IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික්

ගයාන් සූරියආරච්චි
 
තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ.
 
බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වේ.
 
රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බී.ඒ. පෙරේරා මහත්මිය ‘ලංකාදීපය‘ ට අදහස් දැක්වූයේ මේ අයුරිනි.
‘දිවයින පුරා වෙසෙන ළමා, තරුණ, වැඩිහිටියන් ඇතුලූ බොහෝ පිරිස් ආහාර පි‚ස මස්වර්ග අනුභව කරනවා. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අතරින් ප්‍රධාන වශයෙන් මස්වල ප්‍රෝටීන, මේදය, කොලෙස්ටරෝල්, සෝඩියම් සහ පොටෑසියම් වැනි සංඝටක අඩංගුවෙනවා.  මස් පිළිබඳව කතා කරන විට වැඩි වශයෙන් ජනතාව ආහාරයට ගන්නා මස්වර්ගය ලෙස කුකුළු මස්වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා.‘
‘ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස් පි‚ස යොදාගන්නවා. කුකුළු මස් වර්ග කීපයක් උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකළා. සති 14 ක් වයසැති බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික අඩංගු සංඝටක ලබාදෙනවා. කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව සිටින කුඩා ජීවීන් මරණයට පත්වූ විට ආහාර වැඩිපුර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇතිවෙනවා. ඒ අනුව කුකුළන් හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙනවා. මෙසේ බ්‍රොයිලර් කුකුළන් කෙටිකාලීනව වර්ධනය කරගැනීමට කාබනික වශයෙන් ආසනික අඩංගු සංඝටකය ලබාදුන්නද ඔවුන්ගේ උදරය තුළදී එය විස ආසනික සංඝටකයක් බවට පත්වෙනවා.‘
‘සාමාන්‍යයෙන් ආසනික් බැර ලෝහ ගණයට අයත්වන අතර මිනිස් සිරුරට ඇතුළුවූ විට ශරීරයෙන් බැහැර වෙන්නේ නෑ. මෙම පර්යේෂණයේදී බ්‍රොයිලර් කුකුළු මස් අපි විවිධ ආකාරයෙන් පිසීමට ලක්කළා. සුදුළුණූ, සියඹලා සහ දෙහි සමඟ තනි තනිව උයා බැලූවා. කුළු බඩු යොදාගෙන විවිධාකාරයෙන් පිසීමට ලක්කළා. එහෙත් එහි ඇති ආසනික් අඩු නොවන බව සනාථ වුණා. දිගු කාලීනව ආසනික අඩංගු කුකුළු මස් ආහාරයට ගැනීම නිසා එම බැර ලෝහ මිනිස් සිරුරේ තැන්පත්වෙනවා. පර්යේෂකයන් සිදුකළ පර්යේෂණවලට අනුව කුකුළු මස්වල පීකුදුවල වැඩිවශයෙන් විස සහිත ආසනික් තැන්පත් වන බව සොයාගැනීමට හැකිවුණා.‘
‘මෙම පර්යේෂණයෙන් තහවුරු වන පරිදි වඩා සැලකිල්ලට ලක්විය යුත්තේ කුකුළු මස් අනුභව කිරීමේදී පීකුදු ආහාරයට ගැනීම අවම කිරීමයි. මෙවැනි විස ආසනික දිගු කාලීනව ශරීර ගතවීමෙන් පිළිකා තත්ත්ව ඇතිවීම, ශරීරයේ අභ්‍යන්තර පද්ධතිවලට විසවීම ඇතුලූ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.‘
 
පර්යේෂකයන් පවසන පරිදි සෑම කුකුළු මස් වර්ගයකම මෙම ආසනික් ඇතිබව තහවුරු වී නොමැති අතර මෙම පර්යේෂණය තෝරාගත් කුකුළු මස්වර්ග කීපයක් පමණක් යොදාගෙන සිදුකෙරි‚. ඉදිරියේදී මෙය තවත් පුළුල් මට්ටමින් සිදුකිරීමටත් මිනිස් සිරුරට ඇතිවන බලපෑම පිළිබඳව පුළුල්ව පර්යේෂණ සිදුකිරීමටත් විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.



