IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙබරවාරි අවසන් වනතුරු ශ්‍රීපාදය වඳින්න එන්න එපා

එළැඹෙන පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

දෙසැම්බර් උදුවප් පෝය දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා වාරයට ජනවාරි මුල් සති කිහිපය වනතුරු ම බැතිමතුන්ගේ පැමිණීම අධික ය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නුවරඑළිය, හැටන් වතු ආශ්‍රිතව පැතිරයාමේ වැඩි අවදානමක් පවතින බැවින් බැතිමතුන් වැඩිවශයෙන් පැමිණීම ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රීපාද වන්දනාවේදී බැතිමතුන් ගතයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග සහ ඒ සඳහා සෞඛ්‍ය අංශ මැදිහත්විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් දෙසැම්බර් මාසයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.  

එහිදී, උඩමළුවට ඇතුළුවීමට සීමිත පිරිසකට අවසර දීම,  ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ අවසර දී ඇති වෙළඳසැල් සදහා දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවර ගැනීමට තීරණය විය.

එහෙත්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවසර ලබා වන්දනාවේ පැමිණයද කොරෝනා අවදානම් තත්ත්වය  පහව නොයන බව අවධාරණයට ගනිමින්,  ජනවාරි මාසයේදී ශ්‍රීපාද වන්දනාවේ නොපැමිණෙන ලෙස දෙසැම්බර් 23 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලදී.

ජනවාරි මාසයේදී පමණක් නොව, පෙබරවාරි මාසය අවසන් වනතුරු දක්වා ශ්‍රීපාද වන්දනාවේ නොපැමිණෙන ලෙස අද දිනයේදී තීරණය කෙරිණි.

මේ අතර, ජනවාරි 17 වැනිදින  ශ්‍රීපාදවන්දනාවේ ගිය ගාල්ලේ පාසලක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් අතරින් ක්‍රීඩකයන් 4දෙනෙකුට සහ මවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද(21) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.



අදහස් (0)

පෙබරවාරි අවසන් වනතුරු ශ්‍රීපාදය වඳින්න එන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site