන මෙම අවස්ථාවත් නැති කරන්න උත්සහ දරන අදම පාලකයෝ මේ රටට කුමකටද ? මේ ගෙන ඉදිරි චන්ද වලදී ප්‍රතිපල ලැබේවී,

:       249       67

vidya Wednesday, 25 April 2018 12:20 AM

කාලයක් තිස්සේ මිනිසුන්ට බුද්ධාලම්බන ප්‍රීතියක් ගෙනදෙන දවසට අහිංසක කළා කරුවන් සහ විදුලිය පිළිබඳව අවබෝදය ඇති බැතිමතුන් කරන උත්සාහයක ප්‍රතිපලයක් නිසා තමයි තෝරන් ඉදිවන්නේ. දන්සල කියන්නේ පුණ්‍ය කර්මයක් . මේවා නවත්වන්නට කියන්නේ මෝඩ මිනිස්සු. ආගම් බේදයකින් තොරව මිනිසුන් සතුටුවන උතුම් දිනයක් වෙසක් දිනය.

:       147       55

Sathya Wednesday, 25 April 2018 03:23 AM

පොහොය දවසේ දන්සල් දෙන්නේ නැතිව, ඊලග දවසේ ඉදන් දන්සල් දෙන්නේ වැඩට යන මිනිස්සුන්ටද? තොරන්,පහන් කූඩු බලන්න යන්න වෙන්නෙත් මිනිස්සු නිවාඩු ඉන්න දවසේ මිසක්, වැඩට යන දවස්වල නෙවෙයි. මේ මිනිස්සු මැරුණමත් බලන්න යන්න ඕනි තුන්මාසේ දානේ දුන්නට පස්සේ.විෂබීජ බෝවෙන්න පුළුවන්.මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කරලා ආගමදහමට යොමු කරවනවා මිසක්, බලෙන් කරවන්න බෑ. ළමයි දහම්පාසලකට යවන්නේ නෑ පන්ති යන්න ඕනි නිසා.පුලුවන්නම් ඉරිදා උදේ පැය කිහිපයක් කුඩා ළමුන්ගේ පන්ති පැවත්වීමවත් තහනම් කරන්නකෝ.

:       24       149

sudesh Wednesday, 25 April 2018 03:34 AM

යහපාලන ආණ්ඩුව මොනවද අනා නොගන්නේ

:       117       91

MaheeWednesday, 25 April 2018 04:41 AM

සහතික ඇත්ත, සුදේශ්, මේ කට්ටියගේ විනෝදාංශය වෙන්න ඕන අනා ගන්න එක. දැන් බලන්න වෙසක් පෝය දවස අප්‍රියෙල් මාසෙට දැම්ම කියල මල්වත්තේ අනුනායක හාමුදුරුවෝ ලොකු විරෝධයක් පාල තිබුන. සංඝ විරෝධය බොහොම ප්‍රමාද වී ඉදිරිපත් වීම නම් ප්‍රශ්නයක් තමයි, නමුත් මේක තනිකරම දේශපාලුවෝ ගත්තු තීන්දුවක් නම් අනා ගැනීමක් තමයි. ඊ ලඟට වෙසක් සතිය කියල මැයි දිනය කල් දමල ආයෙත් අනාගත්ත. මිල සුත්‍රයක් ගේනවා කිව්වා, දැන් කියන ගේන්නේ නෑ කියල. ආණ්ඩුවේ ඔක්කොම තීරණ මඩේ හිටවපු ඉන්න වගේ තීන්දු. කමක් නැහැ, එකටම හරියන අනික් පැත්තකුත් ඉන්නවනේ විශ්වාස භංග එහෙම ගෙනල්ල අනාගන්න. තකට තක.

:       109       19

Chandima Wednesday, 25 April 2018 04:55 AM

දැන් මතුවෙලා තියෙන අලුත්ම ප්‍රශ්නේ තමයි ලෝකේ අනිත් බෞද්ධ රටවල් වෙසක් සමරන්නේ මැයි මාසේ 29 වෙනිදාලු. අපි විතරක් මේ කියන දවසේ වෙසක් සමරනවලු. මොකද මේ ගැන දැන් කියන්නේ? එහෙම උනොත් වෙසකුත් අනාගෙන දන්සලුත් අනාගෙන.

