IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්

ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය සම්බන්ධ සිද්ධියට කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇත.

ඇයට මානසික රෝගී තත්ත්වයක් ඇතැයි කියමින් පොලිසිය ඇය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිනිය ඊට විරෝධය පෑම හේතුවෙන් පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 

(ඡායාරූප ප්‍රසාද් රුක්මාල්)



අදහස් (27)

බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්

Disaapamok Sunday, 21 January 2018 07:40 AM

අධ්‍යාපන සේවයට විතරක් නොවෙයි... රජයට ගන්න අය වෛද්‍ය පරීක්ෂණයකින් ගන්න බව කවුරුත් දන්නවා. නමුත් දේශපාලකයන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් නොකරන බව දන්නේ නැත්තේඑවන් පරීක්ෂණයකට ලක්නොවී සිටි අයෙක් පමණයි.

:       1       572

PerakumSunday, 21 January 2018 09:58 AM

සියලු දේශපාලකයන්ට වෛද්‍ය පරීක්ෂණය අනිවාර්ය කලයුතු කාලය එළඹ වී ඇත.

:       0       340

RaveendraSunday, 21 January 2018 10:38 AM

දිසාපාමොක් මයා වෙත, ඔබගේ කාලෝචිත අදහසට අම්බරුවෝ නම් කැමතිවෙන එකක් නැහැ. කෙසේ වෙතත් වෛද්‍ය පරීක්ෂණය කලයුතු ලෙස නීති ගෙන අවොත් කාඩ් කුට්ටමේ "හාරත" ඔක්කොම හැලෙනවා නියත වශයෙන්ම...

:       0       88

අසංක Sunday, 21 January 2018 07:44 AM

අනේ මෙහෙමත් කොන්ද පණ නැති පොලීසීයක්. ලැජ්ජයි. මෙයිට වඩා හොදයි මහ අැමතියගෙ ගෙදර ඉදුල් හේදුවනම්.

:       0       113

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 21 January 2018 07:45 AM

උගතුන් නුගතුන් කරන, නුගතුන්උගතුන් කරන ලෝකයක්.

:       0       34

rocky Sunday, 21 January 2018 07:48 AM

මෙතන පොලිස් ජිල්මාට් එකක් දමන්න හදනවා වගෙයි. පොලිස් ලොක්කත් සමහරවිට මහා ඇමති ගවරාගේ හුරතලෙකු වන්න පුළුවනි. සමන්ත විද්‍යාරත්න මහත්තයෝ, ටිකක් හොයල බලන්න. ජේවීපී එකෙන් විතරයි, පිහිටක් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ!

:       0       1

Dr. Vajira Fernndo Sunday, 21 January 2018 07:50 AM

වසර ගනණාවක පළපුද්දක් ඇති ශ්‍රේණිධාරී විදුහල්පතිතුමියට මොකක්ද මේ කරන අපහාසය​? ලැජ්ජයි. මෙහෙම රටක ඉපදුණු එක ගැනත් මටනම් ලැජ්ජයි.

:       0       1

Nissanka Sunday, 21 January 2018 07:51 AM

මේ අධම මහ ඇමතියා වෙනුවෙන් පෙනී සිටින පොලිසියේ ස්ථානාධිපති වහාම මානසික වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයි.

:       0       1

daham Sunday, 21 January 2018 08:16 AM

මේ හදන්නේ නීතිය නවලා ඇත්ත නැත්ත කරන්නද? හැබැයි මේකෙන් වෙන්නේ නැති ජාතිවාදයක් ඒ ප්‍රදේශයේ ඇති වීම වෙන්නත් පුළුවන්... දෙමළ දේශපාලකයින් විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී ඉන්නවා රූපවාහිනී පුවත් වල දැක්කා.