අදහස් (18)

බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික්

parakkrama Sunday, 08 October 2017 05:46 PM

මොනවා කරන්නද අනේ, පෙරේතකම නිසා අහක බලාගෙනම කනවා. මම නම් ආසම කරන කෑල්ල ගැන තමයි මෙයත් මේ කියන්නේ.

:       20       68

ජගත් ලියනගේ Sunday, 08 October 2017 06:48 PM

විශ්වවිද්‍යාලය කරල තියන වැඩෙ නං ඉතා හොඳයි . නමුත් ආසනික් අඩංගු වර්ග අපිට කියන්න පුළුවන්ද ?

:       3       256

Chanak Los Angeles Sunday, 08 October 2017 07:53 PM

මිනිසා දියුණු වෙලානම් ගොස් තිබිය යුත්තේ වස විස නොමැති ලොවකටයි . නමුත් දැන් පිවිසී ඇත්තේ වස විස ලොවකටයි ... කුමක්ද මේ ලබලා කියන දියුණුව ? අති සුඛෝපභෝගීව ජීවත් මිනිසා මේ ගෙවන ජීවිතය සාර්ථකයි කියා හිතනවානම් එය ලොකු මායාවකි ...

:       6       254

shantha Sunday, 08 October 2017 08:29 PM

මම අහල තියන්නේ මස් වලට ඇතිකරන කුකුල්ලු දවස් 45 විතර ජෙවත් කරවන්නේ කියල. ඒ කියන්නේ සති 6 හෝ 7 ක් සති 14 කන්න දීල මැරුවොත් ලාබයක් ගන්න පුලුවන්ද පරීක්ෂණය හොදයි ජනතාව දැනුවත් කරන්න

:       6       45

ranjith Monday, 09 October 2017 12:51 AM

ඊටම හොඳ පර්යේසනයක්

:       1       3

සේනාරත්න Monday, 09 October 2017 03:56 AM

පීකුදු කුඩා ළමුන්ටත් දෙන්න කියලා වෛද්‍යවරු පවසනවා. ජනතාව දැනුවත් කරන්න.

:       0       216

sirisena Monday, 09 October 2017 10:14 AM

අපේ මුදලින් පරීක්ෂණ කරලා අපිට කියන්නේ නැහැ මොන මස්වලද ආසනික් තියන්නේ කියල. මොකටද ඔහොම පරීක්ෂණ. වෙන රටවලනම් නමත් සමග ප්‍රසිද්ද කරන්නේ.

:       9       55

mahinda Monday, 09 October 2017 02:24 PM

අපි පොඩ්ඩක් ඊළඟ පරික්ෂණේ එනකල් ඉමු.

:       0       2

HarshieMonday, 09 October 2017 03:51 PM

මොනවා බලන්නද සහෝදරයා... ඒක කරන්න වෙන්නේ අපිට තමයි. ඕක ඉතින් මේ රටේ හැටයක්නේ... හැම දේම බාගෙට...

:       0       2

SamMonday, 04 December 2017 10:40 AM

ආසනික් විසවෙලා මැරුණු කෙනෙකුගේ මරණ පරික්ෂණේ කරලා තමයි කාපු කුකුල්මස් බ්‍රෑන්ඩ් එක හොයාගන්න වෙන්නේ.

