(නිමන්ති රණසිංහ, එම්. ආර්. කේ. පින්තු සහ ප‍්‍රසංග පෙරේරා)
තම බිරිඳ පැහැරගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් සම්බන්ධයනේ පරීක්ෂණ පවත්වන බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
මෙම සහකාර පොලිස් අධිකාරිවරයා රාත්‍රී 9.45ට පමණ ඔහුගේ නිල රථයෙන් තම බිරිඳ රැගෙන යන නුවර මාර්ගයේ ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට ඔවුන් හඹා ගිය බවත්, පසුව ඔවුන් නුවර පාර දළුගම කැළණීය ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත් එම ස්ථානාධිපතිවරයා සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබේ.
එහිදී දෙපාර්ශ්වය අතර යම් බහින්බස් වීමක් සිදුවී ඇති අතර අදාළ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලීසියට පැමිණ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසියේ උසස් නිලධාරියකු සදහන් කළේය.
ඒ අනුව මෙම පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද කිරිබත්ගොඩ පොලීසිය කියයි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඒ.එස්.පී, බිරිය පැහැරගෙන ගියැයි ඕ.අයි.සී පොලිසි යයි
සිසිල් සුදේශ් Thursday, 03 June 2021 12:52 AM
දෙන්නාම නිරෝධායනයට යවන්න.
ලුම්බිණි Thursday, 03 June 2021 01:06 AM
අනේ කාලේ වනේ වාසේ...
Raveendra Thursday, 03 June 2021 01:42 AM
පාඨකයන් වන අප මේ දැනුවත් වන්නේ එක් පාර්ශවයක කතාවක් පමණකි. මෙයින් පෙනෙන්නේ මහජනතාව විසින් "මිලකළ නොහැකි වටිනා නිල ඇඳුම් අන්දවා ඇති බවයි". තම නිල ඇඳුමේ ගරුත්වය රැකීමට බැරි මෙවන්නන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් සදහටම පන්නා දැමීම ආයතන ප්‍රධානියාගේ වගකීමකි. තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් යනු ඕනෑම ස්ථානයක නීතිගරුක ලෙස ක්‍රියා කිරීමට හැකි අවංක, විනීත නිලධාරින් විය යුතුයි. මක්නිසාදයත් ඔවුන් පිළිබඳව මහජනතාවගේ වැඩි විශ්වාසයක් තිබෙන බැවින්. ඒ කෙසේවෙතත් මෑතකාලයේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකාලයේ සිට අසීමිත ලෙස මඩ නාගන්නා බවත් අවංක පුරවැසියන් වන අප කණගාටුවෙන් සඳහන් කරන්නෙමු...
nayan Thursday, 03 June 2021 03:38 AM
නිරෝධායනය කරන්න එක්කන් ගියා වෙන්න බැරිද?
janahitha Thursday, 03 June 2021 03:48 AM
රටේ ඕනෑ තරම් ගැහැණු ඉන්දැද්දී අනුන්ගේ ගෑණු පස්සේ යන්නේ, උන්නැහේගේ තනතුරේ තියෙන බලපුළුවන්කාර කමටද? ඔවැනිම වැඩක් අග්‍රවිනිශ්චයකාරතුමෙකුත් කළා...මේ රටේ නීතිය කුමක්ද?
සුද්දා Thursday, 03 June 2021 04:44 AM
සංචරණ සීමා අස්සේ මේ ASP කොහොමද නිල වාහනයෙන් පුද්ගලික ගමන් ගියේ. වහාම අත්අඩංගුවට ගන්න.
jagath Thursday, 03 June 2021 05:03 AM
අපොයි ලැජ්ජාවයි
සෙනෙවිරත්න Thursday, 03 June 2021 05:21 AM
කැමැත්තෙන් යාමක් වගේ
raheem Thursday, 03 June 2021 06:41 AM
එක ගෙයි කන්න ගිහින්...
wimal Thursday, 03 June 2021 06:44 AM
අයියෝ ලංකාවේ පොලිසියේ අය අනුන්ගේ ගෑණු දිහා අැහැක් ඇරලා බලන්නේ නැහැ. මොකද එතරම් හැදියාවක් තියෙන අය ඉන්නේ.. මාධ්‍ය ප්‍රකාශක ඕකට අපේ ටීම් එකට කොහෙන්ද ගෙනාපු ගෙම්බෙක් ඇතුළු වෙලයි කියලා.. එහෙ පොලිසිය තමයි ලෝකයේ හොඳම පොලිසිය වෙන්නේ... නුදුරු දිනයකදී මොකද ඒ තරම්ම වැදගත් විදිහට තමයි වැඩ කරන්නේ...!!!
palitha Thursday, 03 June 2021 06:51 AM
හපොයි අජිත් රෝහන මහත්තයො, 84000 න් තව කෙනෙක් මෙන්න. දැන් කරන්න තියෙන්නෙ ඔබතුමා අස්වෙන්න දෙයියෝ...
ලුම්බිණි Thursday, 03 June 2021 07:55 AM
හංගල තියෙන ආයුධ පෙන්නන්න නෙවෙයි නේද ගෙනියල තියෙන්නේ.
රට වැසියා Thursday, 03 June 2021 07:59 AM
ඕනැම මනුස්ස සමාජයක සාමාන්‍යයෙන් දෙවල් - විවාහ කාන්තාවක් තවත් පුරුෂයෙකු සමග පැනයාමේ සිදු වීම ඕන තරම් රටේ වෙනවා! මෙතන ගැටලුව වි ඇත්තේ දෙපාර්ශවයම පොලිස් නිළධාරින් වීම, ඒ නිසාම එය එය සමාජ මාධ්‍යට ලොකු ප්‍රවෘත්තියක්!
fairoos Thursday, 03 June 2021 08:01 AM
මේක පැහැරගෙන යාමක් නෙවෙයි වගේ පැනලයාමක්
ජයන්ත මිලානො Thursday, 03 June 2021 10:00 AM
නැ . අත්තට හංගගෙන තියෙන රහස් ආවුද පෙන්වන්න තමයි එක්ක ගිහින් තියෙන්නෙ .
sampath Thursday, 03 June 2021 05:56 PM
තමන්ගේ වෘත්තියේ ගෞරවය රැකෙන පරිදි වැඩ කිරීම කළයුතුයි මේ නිලධාරින්
P.Gamage Monday, 07 June 2021 03:01 PM
පැහැරගෙන යාමක් වුණේ නම් එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්.. කාන්තාවගේ කැමැත්තෙන් යමක් වුණාද දන්නේ නැහැ. ඒත් එහෙම කළ යුතු වන්නේ නීතියේ පිහිට පතමින් මිසක් වාහනයෙන් ගෙන යාම නොවේ...