IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රමිතියෙන් තොර ‘ලන්ච් ෂීට්‘ සොයා වැටලීමක්

(තිලකරත්න දිසානායක)

නියමයන්ට අනුකූල නොවන බත් ඔතන කොළ (ලන්ච් ෂීට්) නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා සහ එවන් නිෂ්පාදන අලෙවි කරනු ලබන තොග වෙළඳසල් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය ගම්පහ දිස්ත්‍රික්කයේ  සිදුකළ වැටලීම්වලදී  කර්මාන්තශාලා 2කට සහ තොග වෙළඳසල් 4කට නඩු පැවරීමට පියවරගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙහි සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශයේ නිලධාරිහු මෙම වැටලීම් සිදු කරනු ලැබූහ.

පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ විධාන අංක 70 යටතේ අවශ්‍ය නියමයන්ට අනුව ලන්ච් ෂීට් නිෂ්පාදනය කිරීම කළයුතු වන අතර එසේ නොමැති නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ ඒවා අලෙවි කරනු ලබන තොග වෙළඳසල් සොයා මේ දිනවල පරීක්ෂාවන් සිදුකෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.

විමර්ශන නිලධාරීන් විසින් ගම්පහ, ගණේමුල්ල, තිහාරිය, කඩවත සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශයන්හි වැටලීම් සිදු  කිරීමේදී ගණේමුල්ල සහ තිහාරියෙහි පිහිටි ලන්ච් ෂීට් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා 2කට සහ තොග වෙළඳසල් 4කට නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජලයත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම මත එම අධිකාරියේ ගම්පහ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල, දිලීප කරුණාරත්න සහ ඉෂාර හෝමපොල සහ අරුණ ශාන්ත යන මහත්වරුන් ද මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එස්. ජයතිස්ස සහ සහකාර අධ්‍යක්ෂිකා ඩබ්ලිව්. සිරිවර්ධන යන මහත්ම මහත්මීන් විසින් මෙම වැටලීම් සිදු කෙරිණි.‍

මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද තොග වෙළඳසල් හිමියන් සහ කර්මාන්ත ශාලා හිමිකරුවන් නියම කරනු ලබන දිනයේදී අදාල මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් වීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදාහරින ලදී. 



අදහස් (0)

ප්‍රමිතියෙන් තොර ‘ලන්ච් ෂීට්‘ සොයා වැටලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site