IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති - අගමැති වගකිව යුතුයි

(අජන්ත කුමාර අගලකඩ)

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම සහ ප්‍රහාරය පිළිබඳව දැනුවත් භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මගපෑදු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පැහැදිලි වන්නේ යැයි කොමිසම සඳහන් කර ඇත.

එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

හිටපු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලි පියවර ගැනීමට අපොහොසත්වීමට ප්‍රධාන හේතුවක් බවද කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

ඉස්ලාම් අන්තවාදය පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට එය පහසුකම් සපයන්නක් බවද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.



අදහස් (22)

පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති - අගමැති වගකිව යුතුයි

නිරපාක්ෂික Tuesday, 23 February 2021 03:40 PM

එතකොට ඒ වෙලාවේ හිටපු නීතිපති, උපනීතිපති සහරාන්ගේ ෆයිල් එකට උපදෙස් දුන්නේ නැති රජයේ නීතීඥ මාලික්, අසීස් සහ එයාගේ සුපවයිසින් ඔෆිසර්...

:       5       54

කුමාර Tuesday, 23 February 2021 03:41 PM

දැන් එතක‌ොට සහරාන් ඇතුලු පිරිස වැරදිකරුවන් න‌ොව‌ෙයිද? ඒ අනුව 9-11 ප්‍රහාරයට වැරදිකරු ජ‌ෝර්ජ් බුෂ් මිස අල්කයිඩා සංවිධානය හ‌ෝ ඔසාමා බින් ලාඩන් න‌ොව‌ෙයිද?

:       28       43

Pradeep Tuesday, 23 February 2021 03:49 PM

මේ වැරදිකරුවන්ට ලැබෙන දඬුවම දෙස අප බලාසිටිමු. ඒ සඳහා තීන්දු තීරණ ගන්නා අදාල බලධාරීන්ගේ කෂේරුකාවන් කෙතරම් සවිමත්දැයි අපට දැක බලා ගත හැකිවනු ඇත.

:       5       66

Rata Perata Tuesday, 23 February 2021 05:26 PM

සම්පූර්ණයෙන්ම එකඟයි. වැළැක්වූයේ නැති එකට දඬුවම් දෙන්න ඕනෑ.ඒත් අමතක කරන්න එපා. ප්‍රහාරය පිටිපස්සේ හිටපු අයවත් එල්ලන්න ඕනෑ. කාගේ නියෝගවලටද බෝම්බ ගැහුවේ කියලත් හොයන්න ඕනෑ.

:       0       3

Perera Tuesday, 23 February 2021 05:38 PM

දැන් එතකොට ඔය සමූල ඝාතනය සැලසුම් කරලා සහරාන්ලාට බෝම්බ බැඳගෙන ගිහින් පුපුරවාගන්න නියෝගය දුන්නේ හිටපු ජනාධිපතියි, හිටපු අගමැතියිද?

:       0       3

චින්තක Tuesday, 23 February 2021 06:38 PM

බුද්ධියෙන් හිතන්න, (දේශපාලනයක් නැත) ජනාධිපති, අගමැති, පොලිස්පති විතරක් අනෙකුත් රාජ්‍ය නිලධාරින්ද තම තමන්ගේ රාජකාරිය සහ වගකීම් නිසියාකාරව ඉටු නොකිරීම වැරැද්දක් විය යුතුයි. ඒක රටම පිළිගන්නවා මුස්ලිම් අන්තවාදීන්ගෙන් රටට වන හානිය ගැන උදේ, හවස සත්‍ය හඬක් නගපු "පොදුබල සේනා සංවිධානය" තහනම් කරන්නලු, එතකොට මේ පල්ලිවලට බෝම්බ ගහලා මිනිස්සු මැරුවේ ඒ හාමුදුරුවන්ද? එතකොට කෝ මේ සහාරන් කියන ත්‍රස්තවාදියාව පෝෂණය කරපු ඉල්හාම්ලා? කොමිසමේ උගත්තුන්ට එ් කට්ටියව අමතක වෙලාද? එතකොට සහරාන්ලාට මේ විනාශකාරි, වැඩිදියුණු කරපු බෝම්බ තොගය හදා දුන්නු අය... ඒ ගොල්ලෝ ගැන කොමිසම සද්ද නැහැනේ... එතකොට මේ බෝම්බ කාරයින්ව මේ පල්ලිවලට ගෙනත් බස්සපු, පල්ලි අවට ගෙවල් ගන්න සල්ලි වියදම් කරපු අය කවුරුත් වැරදිකාරයින් වෙලා නැහැනේ? කොටින්ම මේ මිනිස්සුන්ට මේ වගේ බිහිසුණු ඝාතකයෝ වෙන්න මග පාදපු අන්තවාදී ඉගැන්වීම් කරපු අර මද්‍රසා පාසල්, මුස්ලිම් ළමා නිවාස ගැන කොමිසමට පෙනිලම නැහැනේ... කොටින්ම ඝාතකයෝ බෝම්බෙන්ම මළා.. එ්ත් උදව් කරපු අයටනේ අච්චු කරන්න ඕනෑ. වගකීම පහර හැරීමත් වරදක් තමයි,එ්ත ඝාතනයට උදවු කරපු, මුල්‍ය අනුග්‍රහය දක්වපු අය මුලින්ම ඇතුළට යන්න...

