
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගෙ ව්‍යාජ ලෙස සැකසූ නිලමුද්‍රා 22ක් ඇතුළු නිලමුද්‍රා 75ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරු සමඟ අත්අඩංගුවට ගත් අනෙකුත් නිලමුද්‍රා අතර මෝටර් රථ ප්‍රවාහන,දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරීන්ගේ නිල මුද්‍රා විවිධ ප්‍රදේශ නම් සඳහන් මුළු දිවයිනටම සාම විනිසුරු වරුන්ගේ නිල මුද්‍රා, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිලමුද්‍රා ,ග්‍රාම නිලධාරීන්ගේ නිල මුද්‍රා මෙන්ම පොලිස් ස්ථාන වලින් නිකුත් කරන පැමිණිලි පිටපත්වල ඡායා පිටපත් කීපයක්, ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර ජාතික හැඳුනුම්පත් ඡායා පිටපත් කීපයක් පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
ලක්මව්නි, ඔබතුමියගේ මේ දූ පුතුන් කටයුතු කරගෙන යන්නේ හොර, මැර, චණ්ඩිකම් ආදියෙන් ලෝක වාර්තාවක් තැබීමට නොවේද?
කොහොමත් පොලිසිවල තියෙන්නේ ව්‍යාජ මුද්‍රා තමයි. ඇයි ඒව කියලා අඟහරු ලෝකෙන් ගෙනල්ලා නොවෙයිනේ.