( ඔගස්ටින් ප්‍රනාන්දු )
මේ වන විට පුත්තලම දිසාව තුළ කොරෝනා වසංගත තත්ත්වයේ දෙවෙනි රැල්ල විශාල වශයෙන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබිය දි දිසාවේ රජයේ පාසල් යළි හෙට ( 23 දා ) සිට විවෘත කිරිම දරුවන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි ජිවිත අනතුරේ හෙළි මක් විය හැකි නිසා සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තෙක් මෙම පාසල් යලි විවෘත කිරිමට විරෝධය පල කරන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පසුගිය කාලයේ දි වසා දැමුණු රජයේ පාසල් වල හය වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සදහා පාසල් මේ මස 23 වන ( හෙට ) සිට විවෘත කිරිමට ගත් තීරය අනුව වයඹ පලාතේ ආණ්ඩුකාරවරයා ගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරින්ගේ හා දිසාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල දි පැවැති සාකච්චාවේදි කුරුණෑගල දිසාවේ ඇතැම් පාසල් හැර සෙසු පාසල් විවාත කළ හැකි බවත් දැනට කොරෝනා වසන්ගත තත්ත්වය යඝි මතුවි ඇති ප්‍රදේශයන්හි පාසල් තවදුරැටත් තවත් සතියක කාලයක් සදහා වසා දැමීමටත් තීරණය විය.
ඒ අනුව බලන කල්හි මේ වන විට පුත්තලම දිසාව තුළ මෙම වසන්ගතය යළි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ මගින් පවසා ඇත.
මේ අනුව එම කොරෝනා තත්ත්වය මත්වු ඇති නිසා පුත්තලම දිසාවේ සියලු පාසල් යළි විවෘත කිරිම දරුවන්ගේ ජිවිත අවදානමකට ලක් කරන්නක් විය හැකි බැවින් තවත් සතියක කාලයක් සදහා හෝ සෞඛ්‍ය අංශ වල නිර්දේශයන් ලබා ගැනීමෙන් පසුව පුත්තලම දිසාවේ පාසල් යළි විවෘත කළ යුතුවන බවත් මේ සම්බන්ධයෙන් නිසි බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බවත් ලංකකා විදුහල්පති සංගමයේ ලේකම් වරයා නිකුත් කර ඇති නිවේදනයේ දක්වා ඇත.
මේ වන විට කොරෝනා වසන්ගතයෙ අවධානම් ලෙසින් හලාවත ප්‍රදේශයෙන් මත්වු ඇති නිසා පාසල් යලි විවෘත කිරිම සදම්බන්ධයෙන් විමසු අවසථාවේ හලාවත අධ්‍යාපන අධ්‍යක්ෂ සද්ධාමංගල සුබසිංහ මහතා කියා සිටියේ වෛද්‍ය අංශ විසින් පෙන්වා දි ඇති අයුරින් ගැටළු මතුවි ඇත්තේ හලාවත එගොඩවැල්ල සාන්ත සෙබස්තියන් මහ විදුහල සහ දන්කොටුව මැල්ලව කණිෂ්ඨ විදුහල විවෘත කිරිම සම්බන්ධයෙන් පමණක් බවත් එම පාසල් දෙක විවෘත කිරිම සම්බන්ධයෙන් පාසල් කළමනාකරණ කිමිටු රැස් කරවා සුදුසු තීරණයක් ගන්නා ලෙස මේ වන විට දන්වා ඇති බව කීය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පුත්තලමේ පාසල් විවෘත කිරිමට විරෝධය