
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට ලබන අගෝස්තු 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (20) සිතාසි නිකුත් කළේය.
රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සිතාසි නිකුත් කර ඇත.
විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් පවරන ලද නඩුව සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරිණි.
2016 පෙබරවාරී මස 28 වැනිදා අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ දිලුම් තුසිත කුමාර නමැත්තා බව හැඟවීමට බොරු සාක්කි සැදීමට කුමන්ත්‍රණය කිරීම, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා සාක්කි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
එමෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිවද, අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේදී රථය පැදවුයේ තමා බවට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි දැනට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව චෝදනා 16 ක් යටතේ නීතීපතිවරයා විසින් එම නඩුව පවරන ලදී.
එම නඩුව ලබන අගෝස්තු 20 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.

COMMENTS
විස්සකටවත් ඇතුලට දාන්න වැඩ කටයුතු ලෑස්ති කරලා ඇත්තේ.
මේවායේ හරි වැරැද්ද පෙන්වන්න ගිහිල්ලා අපි මොකටද සමහර දෙනාගෙන් කුණු බැනුම් අහන්නේ ... අනේ ඒකට කම් නැහැ ... ඔහොමම දිගටම ගිහින් බලමුකෝ ...
මේ නඩු නම් අවුරුදු ගානක් ඇදි ඇදී යන එකක් නැහැ.
මෙයා තරම් අවස්ථාවාදී කමට ප්‍රතිපත්ථි වෙනස් කරපු කෙනෙක් මේ ලෝකෙත් නැතිව ඇති.
රටේ නායකයාගෙන් උපදෙස් ටිකක් ගත්තා නම් හරි, කොහොමද අධිකරණයට වෙට්ටු දාන්නේ කියලා..? අනිත් එක තහනම් 1000cc බයික් එක පැදපු කෙනාට කිසි නඩුවක් නෑ වගේ. මේවා ඔක්කොම දේශපාලන සෙල්ලම්...
මෙතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු උගත් බුද්ධිමත් කෙනෙක්. මේ කරන්නේ බොරු චරිත ඝාතනයක්.
දැන් කට්ටිය පාඨලීට කඩේ යනවා, ඒත් අපිටනම් මොහු තවත් දේශපාලකයෙක් පමණයි.
මොහු වරදක් කර ඇත්නම් ඊට සුදුසු නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි. එතකොට මේ වගේ වෙනත් රියදුරෙක් ඉදිරිපත් කළ අවස්ථා බොහොමයක් අපේ දේශපාලන ඉතිහාසයේ අපි පහුකරගන්න ආවා. නමුත් මේ තරම් ආන්දෝලනාත්මක ප්‍රසිද්ධියක් දෙමින් මහා සාහසික අපරාධයක් ලෙස උලුප්පා දක්වන්නේ දේශපාලන පළිගැනීමක් නිසාද? මෙම ප්‍රශ්නයේදී නීතිපතිවරයා දක්වන තදබල නීති රාමුව රවීට බලනොපෑවේ කොහොමද? උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳගෙන රටේ රටේ මහබැංකුව මහදවාලේ මංකොල්ල කාලාපගාව වශයෙන් සුපිරි නිවසක් ලබාගෙන... නමුත් හොරෙක් නොවෙන්න තරම් කරපු පින මොකක්ද? සාධාරණයක් කියලා දෙයක් ඇත්තටම මේ සමාජයේ තියෙනවාද? මේ පාලනයේ තියෙනවාද?
දැන් නම් මේ බොරු වංචාවක් කරන්නේ. මෙතරම් වැරදි කරලා තවම නිදැල්ලේ සිටින්නට ඉඩ දෙන්නේ ඡන්දයට පස්සේ නිදහස් කරලා දාන්න තමයි.
මීට වැඩිය මාරාන්තික අනතුරු කරපු අය, දේශපාලුවන්ගේ පුත්තු පවා නිදහසේ ඉන්නවා. මෙතන සිද්ද වෙන්නේ වෙන දෙයක්?
මේ නඩුවටත් අත්වන්නේ, තාජුදීන්, ලසන්ත වික්‍රමතුංග, නඩුවලට අත්වූ ඉරණම පමණයි. මොන පක්ෂයේ වුණත් දේශපාලුවෙක්නේ... මිනිස්සු රැවටෙන එක ඉවර වෙන්නේ කවදාද?
මේ අනාගත පවුල්වාදයට තර්ජනයක් කියලා හිතන සිංහල පෙරට එන සිංහල ජාතික නායකයන් මර්ධනය කිරීමක්. පාඨලී පමණක් නොවේ... දැනට අනික් අයත් ලිස්ට් කරලා තියෙන්නේ ජාති මාමක දේශපාලකයන් පවුල් සංස්ථාවේ සාමාජිකයන්නේ...
ශ්රී ලංකා දේශපාලන රංග වේදිකාවේ හොදම 'හීන් නූලා'ට හිමි සම්මානය මෑතකදී පිට පිටම ජයග්‍රහණය කල මෙතුමා, දිව හැරෙන හැරෙන පැත්තට බොරු කිය කිය, දනය හා බලය පමනක් හබායන, මිනිස්සුන්ව ඔටුවන්ගෙ ගානට හිතන් ඉන්න මේ වගේ අවස්තාවාදීන්.