IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බැසිල්ගේ දිවිනැඟුම නඩුවේ සාක්කි විභාගය අගෝ.6 අරඹයි

(මනෝප්‍රිය ගුණසේකර)

 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන අගොස්තු 6 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (26) නියම කළේය.

2015 ජනාධිපතිවරණ සමයේ දී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි.යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මොවුනට චෝදනා ගොනු කර තිබිණි.

2015 ජනාධිපතිවරණ සමයේ දී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ විනිසුරු එලෙස නියම කළේය.

2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බලා අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන අගොස්තු 6 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

 



අදහස් (7)

බැසිල්ගේ දිවිනැඟුම නඩුවේ සාක්කි විභාගය අගෝ.6 අරඹයි

Siri Wednesday, 26 February 2020 10:46 AM

මගේ අම්මෝ. කල් වැඩි නැද්ද?

:       0       76

ferna Wednesday, 26 February 2020 10:58 AM

2021...අගොස්තුවේදී

:       0       0

Nuwan Wednesday, 26 February 2020 11:04 AM

තවත් නාටකයක් ඔබ ඉදිරියේ දිග හැරෙන වගයි...!

:       0       30

susil Wednesday, 26 February 2020 11:07 AM

දැන්නම් ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.

:       0       39

SHAMAAL Wednesday, 26 February 2020 11:13 AM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේද?

:       0       26

ගමේ එකා Wednesday, 26 February 2020 12:55 PM

දිවිනැගුම කෙසේවෙතත් කෙරුවේ නම් දිවිනසපු එකයි. රතුපස්වල වතුර ඉල්ලපු අයට වෙඩි තියන්න උපදෙස් දුන්නෙත් මෙයා....

:       0       2

අතුල Wednesday, 26 February 2020 01:24 PM

ළඟදීම සක්ෂි පරස්පර හෝ වෙනයම් හේතුවක් නිසා "නිදොස් කොට නිදහස්" ශ්‍රී ලංකාවට ජයවේවා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site