රංජිත් රාජපක්ෂ

නුවරඑළියේ සිට බදුල්ල දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් නිලධාරින් 6දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් අනතුර සිදුව ඇති අතර, එහි ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනා  නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර ඇත.

අද (31) දින පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇති අතර නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදිය.

අනතුරෙන් බන්ධනාගාර නිලධාරිනියන් තිදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

බස් රථය අනතුරට පත් වන අවස්තාවේ රැදිවියන් කිසිවෙකු බස් රථය තුල නොසිට ඇති බවත්, මාර්ගයෙන් ඉවතට පැන ඇති බස් රථය නිවසක් මතට පෙරලිමෙන් අනතුරුව එම නිවසටද දැඩි අලාභ හානි සිදු වි ඇති බව නුවරඑලිය පොලිසිය පවසයි.