
(එම්.සුසිල් ප්‍රියන්ත)
වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ කොන්දේසි දෙකට සිය සංගමය කැමති බවද, ජනවාරි වනවිට වැඩි කළ වැටුප නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවද, පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා කීවේය.
ඒ මහතා එසේ කීවේ වතු කම්කරු වැටුප දහස දක්වා වැඩි කිරීම වෙනුවෙන් අද (23 ) ඇල්පිටිය පොරවගම සිය සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාල්ලගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේද කීවේය.
"ඇත්තටම වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කෙරුණේ අය වැයෙන්.අය වැයකින් වතු කම්කරු වැටුපක් වැඩිවූ පලමු අවස්ථාව මෙයයි. එහිදී කිසිම කොන්දේසියක් දැම්මේ නැහැ. වතු හාම්පුතුන් මේ කරන්නේ වතු කම්කරු වැටුප දහස දක්වා වැඩි කිරීම නොදෙන්නයි.අය වැයකින් වැඩි කළ වැටුපකට කාටවත්ම කොන්දේසි දාන්න බැහැ.නමුත් වැඩි කල වැටුප අපිට අවශ්‍යයි. එය ජනවාරියේදී නොදුන්නොත් අපි ඒ වෙනුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නවා.
වතු හාම්පුතුන් ඉල්ලන අමතර තේ දලු කිලෝග්‍රෑම් දෙක නෙළලා දෙන්න අපි කැමතියි. හැබැයි නියම කාර්තුවට තේ පොහොර වතුවලට දැමීමේ එකගතාව මතයි. ඒ වාගේම දින 180ක් අනිවාර්‍යයෙන්ම වතු කම්කරුවන් වැඩ කිරීමේ කොන්දේසියටත් අපි එකගයි. කොහොමත් වතු කම්කරුවන් හැමදාම වැඩට එනවා.ඔවුන් වැඩ කලොත් පමණයිනේ වැටුප ලැබෙන්නේ.
ඒ නිසා අපි වතු ඇමතිට මෙන්ම කම්කරු ඇමතිට කියනවා අපේ වැටුප වැඩි කිරීමට වතු හාම්පුතුන් ඉල්ලන මේ කොන්දේසි දෙකට අපි කැමතයි. ජනවාරි මාසයේ ඉදලා එය ක්‍රියාත්මක කරන්න කියලා. මේක අය වැයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩි කල වැටුපක් .අය වැයෙන් යෝජනා කරන අනෙක් යෝජනා හරියටම ක්‍රියාත්මක කරනවා නම් ඇයි වතු කම්කරුවන්ගේ වැටුප ජනවාරියේ සිට වැඩිකරන්න බැරි.
වතු හාම්පුතුන්ගේ කොන්දේසි දෙකටම අපි කැමතියි. එහෙමනම් වතු හාම්පතුන් එක්ක තව සාකච්ඡා ඕන නැහැ. දැන් තියෙන්නේ වතු කම්කරුවන් වෙනුවෙන් අය වැයෙන් යෝජනා කල මේ වැඩි කල වැටුප ලබලා දෙන එකයි.අපිට දැන ගන්න ලැබුණා මාධ්‍යයෙන් කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියනවා පෙබරවාරි මාර්තු මාසවලදී මේ වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය බොහෝ දුරට විසදනවා කියලා. එතකොට ජනවාරි පෙබරවාරි හා මාර්තු මාසවල වතු කම්කරුවන්ගේ වැටුප යන්නේ කාගේ සාක්කුවටද කියලා අපි එතුමාගෙන් අහනවා. මේ බොරු කතා නැතිව අය වැයෙන් වැඩි කල වතු කම්කරු වැටුප අපිට ලබලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි වැටුප් ඉල්ලන්නේ වැඩ කරලායි. අනෙක් සේවකයින් වගේ වැඩ නොකර නෙමේ" යයි ඒ මහතා අවසාන වශයෙන් කීවේය.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහතරට වතුකම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්
mihira Wednesday, 23 December 2020 06:13 AM
ඇයි දෙනවා කියපුවා... සහන මල්ල එහෙම දුන්නද?
විජේ Wednesday, 23 December 2020 06:25 AM
දවස තිස්සේ නැහෙන මනුස්සයෙක්ට රුපියල් 1000ක පඩියක් දෙන්න බැරිනම් මොකද්ද ඔය අපනයන බෝගයේ ඇති වැඩේ?