:       1       4

චින්තක Tuesday, 23 February 2021 06:39 PM

ඕනෑ. අපි දන්නවා ජනාධිපති තුමාට මේ කොමිසමට බලපෑමක් කරන්න බැහැ. එතුමාට එහෙම කරන්න වුවමනාවකුත් නැතුව ඇති... එ්ත් රටේ සල්ලි මාස ගණනක් කකා මේ කොමිසමේ උගත්තු ටික නටලා තියෙන්නේ පිස්සුවක්නේ...

:       1       3

de silva Tuesday, 23 February 2021 07:59 PM

ආරක්ෂක ඇමැතිකම හරිහැටි කරන්න බැරි නම් සිරිසේන ඒක බාරගත්තේ කුමකටද? එහෙම නම් ඔය කියන පුද්ගලයෝ සියල්ලම අත්අංගුවට අරන් චෝදනා ගොනුකර උසාවියට ඉදිරිපත් කරන්න.

:       1       5

බද්රානි Tuesday, 23 February 2021 08:30 PM

ඔව්, අනිවාර්යයෙන්ම මේ අයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මේ ප්‍රහාරය වළක්වා නොගත්තාට... ඉතින් පුලුවන් නම්, හිටපු ජනාධිපතිට හා අගමැතිට දඬුවම් දෙන්න. අන්න එදාට තමයි මේ ප්‍රහාරයට බෝම්බ තාක්ෂණය ලබාදුන් හා සියල්ල මෙහෙය වූ මහා මොළ කරුවන්ගේ නම් හෙලිවෙන්න. මේ අයගේ කටින්ම. අන්න ඒ නිසා සිරිසේන මහත්තයාට දඬුවම් ලැබෙන්නේ නැහැ... මේ ඉදිරි වසර කිහිපය ඇතුළත නම්...

:       1       3

Gihan Tuesday, 23 February 2021 09:29 PM

අනිවාර්යයෙන්ම ඔවුන් තමයි වැරැදි. ඕක කමිෂන් පත්කරලා හොයන්න ඕනත් නැහැ. වෙන රටක නම් තමන් වැරැද්ද බාරඅරගෙන ඉල්ලා අස්වෙනවා. රටකට විතර නොවේ ව්‍යාපාරයකටත්, සමාගමකටත් මෙය පොදුයි.

:       2       1

Praba Wednesday, 24 February 2021 12:16 AM

අනාගතයේ දවසක රට ණය උගුලක හිර කිරීම, කොරෝනාව පාලනය කරගැනීමට නොහැකි වීම ආදියටත් වගකිව යුත්තන් සොයා බැලීමට කොමිෂන් පත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