:       0       59

vidya Wednesday, 11 October 2017 07:02 PM

ශ්‍රී ජයවර්දනපුර විශ්ව විද්‍යාලය කියන්නේ ඉතාම හොද පුරාන පිරිවෙනක්. ධර්ම ධර බික්ෂුන් වහසේලා බිහි වුනේ ඔතනින්.අද විශාල සේවයක් සේවයක් කරන්න පුළුවන් විද්වතුන් බිහිවෙනවනම් කොපමණ හොඳද ළමයිනේ සන්ඩු සරුවල් කරන්නේ නැතිව ශ්‍රී සුමංගල හිමිගේ ප්‍රතිමවටත් ශ්‍රී සොරර්හ හිමියන්ගේ ප්‍රතිමවටත් උදේ හවස දන ගහල වන්නද පල්ලා

:       36       58

නයනා Tuesday, 17 October 2017 06:30 AM

මස් ආහාරයට ගැනීම අපි විසින්ම අපේ ශරීරයට ලෙඩ ඇතූල් කර ගන්න වැඩක්. ඒ වෙනුවට ඇට වර්ග කොල ආහාරයට ගන්නවනං මිනිසා මෙන්ම අහින්සක සතෙකූගේ ජීවිතයද සුරක්ෂිත යි නේද?

:       37       7

mahinda gamage Monday, 04 December 2017 11:12 AM

මේ හා සමානම ලිපියක් ඊයේ අන්තර් ජාලයේ තිබී මා කියවා මාගේ මිතුරන්ටද කියවීම සඳහා එකතු කලා. මේ ලිපියට අදාළ ව ඇතමුන්ගේ ප්‍රතිචාර කියවීමෙදී පත්තරයක් කියවීමට තරම් බුද්ධියක් පිහිටීම පුදුමයක්.

:       0       1

kalpa Monday, 04 December 2017 01:05 PM

කවුරුහරි බලන්නකෝ පිළිකා රෝගයටත් කුකුල් මස් අනුභව කිරීම සම්බන්ධ වෙනවද කියලා....

:       0       1

SHAN SAUDI Monday, 04 December 2017 01:06 PM

ජනතාව අනුන්ගේ මළමිනී කනවාට වඩා හැකි පමණින් හා හැකි ඉක්මණින් නිර්මාංශ ආහාරයට ගැනීමට හුරුවීම තමන්ගේ ජීවිත පැවැත්මට උපකාරී වේ.

:       0       0

හශීම් Monday, 04 December 2017 01:25 PM

විකල්ප තියෙනවා. ඕගනික් චිකන් කන්න. වස විස නැත. කිසිදු රසායනිකයක් එහි අඩංගු නැත.. බ්‍රොයිලර් චිකන් වලට ගහන කිසිදු බෙහෙතක් මෙ කුකුළන්ට ලබාදෙන්නෙ නෑ. මිල ටිකක් වැඩියි.. 1kg=1150/=ක් විතර වෙනව.. අන්තර්ජාලයේ සොයලා බලන්න..

:       0       0

Pradeep Liyanage Tuesday, 05 December 2017 01:57 AM

දක්වලා තියන ප්‍රතිචාර වලින් පේනවා අපේ අයගේ තියන ආකල්ප. අනිත් සතුන් ගැන අපිට වැඩක් නෑ, අපේ බඩ පිරෙනවානම් වගේ අදහසක් තමයි ගොඩක් අයට තියෙන්නේ.

:       0       21

S.Kariyawasam. Thursday, 07 December 2017 07:25 PM

මස් නොකෑවට රසැති, ගුණැති ආහාර ඕනෑ තරම් ඇත. සතෙකු මරා මස් අනුභව කිරීමට අපට අයිතියක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු
2025 මැයි මස 01 65 0

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව


ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ
2025 මැයි මස 01 29 0

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.


බටලන්ද විවාද දින තීරණයට පක්ෂ නායක රැස්වීමක් හෙට
2025 මැයි මස 01 34 0

බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.


ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර
2025 මැයි මස 01 89 0

හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ


පැය 21ක් තුළ දුම්රිය තුනක් පීලි පනී
2025 මැයි මස 01 117 0

මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල


භූතයෙක් විකුණා ලක්ෂ 38 ක් වංචා කරලා
2025 මැයි මස 01 189 0

අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩාය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 314 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 83 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site