:       124       262

sam Sunday, 21 January 2018 08:23 AM

පොලිසියට තියෙන්නේ කට උත්තර ලියාගෙන සිද්ධිය උසාවියට වාර්තා කරන්න. පාරේ යන පිස්සෙක් වුණත් සයිකියැට්‌රික් ඇසෙස්මන්ට් කල යුත්තේ උසාවි අණකිනුයි. මේ විදුහල්පතිතුමියට පිස්සුයි කියලා ඔප්පු කරවන්න කරන "මෝඩ " උත්සාහයක්. මේක පිටිපස්සේ ඉන්න නීතිය ගැන මළපොතේ අකුරක් නොදන්නා මෝඩයින් දැන් හත් පොලේම ගාගෙන ඉවරයි...

:       6       523

පිටිගල මිලානෝ Sunday, 21 January 2018 08:24 AM

රාළහාමිලා භාවනානුයෝගීව සිටින අවස්ථාවක වෙන්න ඇති මේ ගුරුතුමිය පොලිසියට යන්න ඇත්තේ. එ්කනේ පැමිණි කාරණාව පසෙකට දාලා දැහැනට සමවැදී රෝග නිධාන හොයලා තියෙන්නේ.

:       420       315

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 21 January 2018 08:29 AM

බලෙන් දණ ගස්වලා වන්දවාගෙන දැන් මානසික රෝගියෙකුත් කරන්න හදනවද?

:       0       224

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 21 January 2018 08:31 AM

බලෙන් දණ ගස්වලා වන්දවාගෙන දැන් මානසික රෝගියෙකුත් කරන්න හදනවද?

:       0       44

shan saudi Sunday, 21 January 2018 08:50 AM

මේකේ මානසික රෝගය තියෙන්නේ ඌව මහ ඇමැතිට මොන මගුලකටද? විදුහල්පතිතුමිය මානසික වෛද්‍යවරයකු පෙන්වන්නේ නිකන් ගැනිට ළමයා හම්බවෙන්න මිනිහා රෝහල්ගත වුණාවගේ පොලිසියේ ඉන්නේ අයද?

:       0       312

sam Sunday, 21 January 2018 09:00 AM

මහඇමතිට විකාර. බදුල්ල පොලිසියේ අයටත් පිස්සු. මේ හදන්නේ පොලිසිය තවත් ලෝකාපවාදයට ලක්වෙන්නයි. නීතිය හැමෝටම පොදුයි. මේ විදුහල්පති තුමිය හරියට හරි. මෙහෙම තමයි ලංකාවේ පොලිසිය අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා වලට පටලවන්නේ. කොහොමද ලංකාවේ පොලිසිය අහුවුණු හැටි, ලැජ්ජයි...

:       0       356

rama Sunday, 21 January 2018 09:07 AM

පොලිසිය කරන්නේ ජාතිවාදය ඇවිස්සෙන වැඩක්...

:       10       74

parakkrama Sunday, 21 January 2018 09:32 AM

මේ මහඇමැති උත්තමයාට තියෙන ඇමැතිධුර කීපයක් අතරින්, චෝදනාවට අදාල ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුණා යයි කිව්වාට ඔහු තවමත් බලතල සහිත මහ ඇමැතියි. ඒ නිසයි පොලිස් නිලධාරිනුත් යොදාගෙන වැඩේට බැහැලා තිබෙන බව පෙනෙන්නේ. අතිගරු ජනාධිපතිතුමන් මොහුව සියලු ඇමැති තනතුරුවලින් ඉවත් කර, බලතල නොමැති පළාත් සභා මන්ත්‍රී ධුරයේ පමණක් තැබුවා නම් මේ අමන, තකතීරු වැඩ නවතියි. අනික් අතට, මෙවැනි අය ගිරිය පුප්පාගෙන " තවමත් මම මහඇමැති " කියා (වැල්ලවායේ වේදිකාවේ ) කෑගැසුවාට, පොලිසියේ ලොක්කොත් බුද්ධිමත් වෙන්න ඕනෑ. මොහුගේ බෙර පදයට නටනවාදැයි තීරණය කරන්න. මොකක් වුණත් දැන් නම් මහජනතාව තුල ලොකු සැකයක් මෙන්ම බලවත් පිළිකුලක් ඇතිවෙමින් පවතින බව නම් පැහැදිලිය.