:       2       4

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 24 February 2021 01:48 AM

එසේ නම්, මෛත්‍රිපාල හොර ආණ්ඩුවක් හදා පත්කළ රජය භා ඔහුගේ එම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී බවත්, ඔහුද ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක් කළ බවත්, අධිකරණය තීන්දුකරා මතක ඇති නේද? ඇයි ඒ ගැන නොපෙනෙන්නේ...? මෛත්‍රිටත් මෙසේ වියයුතුමයි. අපට දේශපාලනයක් නැත. ඒත්, එදා තමන්ව බලයට ගේන්න උරදුන් අයට එරෙහිව පෙර සිටි හතුරන්ට නැවත බලයට එන්න පාර කැපුවා. ඒත්, තමාගේ යටි අරමුණු ඉටුනොවුණු නිසා, අයේමත් වෙනත් මාර්ගයක ගියා. ඒ නිසා උරණ වූ රජය නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගෙන, ඊට දඬුවම් කරනවා වෙනුවට තමන්ට අවශ්‍ය මේ කොමිසම් දැම්මා. මෙහි තවත් අරමුණක් තමයි. මෛත්‍රි හුදකලා කොට ශ්‍රී ලනිපයේ ඉතිරි ටිකත් තම පැත්තට නමා ගැනීම. ඒවා මොනවා වුණත්, කොමිසමේ සඳහන් නිර්දේශ හරහා චූදිතයින්ට එරෙහිව තීන්දු දෙන ලෙස මෙයින් රටේ පිළිගත් අධිකරණයට හා විනිසුරුතුමන්ලාට කිසියම් ව්‍යංග ලෙස බලපෑමක් සිදුකොට ඇතිබව පැහැදිලිව පෙනේ. ඒ නිසා මේ වාර්තාව රටේ නිදහස් අධිකරණයට හා ගරු විනිසුරුතුමන්ලාට, එතුමන්ලාගේ මතයට බලපෑම් ඇතිකොට ඇති බව පෙනේ. නඩුවක් පැවරීමට පෙර, අධිකරණයට හෝ විනිසුරුවරුන්ට මොනම හෝ බලපෑමක් හෝ නිර්දේශයක් ඉදිරිපත් කළ නොහැක්කේය...

:       3       6

දිලන් Wednesday, 24 February 2021 04:13 PM

නූගත් අදහසක්නේ... මේ ඔබතුමා වටේ කැරකි කැරකී කියන්න.

:       0       0

අසේල අතුකෝරල Wednesday, 24 February 2021 02:30 AM

කොහෙද හිටපු අගමැති වගකිව යුතුයි කියලා තියෙන්නේ...? බොරුවක් නේද? 2018 ඔක්තෝබර් දේශපාලන පෙරළියෙන් පස්සේ හිටපු අගමැතිට ආරක්ෂක කවුන්සිලයට යන්න ඉඩ දුන්නේ නැහැ නේද?

:       2       4

ෂ්ෂ්ෂ්ෂ්ෂ්.... Wednesday, 24 February 2021 03:49 AM

එතකොට ප්‍රහාරය මෙහෙයවපු අයට, ඒවාට අනුබල සහ පහසුකම් දුන්නු අයට දඬුවම් නැද්ද?

:       1       6

ගැමුණු Wednesday, 24 February 2021 04:34 AM

ඔය නිර්දේශවලට අමතරව අන්තවාදී සංවිධාන සියල්ලම තහනම් කළ යුතුයි. ඒ වගේම එවැනි ලියාපදිංචි පක්ෂ ද තහනම් කිරීම නව ව්‍යවස්ථාවකින් කළ යුතුයි.. අමිහිරි අතීත ක්‍රියා කාරකම් ඇති ඇතැම් අය, ඒවා වසා ගැනීමට දේශප්‍රේමීත්වය සහ ශාසනාලය අලෙවි කරමින් ජනතාව මුලා කරමින් සිටියි.

:       0       4

බණ්ඩා Wednesday, 24 February 2021 05:25 AM

මේ කොමිසමේ වාර්තාවත් නිකම්ම නිකන් පුස්සක්. ඇත්ත තවම එළියට ආවේ නෑ. එ්ත් ඉදිරි කාලයේ එළියට එනවා. ඒවා ගැන එෆ්.බී.අයි., මොසාර්ඩ් සහ එම්. 5 වගේ ආයතන හොඳින් දන්නවා. නිකම් අපිට කොලේ වහලා වැඩක් නෑ...

