IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැෆරල් එස් එම් චන්ද්‍රසේනට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි

 

 

(විනීතා එම් ගමගේ)

 

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තරඟ වදින එස් එම් චන්ද්‍රසේන මහතා විසින් ශීෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි පැෆරල් සංවිධානය අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකය වෙත පැමිණිලි කර ඇත.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ඔහු එකී ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව පරිසර හා වනජීවී අමාත්‍යංශයට  ලිපි ශීර්ෂයකින් නිකුත් කරන ලද ලිපියක පිටපතක් ද පැෆරල් සංවිධානය එම පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබේ.

එම ලිපියට අනුව සාමාන්‍ය පෙළට ඉදිරිපත් වූ දරුවන්ට එස් එම් චන්ද්‍රසේන පදනම මගින් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වැය කරන්නට සූදානම් බවත් ඒ සඳහා බෙදාදෙන අයැදුම්පත පුරවා භාර දෙන ලෙසත් දන්වමින් එම ලිපිය බෙදා හැර තිබේ.

1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 78 වගන්තිය යටතේ වන සංග්‍රහ කිරීම නමැති වරද සහ එකී පනතේ 80 වගන්තිය යටතේ විස්තර වන අල්ලස නමැති වරදට අදාළ වන බැවින් මේ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ද පැෆරල් සංවිධානය අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකයෙන් ඉල්ලා ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණයකට මෙය සිදුකරන බලපෑමක් බව නිරික්ෂණය වන බැවින් වහාම මෙම කටයුත්ත නවත්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලා තවදුරටත් ඉල්ලා තිබේ. 



අදහස් (5)

පැෆරල් එස් එම් චන්ද්‍රසේනට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි

Prasad Tuesday, 07 July 2020 04:11 PM

පරිසරය විනාශ කරන්න යන නිසා පණ පිටින් අපායේ යන වැඩක් ඔය කරන්නේ..?

:       0       380

Pradeep Tuesday, 07 July 2020 04:21 PM

තමන්ගේ පලාතේ දරුවන්ගේ බැරි අමාරුකම් තෙරුම් ගන්න ඡන්දයක්ම එන්න ඕන. කලාවැව ජනතාවනි, ඔන්න කෘතගුණ දක්වන්න කාලය ඇවිල්ලා..

:       0       236

sasis Wednesday, 08 July 2020 01:45 AM

මහින්දානන්දගෙයි, මේ උන්නැහෙයි අතරේ වෙනසක් නැහැ. දෙන්නම ගම්පොළට කිට්ටුව ඉන්න දෙන්නෙක්...

:       0       39

Kooralage Wednesday, 08 July 2020 05:31 AM

මෙයා රෙජිමයත් එක්ක සෙට් වෙලා පරිසරයට කරන ඉතිහාසයේ දරුණුතම හානිය දැන් අපේ ඇස්පනාපිට ඡන්දයක් පෙනිපෙනී ජයටම ඉහළින්ම කරගෙන යනවා. අර පරිසර වේදීන්ව තුට්ටුවකට ගණන් නොගෙන මේ කරන පරිසර හානිය මොනතරම් සහගහන අපරාධයක්ද? 8 වත් පාස් නැති හාදයෙක් කියලා අපි දැක්කා. අනේ රටට ගිය කලක්... මිනිසුනේ... පොඩ්ඩක් හිතපල්ලා ඡන්දෙ දෙනකොට...

:       0       417

sharm warn Thursday, 09 July 2020 10:59 AM

ආ.. මේ කෝමාරිකා ඡන්ද්‍රෙස්න නේද? අනේ මෙහෙමත් කෙනෙක්... මෙයාට ඡන්දේ දීලා... ආපහු බලය දෙන්න හදන මිනිසුනි, නුඹලාට කිසිම මොලයක් නැති අයවලුන් බව යළියළිත් ඔප්පු කරනවිට අපට දැනෙන සතුට ගැන කියලා නිමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 318 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site