IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුවත්පත් ස්වයං නියාමනයට සහාය දෙන්න

ශ්‍රී ලංකා ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ, අදහස් පළ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස යටතේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා දී ඇති පොරොන්දුව අගය කරන අතරම නිදහස් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ස්වයං නියාමන මූලධර්මය යටතේ කටයුතු කිරීමට පුවත්පත්වලට අවසර දී ඇති බව පෙන්වාදීමට කැමැත්තෙමු යැයි පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය (WAN – IFRA) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

පුවත්පත් ප්‍රකාශකයන් සහ කර්තෘවරුන් සිරගත කළ හැකි විධිවිධාන ඇතුළත් පුවත්පත් මණ්‍ඩල පනත වැනි නීති වෙනුවට පුවත්පත්වලට ස්වයං නියාමන මූලධර්මය යටතේ කටයුතු කිරීමට ඉඩදීම යෝග්‍යයැයි කියන එම සංවිධානය ශ්‍රී ලංකාවේද එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරයි.

පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය ජනාධිපතිවරයාට එවා ඇති මෙම ලිපිය ආරම්භ කරන්නේ අතිබහුතර ජනවරමකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට තේරීපත්වීම නිමිත්තෙන් එතුමන්ට ශුභාශිංසන පිරිනැමීමෙනි.

මාධ්‍යයට කිසිදු තර්ජනයක් එල්ල නොවන බවටත් සත්‍ය කරුණු මත පදනම් වී ලිවීමට මාධ්‍යවේදීන්ට නිදහස තිබෙන බවටත් ජනාධිපතිවරයා පුවත්පත් සහ අනිකුත් මාධ්‍යවල ප්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවලදී දුන් සහතිකය මහත් ඕනෑකමින් සැලකිල්ලට ගන්නා බවද සඳහන් කරන එම සංවිධානය සිය ලිපිය අවසන් කරමින් ජනාධිපතිතුමන්ගේ ධුරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමිනි.

පුවත්පත් ප්‍රකාශකයන්ගේ ජගත් සංවිධානය (WAN – IFRA) මාධ්‍ය ආයතන 3,000කට වැඩි සංඛ්‍යාවක ජාත්‍යන්තර සාමාජිකත්වය සහිත ලොව විශාලතම ප්‍රවෘත්ති පත්‍ර සංවිධානයයි. ලොව පුරා මාධ්‍යවේදීන්ගේ සහ ප්‍රකාශකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවූ මෙම සංවිධානය ප්‍රංශයේ පැරිස් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.

ඊට අමතරව මෙම සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනෙස්කෝව සහ යුරෝපා කවුන්සිලය යනාදියේ නිල නියෝජිත තත්ත්වය ද හිමිය.

055



අදහස් (3)

පුවත්පත් ස්වයං නියාමනයට සහාය දෙන්න

Nishan Friday, 14 February 2020 05:02 AM

සහාය ඉල්ලලා වැඩක් නැහැ මොකද ඒක ලැබෙන්නේ නැහැ.

:       0       0

gayan Friday, 14 February 2020 05:13 AM

ස්වයං නියාමන කතා ලංකාවට හරියන්නේ නෑ. ඔය කිව්වට අයගේ රටවලත් ස්වයං නියාමන නෑ.

:       0       0

කමල් Friday, 14 February 2020 08:54 AM

"මාධ්‍යයට කිසිඳු තර්ජනයක් එල්ල නොවන බවටත් සත්‍ය කරුණු මත පදනම් වී ලිවීමට මාධ්‍යවේදීන්ට නිදහස තිබෙන බවටත් ජනාධිපතිවරයා පුවත්පත් සහ අනිකුත් මාධ්‍යවල ප්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවලදී දුන් සහතිකය..." ඕක "සත්‍ය කරුණු මත, සත්‍ය වචනයෙන් සුදුසු කාලේදී ලිවීම" කියලයි කියන්න තිබ්බේ... එතකොටයි ඒ නිදහසින් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන්නේ. අනික මොකක්ද ඔය "ස්වයං නියාමනය" කියලා කියන්නේ? පච ගහන අය දිගටම පච ගහනවා, අනිත් අය ඒවා පච කියකියා ඉන්නවා කියන එකටද? ඒක නං "ස්වයං නියාමනය" කියලා කියන්නේ ඒ "ස්වයං නියාමනය" නැති තරමට හොඳයි. මේ ලෝකේ සමහර අපතයන් ඉන්නවා. වැරැද්ද කිව්වට වැරැද්ද කිරීම නවත්වන්නේ නැති.... අන්න ඒ පිරිස අරභයා "ස්වයං නියාමන" කථා විහිළුවක් වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site