:       2       5

Lankawa Wednesday, 24 February 2021 07:05 AM

ජනාධිපති සහ අගමැති වගකියන්න ඕනෑකියලා අපිටත් තේරෙනවා... නමුත් ප්‍රහාරය පිටුපස ඉන්න හස්තය කවුද? අපිට දැනගන්න ඕනෑ අන්න ඒක....

:       1       4

fairoos Wednesday, 24 February 2021 07:16 AM

69 ලක්ෂයට දැන් සැපද? තවත් අවුරුදු 5ක් රාජපක්ෂවරුන්ට රට බාරදෙමු. ඉන්න හිටින්න රටක් තියෙනවනේ...

:       4       5

pradeepa Wednesday, 24 February 2021 08:08 AM

අපිට ඕනෑ දැනගන්න මේක පිටුපස හිටපු අය... ඒ ගැන කිසිම දෙයක් නැහැනේ රිපෝර්ට් එකේ... සහරාන් මේ තත්වයට පත්කළේ කොහොමද? කවුද? ඊට උදව් කළේ.. අනික මේ ගැන ඒ කාලේ හිටපු විපක්ෂයෙන් සාක්ෂි ගන්නවා.... අපි දැක්කේ නැහැ. මේ ප්‍රහාර ගැන රාජපක්ෂලා කළින් දන්නෙම නැද්ද?

:       2       3

සිරිමල් Wednesday, 24 February 2021 10:05 AM

ඔය වාර්තාව ඉදිරිපත් කලේ " අකුරු මකලා කොළ ගලවා " එහෙම නොවේ නේද? පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව 2019.04.22 දින මෙරටට පැමිණි ඇමෙරිකාවේ FBI සංවිධානය සහ වෙනත් ජාත්‍යන්තර විමර්ශකයන් ඒ අවස්ථාවේ මෙරටට පැමිණ සිදුකළ විමර්ශන වාර්තා ගැන මෙම ජනාධිපති කොමිෂන් සභාව විමර්ශනයට ලක් නොකළේ ඇයි? තවත් අන්තවාදී, ආගම්වාදී ගැටුම්ක් නිර්මාණය කරගැනීමට උත්සාහ දැරූ සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ (CTJ) මහලේකම් අබ්දුල් රාසික් සහ ආණ්ඩුවේ ඉහළම බලධාරීන් අතරත්, ඉන්දියාවට පැනගිය හෝ සැඟව සිටිතැයි සැකකරන 'පුලස්තීනි මහේන්ද්‍රන්' හෙවත් 'සාරා ජෙස්මින්' අතර තිබූ අන්තර් සබඳතා පිළිබඳව විමර්ශනයක් නොකෙරෙන්නේ මන්ද? 2012 වසරේ අබ්දුල් රාසික්ගේ නායකත්වයෙන් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ (CTJ) ප්‍රධාන කාර්යාලය මාලිගාවත්තේදී විවෘත කලේ කාගේ ප්‍රධානත්වයෙන්ද? සාමාන්‍ය පෙළ සමත් කමිටුවෙන් වැඩේ කරගන්න බැරි වුණොත් ඊළඟට අටපාස් කමිටුවක් පත්කරන්න වෙයිද? කියලත් සමහරු අහනවා ඔන්න.

:       1       2

සම්පත් Wednesday, 24 February 2021 06:16 PM

දැන් ඔය මහා ලොකුවට ලොරි ටෝක් දුන්නට කෝ එක මුස්ලිම් මිනිහෙකුගේ ඇඟට අත තිබ්බද? ඔච්චර 350ක් මැරිලත් කීයක් කතෝලිකයින් මැරුවද? තිත්ත ඇත්ත නම් මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ට අති විශාල බලයක් තියනවා. අන්න ඒක අවබෝධ කරගත්තු නිසා තමයි කාදිනල් තුමා කතෝලිකයින්ව මුස්ලිම් ප්‍රදේශවලට එන්න නොදී විශාල මනුෂ්‍ය ඝාතනයක් වළක්වා ගත්තේ. ඔය මොන කොමිසම් දැම්මත් මුස්ලිම් මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1428 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 556 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 979 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 930 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 361 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 540 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site