(ඉන්දිකා රාමනායක)
සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 13 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි. ආරක්ෂක සේවා බලධාරීන් අද (22) උදෑසන මෙමතොරතුරු හෙළිදරව් කර තිබේ.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකෙරිණ. බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් වරින් වර අත්අඩංගුවට ගන්නා ලද ගත් පුද්ගලයන් 24 දෙනකු කොළඹ අවට රඳවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් 8 න් අඩුතරමේ දෙකක් වත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව පොලිසිය කියයි.
සිදුවීම් සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවසක් ඇතුළත සිටි අය බෝම්බ පුපුරුවාගැනීම නිසා පොලිස් නිලධාරීහු තිදෙනෙක්ද ජීවිතක්ෂයට පත්වූහ.
COMMENTS
ඔන්න වෙලාව එල්ලුම් ගහ පටන් ගන්න. ලංකාව ආපහු ලේ විලක් කල එක ත්‍රස්තවාදියෙක්ටවත් සමාවක් දිය යුතු නැහැ.
මැරුණු ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට වන්දි ගෙවනවාද? නොගෙව්වොත් ප්‍රශ්නයක් අපට බදු වැඩිකර වන්දි ගෙවන්න.
බලාගෙන මානව හිමිකම් යන්න වෙයි.
මේ බමුණු කියන කෙනාට පිස්සුද? හැටිද?
මුන් මෙහෙ ඉන්න කොට මුන්ට උදව් කරපු අය හොයල උන්ටත් දඩුවම් උපරිමයෙන් දෙන්න ඕනි..
අපේ සුරතල් නීතිවලින් ඈත් වෙන්න කාලය ඇවිත්
නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය සිදුකලා යයි අපට අනුමාන කලහැක කතෝලික බැතිමතුන් විදේශිකයන් සහ කතෝලික ජනතාවගේ විශේෂ දිනයක්ද වෙන නිසා මේ ප්‍රහාරය දියත්කලේ ලෝකයේ කතෝලික බැතිමතුන් ජීවත්වෙන රටවලින් ජාතික ආරක්ෂාව අඩුම දුර්වලම රට ශ්‍රී ලංකාව යයි ඔවුන් තෝරා ගත්නිසා වීමට පුළුවන.....
සියල්ලට හේතුව අපි ඉස්සර සිදු වුන දේවල් අමතක කරලා පිස්සු විදියට ජීවත් වෙන එක. අපි හැම දෙනාවම විස්වාස කරනවා වැඩි.
මට හිතෙන්නේ බමුණට විතරක් නෙමෙයි බමුණු , ඔබ හා මා ද ඇතුළු මේ රටේ කෝටි දෙකටම පිස්සු (225 කට හැර )
ආරක්ෂාවෙන් දුරුවල රටක් වන ලංකාව තෝරගත්තා ප්‍රහාරයක් දියත් කරන්න. අපි කොහොමද ආරක්ෂාවෙන් දුර්වලුනේ ලෝකයා ඉදිරියේ.................
මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කර ලංකාවේ තමන්ගේ ජන්ද ගොඩ වැඩි කරගන්න දේශපාලුවෝ ඉදිරි ජනාධිපතිකමට අමුඩ ගසනවා. ජාතික ආරක්ෂාව ගැන නොව තමන්ගේ රැකවරණය ගැන විමසිලිමත්...