IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පොඩි ලැසි යළි රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
බුස්ස බන්ධනාගාරයේදි ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධ නඩුවේ 2වන සැකකරු ලෙස දරුණු ගණයේ අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා නම් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලිමක් සළකා බැලු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල මහතා සැකකරු එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කොට තව දුරටත් 25වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටත් අද (17) නියෝග කළේය.
 
ඉකුත් 8වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නිතිපති දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත්අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ දරුණු ගණයේ අපරාධකරුවන් වන ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි යන දෙදෙනා ජනාධිපතිවරයාටත් ආරක්ෂිත ලේකම්වරයාටත් බන්ධානාගරයේ උසස් නිලධාරින්ටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කර ඇති බවය.
 
ඒ අනුව පොඩිලැසි නමැත්තාගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනිමටත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
ඒ අනුව බන්ධානාගරයට ගොස් ප්‍රකාශ ලබා ගැනිමටත් ඔහු 25වනදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහසේත්‍රාත්වරයා එදින නියෝග කළේය.
 
මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා විසින්  ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව පොඩි ලැසි අද අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
 
එහිදි සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස පොඩි ලැසි නමැත්තා නම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.ඒ අනුව පොඩි ලැසි නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කොට ඔහු තව දුරටත් 25වනදින දක්වා රිමාන්ඩ් බන්ධානාගරයේ තැබිමටත් මහෙස්ත්‍රාත්වරයා නියේග  කළේය.
 
අද  උදැසන සිටම ගාල්ල කොටුව බාල දක්ෂ මාවත සහ අධිකරණ සංකිර්ණය අසල දැඩි ආරක්ෂාව යොදවා තිබු අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරින්ගේ දැඩි රැකවල් මැද පොඩි ලැසි අධිකරණයට රැගෙන එනලදි.
 
අධිකරණය පටන් ගැනිමෙන් පසු ආරම්භයේදිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබු මෝසම කැඳවනු ලැබු අතර සුදු  පැහැති ඇඳුමකින් සැරසි කොණ්ඩය උටඩ බැඳ සිටි  පොඩිලැසි බන්ධනාගාර නිලධාරින් විසින්  විත්තිකුඩුවට නංවන ලදි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ප්‍රකාශ කිරිමෙන් පසු විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ දැඩි රැකවල් මැද පොඩි ලැසි  බලපිටිය අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරිම සඳහා ගෙන යන ලදී. 
 

 

 



අදහස් (3)

පොඩි ලැසි යළි රිමාන්ඩ්

Kamal Koyrala Thursday, 17 September 2020 06:10 AM

නීතිය අනුව දඬුවම් ලබාදීම බොහොම හොඳයි.

:       3       29

විජේ Thursday, 17 September 2020 07:32 AM

මෙයා ටිකක් හොඳයි.

:       33       1

Raveendra Thursday, 17 September 2020 10:03 AM

මේ කාලකණ්ණින්ට ජීවත්වීමට විනාඩියක් හෝ ලබා දෙනවා යනු දුප්පත් අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් ශතයක් හෝ නිරපරාදේ අපතේ යනවා නොවේද? එය තමන් උපන් රටට හදවතින්ම ඇලුම්කරන නිලධාරීන්ට කළහැකි දෙයක්ද? එබැවින් මෙම පාපතරයන් වෙනුවෙන් ගතයුතු තීරණ ජාතිජාතිත් පිං සිද්ධවන කරුණු කාරණාය.

:       0       262

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site