
(ටී.කේ.ජී. කපිල)
ටී-56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු අද (19) ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වන අවස්ථාව වනවිට පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක්ද කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකි. මේ බව කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
ඔහු මෙම ජීව උණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කිරීමේදී එහි ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ. අත්අඩංගුවට පත් මෙම පොලිස් නිලධාරීවරයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කරමින් සිටියි.
COMMENTS
ජාත්‍යන්තර සම්මුතීන් ද බිඳ දමමින් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතාට පහර දුන්නේද මේ රටේදීය. එසේ හෙයින්, මේ රටට පැමිණෙන රාජ්‍ය නායකයන් ආරක්ෂා කිරීම ගැන මීට වඩා උනන්දු විය යුතුයි. නැතිනම්, තිබෙනා ප්‍රශ්න මදිවාට තවත්, අහක යන දේවල් රෙදි අස්සේ දානොගන්නට කටයුතු කිරීමට වගබලා ගැනීම වැදගත්...
මත්ද්‍රව්‍ය නාශක අංශයේ නම් උණ්ඩ ගෙනියන්න ඇත්තේ ඉම්රාන් ඛාන් ඝාතනය කරන්න නොව මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගේ අවශ්‍යතාවයකට වෙන්න ඕනෑ. මත්ද්‍රව්‍ය මර්ධන ඒකකයේ සේවය කරන නිලධාරියෝ එවැනි අනුවණ වැඩ නොකරති.
ලංකාවේ ආරක්ෂක අංශවලට දිළිඳු සහ අඩුකුලයේ පුද්ගලයින් බඳවාගැනීම නතර කළ යුතුයි.
පොලිසියේ විනය ඉතාම නරක අයුරින් පිරිහිලා. භික්ෂූන් වහන්සේ නමකගෙන් කප්පන් ගන්නත්, ගිහින් තිබුණේ. මේ පොලිස් නිලධාරියා ගැන නිසි අයුරින් ක්‍රියාකොට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම වැදගත්. මොහු අනවසරයෙන් ජීව උණ්ඩ ගෙනිච්චේ දමලා ගහන්න නම් නෙමෙයි. මෙවැනි දේ නිසා අප රටට ඇතිවෙන අප කීර්තිය සුළුපටු නොවේ... කිසියම් සිද්ධියක් වුණා නම්, එය අප ලෝකයෙන් හුදෙකලා වීමට පවා බලපාවි. ඒත්, ජීව උණ්ඩ ගෙනගිය හේතුව තාම හරිහැටි දන්නේ නැහැ. ප්‍රථමයෙන් එය සොයාගෙන අලගිය, මුලගිය තැන් සොයාගැනීම සිදුකරගත යුතුයි.
හමුදා පාලනයකට යන්න පාර කැපුවට, වැඩට අරන් ඉන්න අය පුස්සෝ බවයි දවසින් දවස පෙනෙමින් තියෙන්නේ...
ඉන්දියාවත් පිටුපසින් ඇති...