:       0       313

Sanath Sunday, 21 January 2018 09:33 AM

වසර ගණනාවක පළපුරුද්දක් ඇති ශ්‍රේණිධාරී විදුහල්පතිතුමියට මොකක්ද මේ කරන අපහාසය? ලැජ්ජයි. මෙහෙම රටක ඉපදුණු එක ගැනත් මට නම් ලැජ්ජයි.

:       1       339

gawus Sunday, 21 January 2018 11:30 AM

ඇමතිතුමනි ආඩම්බර වෙන්න ඔබ ගාව දණගසන්නේ ඔබට ඡන්දෙ දෙන්නේ මානසික රෝගීන් වීම ගැනයි.

:       0       161

Lal Sunday, 21 January 2018 11:39 AM

ජනාධිපතිතුමනි, අන්න බදුල්ල පොළොස් තොවිලයක් නටන්න ලෑස්තිවෙනවා.

:       0       43

erdi Sunday, 21 January 2018 12:08 PM

මානසික රෝගියෙක් කොහොමද විදුහල්පතිනියක් වුනේ? මාර පොලිසියක්නේ... මහඇමති ඔහුට පරීක්ෂණ යටගැසීමට උදව් කළ අධ්‍යාපන බලධාරීන්ට විරුද්ධව පොලිසිය ක්‍රියාත්මක විය යුතු වුවත් එකේ අනිත් පැත්ත ලංකාවේ...

:       0       95

Daya Sunday, 21 January 2018 12:29 PM

කෙනෙකුගේ මානසික තත්වය නිගමනය කිරීමට කිසිඳු බලයක්, අයිතියක් හෝ සුදුසුකමක් නොමැත. එය කළ යුත්තේ අධිකරණ වෛද්‍යවරයෙක් හෝ උසාවිය හරහා පමණි. මහ ඇමති සහ පොලිසිය කිරීමට උත්සාහ කරන බොළඳ ක්‍රියාවට සියලුදෙනා විරෝධය දැක්විය යුතුයි. මෙතුමියට මොවුන් කරන දේ දවසක අපිටත් කරන්න බැරි නැහැ.

:       0       217

රජීව් Sunday, 21 January 2018 01:26 PM

මෙතන තියන ප්‍රශ්නයට උත්තර හොයන්න හදන්නේ ජාතියක් ඇදගෙනද? මොනවද අර ජාතියක් ගැන කියවන්නේ? කරුණාකර මෙය රාජ්‍ය සේවකයෙකුට වුණු ප්‍රශ්නයක් ලෙස කටයුතු කිරීමට ජනතාවත් මෙතනට පැනලා වාසි ගන්න හදන දේශපාලකයොත් වග බලාගත්තොත් හොඳයි.

:       42       198

නයා Sunday, 21 January 2018 03:21 PM

මහ අැමතියයි, පොලීසියයි මානසික වෛද්‍යවරයකුට පෙන්නුවා නම් ඔයිට වඩා හොඳයි.

:       0       237

indika Monday, 22 January 2018 03:06 AM

මොකද මේක තව තව ඇදගන යන්නේ. ලංකාවේ මිනිසුන්ට ඉක්මනින් හරි තීරණයක් අරගෙන වරදට දඩුවමක් දෙන්න බැරි මොකද.

:       0       10

sumith Monday, 22 January 2018 09:38 AM

ඔබ තුමී තනි වෙලා නැහැ කියල දැන් තේරෙනවා නේද , බය වෙන්න එපා ප්‍රශ්නවලට නිර්බීතව මුහුණ දෙන්න, මට හරි බය හිතුන ඔබ තුමී මැරෙනවා කියල කිවම . හිනහව පිරි මුහුණ දැක්කම මට ජයලලිත මතක් උනා , ඔබතුමිත් හිනාවෙනකොට හරිම ලස්සනෛනේ

:       0       1

Bamunuarachchi Monday, 22 January 2018 01:11 PM

බය වෙන්න එපා ඔබ තනිවෙලා නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 234 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 510 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 616 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 371 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 452 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site