IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි-8 ක් මරුට

(පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි)

පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි.

බස් රථයේ සිටි මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුව තිබේ. 

තුවාල ලැබූ මගීන් පස්සර සහ බදුල්ල රෝහල් කරා ගෙනයාමට ප්‍රදේශවාසීහු සහ පොලිසිය එක්ව කටයුතු කරමින් සිටිති.

මේ වනවිට බදුල්ල රෝහලට තුවාලකරුවන් 15දෙනෙකු පමණ ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණ තත්වයක් පැවති බවද, බස් රථය ලොරි රථයකට මාර්ගයේ ඉඩදීමට යාමේදී අනතුර සිදුව ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප සහ වීඩියෝ- ප්‍රසන්න පද්මසිරි)

(පස්සර රෝහල)

(බදුල්ල රෝහල - ප්‍රසාද් රුක්මාල්)



අදහස් (18)

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි-8 ක් මරුට

Sasika Monday, 06 January 2020 01:00 PM

නරක පාලකයෝ පත්වුණාම ස්වභාව ධර්මයත් කම්පා වෙනවලු. අනේ මන්දා හැමදාම මොනවා හරි වෙනවා.

:       4358       2103

DilanMonday, 06 January 2020 01:39 PM

එහෙම නම් හොඳ පාලකයන් ලෝකයේ කොහේවත් නැහැ. මොකද රිය අනතුරු, ස්වභාවික ආපදා නැති රටක් නැහැ...

:       132       673

ThiwMonday, 06 January 2020 01:48 PM

ඕස්ට්‍රේලියාවේ තමයි නරකම පාලකයින් ඉන්නේ නේද?

:       147       727

NuwanTuesday, 07 January 2020 05:36 AM

මේ වගේ අදහස් පතුරවන අයට හොදම උත්තරය ඔබ දුන්නේ

:       0       2

anura UAETuesday, 07 January 2020 11:08 AM

වගකිවයුත්තේ ඉංජිනේරුවන්........... සියලුම බෑවුම් පල්ලම් මීටර 3 වැඩි සෑම ස්ථානයකම ගාඩ් රේල් , එහෙමත් නැතිනම් කොන්ක්‍රීට් බැරියර් ඉදිකිරීම් කළයුතු උනත් ලංකාවේ ඉංජිනේරුවන් තමන්ගේ බල ප්‍රදේශයේ මේවා එක අඩියක් ඉදිකරන්න සැලසුම් වත් කරන්නේ නැහැ. මේ රටවල එහෙම නැහැ. අඩියෙන් අඩිය හෝ ආරක්‍ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.

:       1       1

බන්දුල Monday, 06 January 2020 02:17 PM

මහලොකු විපත් මගක් අපේ රටට මෙයාලා ආපු දවසේ ඉඳන්..

:       772       656

ප්‍රියන්ත Monday, 06 January 2020 02:36 PM

මේ ගතවුණු මාස එක හමාරට මොනතරම් විපත් වුණාද අපේ රටට...

:       962       449

ජයරත්න Monday, 06 January 2020 03:03 PM

ශාපලත් පාලකයින්ගේ කරුමේ ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට...

:       1002       613

Ishan Monday, 06 January 2020 04:01 PM

බස් එකක් පෙරලුණාම ඒකට පාලකයින් වැරදිවෙන්නේ කොහොමද?

:       168       445

RanjithTuesday, 07 January 2020 01:18 AM

බස් එක පෙරලුනාම පාලකයෝ වැරදි වෙන්නේ කොහොමද දන්නේ නැතිද ? හිටපු හැම පාලකයාම ආපු ගමන් බැලුවේ තමන්ටයි තමන්ගේ පවුලේ අයටයි සනීපෙට යන්න, ගන්න කෝටි ගණනක ප්‍රාඩෝ ගැන ... බලන්න මේ බස් එක මොන තරම් පරණද කියලා. මතකද බෙරගලදී අනතුරට ලක් වූන බස් රථය. රියදුරුගේ නුවණැති කම නිසා එදා ජීවිත ගොඩක් බේරුනා. හේතුව පරණ බස් රථයක් වීම... හැබැයි ඇමතියෝ ඉල්ලුවේ ප්‍රාඩෝ ...

