(ජයන්ත සමරකෝන්)
කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් දිවයිනේ බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
කන්දකාඩුවේ සිට වැලිකඩ බන්ධනාගාර වෙත එවන ලද රැඳවියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉකුත් 7 වැනිදා සොයා ගැනීමත් හා ආශ්‍රීතයෙකු ඉකුත් 11 දා හමුවීමත් සමඟම මෙම තීරණය ගෙන ඇත.
මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිටි පී සී ආර් පරීක්ෂණයට ලක්කළ රැඳවියන් 444 දෙනෙක් නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බොහෝ දෙනාට මොලේ පෑදෙන්නේ වරදක් සිදුවුනාට පසුවයි.
මෙසේ බන්ධනාගාර අතර සිරකරුවන් මාරු නොකිරීම හොඳ දෙයක්... එහෙත්, මේ අතරතුර දී දූෂිත බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර තුළට කුඩු ගංජා ජංගම දුරකථන සිම් කාඩ් පත් ඇතුළු බොහෝ දේ, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන එහාමෙහා ගෙනයෑමට පුලුවන් බැවින් දැඩි පරීක්ෂාවෙන් පසු වන ලෙස ආරක්ෂක අංශ වලට මෙසේ මතක් කොට සිටිමු ...