(බන්දු තඹවිට)
බදුරලියේ විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.
විදුහලේ ගොඩනැගිල්ලක් අසළ තිබූ පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී මෙය හමු වී ඇත.
විදුහලේ මුරකරු ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇත. එම අවස්ථාවේ තවත් දෙදෙනෙකුද විදුහලේ ආරක්ෂාවට රැදී සිට ඇත.
මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලි වල තිබිච්ච දේවල් දැන් හීන්සීරුවේ පාසල් වලට ගෙනත් දානවා ඇති මේ දවස්වල අහුවෙනවට බයේ
පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කර දේශපාලන වාසි ගැනීමක් විය හැකියි
කවුරු මොන අරමුණින් කළත් අවදානම අනතුර එල්ලවුනේ අහිංසක දරුවන්ටයි. අරයට, මෙයාට ඇඟිල්ල දිගුකරමින් මෙය සැහැල්ලුවට නොගත යුතුයි. වහාම අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩිදඬුවම් පැමිණවිය යුතුයි...
මෙහෙම බෝම්බ පතුරම් ජනතාවට අතරට ආවේ කොහොමද? මම හිතන්නේ යුද්ධය කාලේ එකතු කර ගත්ත ඒවා වෙන්න පුළුවනි...