( එම් .සුසිල් ප්‍රියන්ත )
 
සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට  (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වේ.
 
ඡන්දදායකයින් 200යක් පමණ  පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ  ප්‍රධාන අරමුණයි.
 
දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ  දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.