:       2       38

Raveendra Monday, 06 January 2020 05:27 PM

අනේ මන්ද මේ අනතුරක් උනාම ඒක කොහෙවත් යන" මුසල දේශපාලුවන්ගේ ගිණුමට නොදමන්න " අපි නුගත් මිනිසුන් හින්දමද කියල...

:       5       13

නීලා Monday, 06 January 2020 10:29 PM

මේකෙ අදහස් දාල තියෙන පණ්ඩිත අය දැක්කම හිතෙනවා මේ වගේ අය නේද ඡන්ද බලෙන් ආණ්ඩු පත් කරන්නෙත් නැති කරන්නෙත් කියලා. බස් එකක් පෙරළුනාමත් රටේ නැත් බයිලා ගහනවා.

:       0       10

ලුම්බිණි Monday, 06 January 2020 11:17 PM

ඉතාම කනගාටුදායකයි.

:       0       5

denin Tuesday, 07 January 2020 12:09 AM

උඩරට ගම්බද ප්‍රදේශවල බොහොමයක් පාරවල් තවමත් තියෙන්නේ එදා කරත්තවලින් තේ කෝපි ගෙන ඒමට සුද්දන් තැනූ තත්වයෙමයි. ඒ නිස මේ පාරවල් බස් දෙකක් කන්ටෙනේර් දෙකක් පහසුවෙන් මාරුවිය හැකි ලෙස වහාම පලල්කල යුතුයි. අධිවේග මාර්ගවලට වඩා මෙයට ප්‍රමුඛත්වයක් දියයුතුයි.

:       0       3

nuwan Tuesday, 07 January 2020 02:58 AM

හෙඩින් එකේ තියෙන්නේ 9 ක් මරුට කියලා .

:       2       0

උපේක්ෂා Tuesday, 07 January 2020 02:58 AM

පාලකයන් ගේ වරද නෙවෙයි.. ලංකා කේන්දරයේ සෙනසුරු ලබලා තියෙන්නේ ඒ නිසයි මේ වගේ විපත් සිදු වන්නේ.

:       9       0

Ishan Tuesday, 07 January 2020 04:07 AM

මියගිය අයට මගේ බලවත් ශෝකය හා පීඩාවට පත් උන අයට ඉක්මන් සුවය පතමි. මේ කදුකර පටු පාරක්. සුන්දර මනරම් මනස්කාන්ත පරිසරයක්. ඉදිරියෙන් එන ලොරියකට පාර ඉඩදීමේදී පහළට පෙරලී ඇත. අවාසනාවන්ත සිදු වීමක්. රියදුරු හා කොන්දොස්තර මහතාගේ නොසැලකිල්ල වෙන්න ඇති. බස් එකේ තත්වයට ඉංජිනේරු කාර්මික අංශය වග කියන්න ඕන. මේ දොර දෙකේ බස් එකක්. දන්න තරමින් හොදට තියෙනවා.

:       0       2

thushaar Tuesday, 07 January 2020 06:06 AM

අපේ මිනිස්සු තවම කොහෙද ඉන්නෙ කියලා උඩ තියෙන පින්තූර දැක්කම හිතා ගන්න අමාරුයි. බහුතරයක් දෙනා ෆෝන් එක උස්ස ගෙන පොටෝ ගන්නවා. තව අය වීඩියෝ කරනවා. කෙනෙක්ගෙ දුකක් වේදනාවක් සමරු සටහන් විදියට තමන් ලග තියාගන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25758 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18153 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 596 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 175 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 837 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site