:       134       74

Ashan Wednesday, 25 April 2018 05:43 AM

මෙතන බොරුවට කෑ ගහන ගොඩ දෙනෙක් මෙහි යතාර්ථයක් දන්නෙ නැහැ. අද බොහෝ තැන්වල ඇති තොරන් සහ දැන්සැල් තුල බොහෝ වැරදි දේ සිදුවෙනවා. අනික මිනිස්සු දන්සැල් වැදීම් සහ තොරන් වැදීම් බුදුන් වැදීමට වඩා උනන්දුවෙන් කරනවා. ඉතින් අඩුම ගානෙ පෝය දවසෙවත් පන්සලට මුල්තැන දෙන්නයි මේක කරන්ඩ ගියේ.

:       45       320

shan saudi Wednesday, 25 April 2018 06:18 AM

දැන් ටික දවසකට කලින් කීවනේ එහෙම දෙයක් හිතලවත් නැහැ කියලා එහෙනම් දැන් මේ පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ ?

:       0       10

de silva Wednesday, 25 April 2018 06:22 AM

වෙසක් තොරන් වෙසක් දවසට බලන්න යන්නේ නැතුව පොසොන් එකට බලන්න යන්නද ? නිකන් බොරුවට කැබිනට් මණ්ඩලයේ කාලය සහ මහජන මුදල් නස්ස්ති කරනවා

:       39       50

Sakwithi Wednesday, 25 April 2018 07:25 AM

වෙසක් දවස සුදුසු දවසේ පවත්වන්න බැරි අය ගැන මොන කතාද?

:       0       0

Chinthana Wednesday, 25 April 2018 08:06 AM

අද කාලේ ගොඩක් අය දන්සල් දෙන්නේ යහපත් ධාර්මික සිතුවිල්ලකින් පමණක් නෙවෙයි... ඒකෙන් වෙනම වින්දනයක් ලබන්න. ඒ වගේම රටේ බොහෝ දෙනෙක්ට වෙසක් දවසටවත් සංවරව, සංසුන්ව හැසිරෙන්නේ නැතිව, කෑගසමින්, නලා ශබ්ද කරමින්, පාරේ අනිත් මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට දන්සැල් ගානේ යන එක පුරුද්දක් වෙලා. ඒක නිසා මේ තීරණේ හරි. අඩුම ගානේ වෙසක් දවසටවත් ගොඩක් බෞද්ධයෝ තමන්ගේ ශ්‍රේෂ්ඨ ආගම පිළිපදිමින් ධර්මානුකුලව හැසිරේවි... හැසිරෙන්න අවස්ථාවක් ලැබේවි. බුද්ධාගම ආරක්ෂා කරන්න බොහෝ දෙනෙක් හිටියට එයින් ජීවිතයට ලැබෙන මග පෙන්වීම පිළිපදින්නේ බොහොම සුළු පිරිසක්. ඒ වගේම ඕනෙම දේකට දේශපාලනේ ගාවගෙන ඒකෙන් කාලකන්නි සන්තෝසයක් ලබන පිරිසක් තවමත් ඉන්නවා කියලා ඉහළ කිහිප දෙනෙක්ගේ අදහස් කියෙව්වාම තේරෙනවා.

:       13       153

Kumar Wednesday, 25 April 2018 12:31 PM

ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා...

:       0       0

මචන් Wednesday, 25 April 2018 03:48 PM

දැන් කාලේ ගොඩක් හාමුදුරුලාගෙන් වැඩක් නෑ. අපේ කැම්පස් එකේ මගේ බැජ් එකේ හාමුදුරු කෙනෙක් ඉන්නවා හරියට බෞද්ධාගම ගැන දන්නෙත් නෑ. පන්සලට වෙලා ෆ්‍රීලාන්සින් කරන එකලු කරන්නේ සල්ලි හොයන්න. මේ වගේ තව මම දන්න හාමුදුරුලා කිහිප දෙනෙක් ඉන්නවා. ධර්මය රකින්න, ධර්මයට යමක් කරන්න. ධර්මය ඉගෙන ගන්නේ නෑ ගිහියෝ වගේ ජීවත් වෙනවා සල්ලි හොය හොයා.... ඉතින් බලන්න හාමුදුරුලාගේ හැටි... ඉතින් බුද්ධාගමට හානි වෙන එක අහන්නත් දෙයක්ද? ලංකාවේ දැන් දේශප්‍රේමින් කියලා කොටසකුත් නැති වේගෙන යන්නේ. මේක නිකම් නිකම් කළු සුද්දන්ගේ රටක් විතරයි දැන්...

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 39 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 368 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 372 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 256 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 458 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2301 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site